Monday, March 7, 2011

කඩා වැටෙන තරුව හෙවත් ප්‍රාර්ථනා ඉෂ්ට කර ගැනීමේ නොවරදින ක්‍රමවේදය




අපි හැමෝටම කොච්චර ප්‍රාර්ථනා තියෙනවද? කවදාවත් හිතල තියෙනවද ඒව ඉෂ්ට වෙන්න මෙච්චර ලේසි විදිහක් තියෙනව කියල. මේක ඔයාල හැමෝම පොත්වලින් කියවල චිත්‍රපටි වලින් දැකල තියෙන විදිහක්. ඒත් මේක සුරංගනා කතාවලට අයිති එකක් කියලනේ මෙච්චර දවසක් හිතුවේ.
ඒ විදිහ තමයි කඩා වැටෙන තරුවක් එහෙමත් නැත්තම් උල්කාපාතයක් දිහා බලාගෙන ඔයාලගේ ප්‍රාර්ථනාව කරන එක.

ඒක සිද්ධ වෙන්නේ බොහොම තර්කානුකූල ක්‍රමවේදයකට අනුව.ඒ මෙන්න මෙහෙමයි. කඩාගෙන වැටෙන තරුවක එළිය පවතින්නේ කොච්චර ටික වෙලාවද? ඇහිපිය ගහන්නත් කලින් ඒක නිවිල යනවනේ. ඒ තරම් ටික කාලයක් ඇතුලත අපෙ මනසට එන්න නම් ඒ ප්‍රාර්ථනාව අපේ හදවතේ හැමවෙලාවෙම තදින්ම තියෙන ප්‍රාර්ථනාවක් වෙන්න ඕනනේ. ඒ වගේ මොහොතකත් අපේ හදවතට එන ප්‍රාර්ථනාව තමයි අපේ ජීවිතයේ ප්‍රධානම අරමුණ, අපි ඇත්තටම හොයාගෙන යන දේ. එහෙම ප්‍රාර්ථනාවක් තියෙනවද කියලා කඩා වැටෙන තරුවක් දිහා බලලා හොයාගන්නකෝ.
එහෙම තියෙන බව තේරුනු දාට කිසිමදේකට බයවෙන්න එපා. ඒ වගේ ප්‍රාර්ථනාවක් අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙනවාමයි.

මොකද හිතන්නේ?

5 comments:

  1. Pattai aluth widiyakata e dihaath balala maxxa ahr keep it up...

    ReplyDelete
  2. ඉතින් ඒ තරම් ප්‍රබල ප්‍රාර්ථනාවක් තියනවානම් ඒ කෙනා ඒක සඵල කරගන්න කොහොම හරි උත්සාහ කරයි නේද? එච්චරම තදින් හිතේ තියන ප්‍රාර්ථනාවකට තරුවක් වැටෙනකම් බලන් ඉන්න ඕනේ වෙන එකක් නෑ :)

    ReplyDelete
  3. ලස්සන අදහසක් ලකී.......
    අහසින් තරුවක් කඩා වැටී..
    තරුව කතා නැහැ
    අහසයි වැලපෙන්නේ ....

    ReplyDelete
  4. ඹව්.....අර විදියට කලොත් ඉතින් තරැ වැටෙනකන්ම ඉන්න වෙනවා...

    ReplyDelete
  5. ඔන්න ඇපලෝ(Apollo) මල්ලිත් ෆොල්ලොව් පාරක් දැම්මා...පට්ටයි පොස්ට් 1 නම්...කලින් මම කමෙන්ට් කලා එත් එක ගියාද කියල sure නැ...

    ReplyDelete