Saturday, November 26, 2011

ඔබ "ආදරය කරන කෙනෙක්" සහ "ඔබ ප්‍රිය කරන කෙනෙක්" අතර වෙනස


මේක මූණු පොත හරහා මම දැකපු දෙයක්.බොහෝ දෙනෙක් මේක කියවලා ඇති කියලා හිතුණත් මේ කරුණුවල සත්‍යතාව ගැන කිසිම සැකයක් නැති නිසා වගේම පළමු කියවීමෙන්ම මගේ සිත ආකර්ශණය කළ මේ ලිපිය නොදුටු අයත් ඉන්න පුළුවන් නිසා මේක ලියන්න හිතුනා.



ඔබ "ආදරය කරන කෙනෙක්" සහ "ඔබ ප්‍රිය කරන කෙනෙක්" අතර වෙනස.


  • ඔබ ආදරය කරන කෙනා ඉදිරියේදී ඔබේ හදවත වේගයෙන් ගැහෙන බව ඔබට දැනෙනු ඇත.නමුත් ඔබ ප්‍රිය කරන කෙනෙකු ඉදිරියේ ඔබට දැනෙන්නේ සතුටකි.


  • ඔබ ආදරය කරන පුද්ගලයා ඉදිරියේදී ඔබට ශීත ඍතුව වසන්තයක් මෙන් දැනෙනු ඇත. නමුත් ඔබ ප්‍රිය කරන පුද්ගලයෙකු ඉදිරියේදී ශීත ඍතුව සුන්දර ශීත ඍතුවක් සේ දැනෙනු ඇත


  • ඔබ ආදරය කරන පුද්ගලයාගේ දෙනෙත දෙස බැලීම අසීරුය.නෙත් හමුවූ විට ඔබේ කොපුල් රත් පැහැ ගැන්වෙනු ඇත. එහෙත් ඔබ ප්‍රිය කරන පුද්ගලෙකුගේ දෙනෙත දෙස කෙලින්ම බලා සිනාවීමට ඔබට හැකිය.


  • ඔබ ආදරය කරන පුද්ගලයා ඉදිරියේදී ඔබේ මනසේ ඇති සියළු දේ පැවසීමට නොහැකි නමුත් ඔබ ප්‍රිය කරන පුද්ගලයා ඉදිරියේදී ඕනෑම දෙයක් කීමට ඔබට හැකිය.


  • ඔබ ආදරය කරන පුද්ගලයා ඉදිරියේ ඔබ ලජ්ජා වන නමුත් ඔබ ප්‍රිය කරන පුද්ගලයා ඉදිරියේ ඔබට ඔබම විය හැකිය.


  • ඔබ ආදරය කරන පුද්ගලයා හඬන විට ඔබත් ඒ සමඟම හඬනු ඇත. එහෙත් ඔබ ප්‍රිය කරන පුද්ගලයා හඬන විට ඔබ සනසමින් ළඟ රැඳෙනු ඇත.


  • ඔබ ප්‍රිය කරන පුද්ගලයෙක් සමඟ අමනාප වූ විට දෙකන් වසා ගැනීම සෑහෙන නමුත් ඔබගේ ආදරය බිඳුණු විට දෙනෙත් වසාගත්තද ඔබේ හදවතෙහි කඳුළක් නිදන්ව තිබෙනු ඇත.

11 comments:

  1. //නමුත් ඔබගේ ආදරය බිඳුණු විට දෙනෙත් වසාගත්තද ඔබේ හදවතෙහි කඳුළක් නිදන්ව තිබෙනු ඇත//
    මේ ගෑනනම් කියනු කවරේද ලකී අය්යා..
    කඳුලනම් ඉතිරි වෙන්නේ හෑමදාම අවංකව ආදරේ කරන එක්කෙනාට.
    බොහොම ස්තූතියි අපත් සමග මේ සිතුවිලි බෙදාගත්තට..

    ReplyDelete
  2. 1 සහ 4 නම් හරියටම හරි

    ReplyDelete
  3. 3,4 දෙක නම් හොඳටම හරි වගේ,. :)

    ReplyDelete
  4. අත් දෙකම ඔසවා මනාප දෙකක් පළ කරමි :))

    ReplyDelete
  5. මේ සේරම හරිවගෙ ඒත් මොකක් හරි අඩුවක් තියනවා ...

    ReplyDelete
  6. ලොකු ජෝනා සමග එකඟයි

    ReplyDelete
  7. හ්ම්ම්.... ලොකු ජෝන් හා ඔබා මාමා වගේ අත්දැකීම් බහුල ලොකු මිනිස්සුයැ අපි? අඩුව මොකැයි කියන්න බැරියැ? මට නම් මේ ඔක්කොම ඇත්ත.
    අහ් ඊට අමතරව "ඔබ ප්‍රිය කරන පුද්ගලයා සෙනඟ ගොඩක් අතරින් අහම්බෙන් මතුවීම ඔබට ප්‍රීතිය උපදවයි.එහෙත් ඔබ ආදරය කරන පුද්ගලයා සෙනඟ ගොඩක සෑම මිනිසෙකු පාසාම දකින්නට හැකිය" වගේ එකක් මොකද?
    කිව්වට මොකෝ මට නම් එහෙම වෙලා තියෙනවා. ;)

    ReplyDelete
  8. මොකක් හරි පඬි වදනක් දෙන්න බැලුවේ,
    කෑදරේ මිසක් ඉතින් ආදරේ කොරල තියෙන් එක්කයෑ, මේ වේලාවේ හිත හිස්, ඉතින් හිස් තැනක් තිබ්බ...............

    ReplyDelete
  9. lucky ayya film banna nam mehetama enna

    www.cinelanka.net

    ReplyDelete
  10. අපි කෙනෙක්ව ප්‍රියකරන්නේ බුද්ධියෙන් හිතලා බලලා. ඒ උනාට ආදරය එහෙම බ්‍රේක් ගහලා නවත්තගන්න බෑ. ඒක එන්නේ පපුවෙන්ම.
    සිතිවිලි බෙදා හදා ගත්තාට ලකීට ස්තුතියි.

    ReplyDelete
  11. ජීවිතය පුරාවටම අපේ ආදරය ගලාගෙන යනවා, ලියපු දේවල් ඔක්කොම හරි කියල හිතෙනවා. ටිකක් romantic විදිහට ලියන්න.

    ReplyDelete