Wednesday, December 29, 2010

ලකී පොලිසි ගිය හැටි

ලකී ගිය සඳුදා වෙනකම් හිතාගෙන හිටියෙ පොලිසියක පස් පාගන්නෙ නැති වෙන්න ජීවත් වෙනව කියලයි.ඒත් ඉතින් මක් කරන්නද? දෛවය තමයි. ගිය සඳුදා දවල් වරුවම ගතකළේ පොලිසියේ. මෙහෙම දෙයක් සිද්ධ වෙන්න හේතුවුණේ මොකක් කියලද හිතන්නේ? මෙන්න මේක සාවධානව කියවන්නකෝ.

අපි පා ගමනක් ලෑස්ති කළා. නෑ! නෑ! විරෝධතා පා ගමනක් නෙවෙයි.පොඩි අහිංසක වැඩක්. 28 වෙනි අඟහරුවාදා BRC පිටියේ පවත්වපු අපේ ක්‍රීඩා උත්සවයේ සමාරම්භය වෙනුවෙන් කරපු මේ වැඩේට 100-200 වගේ පිරිසක් සහභාගි වෙන නිසා ඉටින් පොලිසියෙන් අවසර ගන්න ඕන නේ.සමරු කලාපය වෙනුවෙන් කකුල් ගෙවෙනකන් ඇවිදල ඇවිදල ඒක යන්තම් ඉවර වුණා විතරයි. ස්වකැමැත්තෙන් ඉල්ලන් කෑවෙ නැත්ද හොඳවයින් කටුවක්?

පොලිසියෙන් අවසර ගන්න ලියුම ටයිප් කරල ඉවරවෙල මම ඒකේ කොපියකුත් අරන් ගෙදර ගියේ හවස් වුනු හින්දා.ආයතනයෙන් ලියුම බම්බලපිටිය පොලිසියට භර දුන්න කියල ආරංචිය ලැබුනු නිසා මාත් ඉතින් වැඩේ හරි කියල සැනසිල්ලෙන් හිටියා කියමුකෝ. සඳුදා උදේ මෙන්න කියනවා නාගරික රථවාහන කොට්ඨාශයේ පොලිස් අධිකාරී තුමාට ලියුම දෙන්නලු. එක්ක යන්න කවුරුත් ඇත්තෙත් නෑ. ඒ මදිවට පන්තියට සාමාන්‍යයෙන් ඇඳගෙන යන ටී ෂර්ට් එකයි කලිසමයි පිටින් මේ වගේ වැඩකට යන්න පුලුවන්ද? ඒත් ඉතින් පහුවදා තියෙන උත්සවේ අල වෙන්න දෙන්න බෑනේ. වෙන දෙයක් වෙද්දෙන් කියල නැග්ග පානදුර- පිටකොටුව බස් එකක. බැස්සා ලංකා බැංකු නගර කාර්යාලය ළඟින්.නගර කාර්යාලයෙන් අඳුරන මූනක් එලියට ආවොත් ඉතින් තනියෙන් එහෙ මෙහෙ යනව කියලා කෙලින්ම ගෙදරට ආරංචිය යන බව දන්න නිසා ඉක්මනට ඒ හරියෙන් පැනගෙන පොලිස් මූලස්ථානයට ගියා.

ඔන්න ඉතින් ගියාම තමයි දන්නේ මේ කියල තියෙන්නේ පොලිස් මූලස්ථානේ නෙවේ රථ වාහන මූලස්ථානෙ කියලා. පොලිස් මූලස්ථාන නිලධාරීන් හරිම සුහදශීලී පිරිසක්.ඔවුන් ඉතාම සැලකිල්ලෙන් යුතුව නිවැරදි පාර පවා කියා දුන්නා.කොටින්ම කියනවනම් ඇතුල් වෙන තැන ඉන්න නිලධාරියා පවා ඉතාම සැලකිල්ලෙන් මගේ වැඩේ හරිගියාද අහලා විස්තරය කිව්වම 103 බස් එක හරවන තැනත් පෙන්නල දුන්නා. ඒ අතරෙ වැඩිදුර රස්තියාදුව වලක්වාගන්න මම අපේ මාමාට කතා කළා. රාජකාරිය අතරෙ වුණත් මාමා ඉක්මනට රථවාහන අංශයට කතා කරල පොලිස් අධිකාරීතුමා සීට් එකේ ඉන්න බව කියලා ඉක්මනට යන්න කිව්ව.මමත් කියපු විදිහටම 103 බස් එක ඕල්කොට් මාවතෙන් මිහිඳු මාවතට හරවපු ගමන් එන පළමුවෙනි නැවතුමේ බසයෙන් බැහැල රථ වාහන මූලස්ථානයට ගියා.

මූලස්ථායෙදි මම මුණගැහුණු පොලිස් අධිකාරී චූලා ඩි සිල්වා මහතාත් ඉතාම සුහදශීලී පොලිස් නිලධාරීවරයෙක්. බොරු පාට් මුකුත් නෑ. සාවධානව කන්දුන්නා. එතුමා කිව්ව බම්බලපිටිය පොලිසියෙන් ලිපියක් දෙන්න කියලා. ඒ කියන්නෙ මේ පා ගමනට විරුද්ධත්වයක් නෑ කියල.

ඒපාර මම නැවතත් ආයතනයට කතා කරල ලියුම ගේන්න කිව්ව කියමුකෝ. ස්ථානාධිපතිතුමා නැතුව ලියුම දෙන්න බෑ කියලා.මම නැවතත් අපේ මාමාට කතා කරගෙනම බම්බලපිටිය පොලිසියට ගියේ ප්‍රශ්නයක් වුණොත් කියලා. ඒත් බම්බලපිටිය පොලිසියෙ හිටපු වැඩ බලන ස්ථානාධිපතිතුමා (නීල් ගුණසේකර ) මහත්මයත් ඉතාම කාරුණික නියම පොලිස් නිලධාරී මහත්මයෙක්. එතුමා සියළුම ප්‍රශ්න ටික ලස්සනට නිරාකරණය කළා.
ඒ වගේම තමයි ඉතින් අපේ මාමාගේ යාළුවා ප්‍රිශාන් සිල්වා මහත්මයත්(බම්බලපිටිය රථවාහන අංශයේ ස්ථානාධිපතිතුමා.) ලොකු හයියක් වුණා.

මට පුදුමාකාර සතුටක් දැනුනා. සියලුම නිලධාරීන් මේ වගේ නම් කිසිම දැන හැඳුනුම් කමක් නැතිව උනත් ලංකාවේ පොලිස් ස්ථානයකට යන එක ප්‍රසන්න අත්දැකීමක් වෙනවා නොඅනුමානයි. (මේ කියන්නෙ වැරදිකරුවන්ට නෙවේ.)

මේ ලිපිය එම සියලුම නිලධාරීන් හට මල් මිටක් වේවා!

පොලිස් සේවය ගැන මා මෙන්ම අඩු දැනීමක් ඇතිව පසුවන අය සඳහා ඉදිරියේදී සවිස්තරාත්මක ලිපි පෙළක් බලාපොරොත්තුවන්න!

6 comments:

  1. මෙහෙම සිද්ධියක මම දැනන් උන්නේ නෑ නොවැ.

    මොනවා උනත් ඉතිං පොලීසියේ ඉන්නෙත් මිනිස්සුනේ නේද? පොලීසියේ ඉන්න සුළුතරයක් වෙන නරක නිලධාරීන් නිසා බහුතරක් වෙච්ච හොඳ නිලධාරීන්ටත් මිනිස්සු බණිනවා. පොලීසියේ විතරක්යැ කොහෙත් එහෙමනේ ඉතිං.

    (අනේ Word Verification අයින් කරන්නකෝ)

    ReplyDelete
  2. hama police yema ehema na.....ape police ye mahattharu tika inne........!!!!! kiyanna one na ne.... wadak karaganna wadinna one....


    nice work akka.....appreciate it

    ReplyDelete
  3. මට හිතෙනව ඔබ ගිහින් තියෙන්නෙ ලංකාවෙ පොලිසියකටමද කියල. කෙනෙක් දෙන්නෙක් කරන වැරදි නිසා මුළු දෙපාර්තමෙන්තුවම සවුත්තු වෙනව.

    ReplyDelete
  4. @ Wasanthalal ඇත්තටම මටත් මුලින්ම පුදුම හිතුනේ ඒක තමයි. සමහර නිලධාරීන් කුණු ළුුණු වගේ. මුළු ලූණු ගොඩම ගඳ ගස්සනවා.

    ReplyDelete
  5. Ammo bayath hithenawa.

    ReplyDelete
  6. පොලිසිය ලංකාවේ හොඳ පොලිසිය ජනතාවගේ හිත දිනාගත්තු :))

    ReplyDelete