Saturday, February 18, 2012

ඉටි නැතිව ලියමු! ඔන්න ඔහොමයි කතාව හැදුනේ!- 1


අපි හුඟක් දෙනෙක් ලිපි යවන කොට පාවිච්චිකරන වචනයක් නෙ Sincere කියන එක. ඔන්න ඊළඟ දවසේ මේක ලියන කොට මතක තියාගන්න ඒ අපි ලියන්නෙ අපේ ලියුමෙ ඉටි ගෑවිලා නෑ කියන එක කියලා! :)
ඇත්තටම විශ්වාසී, අවංක වගේ තේරුමක් දෙන මේ වචනය ලතින් භාෂාවෙන් ව්‍යුත්පන්න වුණු වචනයක් කියලා තමයි සැලකෙන්නේ. ලතින් වලින් “sine” කියන්නේ "නොමැති" කියන එක.“cera” කියන්නේ ඉටි වලට,
ඉස්සර කාලේ (ඒ කිව්වේ දහසය වන ශතවර්ෂය තරම් කාලේ මූර්ති නිර්මාණ කරුවො තමන්ගේ නිර්මාණවල පළුදු වහන්න ඉටි භාවිතා කරල තියෙනවා. ඉතින් ඉටි නැති නිර්මාණයක් කියන්නේ තත්වයෙන් උසස් පිරිසිඳු නිර්මාණයකට. එහෙම නිර්මාණවල අර ලතින් වචන දෙක ලියලා නිර්මාණශිල්පියාගේ මුල් අකුරු යොදලා අත්සනක් දාන්න පුරුදුවෙලා ඉඳලා තියෙනවා. මේ පුරුද්ද නිසා බිහිවුණු "Sincere" කියන වචනේ අපි අද ලියුම් වල භාවිතා කරන්නේ අවංකත්වය හඟවන්න.
ඔන්න ඔහොමයි කතාව හැදුනේ!

13 comments:

  1. හ්ම්.. කවදාවත් හිතුවෙ නෑනේ මේ වගේ දෙයක් කියලා ඒකෙන් කියවෙන්නේ.. හී හී..

    ReplyDelete
  2. අදමයි මෙහෙම කතාවක් ඇහුවේ..... :)
    බොහොම ස්තුතියි දැනුවත් කිරීමට

    ReplyDelete
  3. ගොඩක් ස්තූතියි. මේ ගැන කලින් දැනං හිටියෙ නෑ.

    ReplyDelete
  4. වටින කථාවක් ඇහුනෙ. බොහෝම ස්තුතියි.

    ReplyDelete
  5. මාත් අදමයි ඒ කතාව ඇහුවෙ.... නියමයි නියමයි. තවත් මේ වගේ දේ ලියන්න හුඟක් වැදගත්

    ReplyDelete
  6. මේ කථාවනම් මටත් අලුත්. බොහොම ස්තූතියි,.

    ReplyDelete
  7. ඇත්තටම වටින කතාවක් ... ස්තුතියි! දැං කාලෙ නම් ලියන්න වෙන්නෙ Notipex කියලා ..

    ReplyDelete
  8. අඩේ අදමයි ඔය සීන් එක දන්නේ !!!
    මාත් රාජකාරි ලියුම් ලියනකොට ඕක දාලා තියෙනවා. ඒත් අකුරු තමා මතක හිටින්නේ නැත්තේ !!

    ReplyDelete
  9. අයියෝ ඇත්තද.... අදනෙ අප්පා දන්නෙ.... :D

    ReplyDelete
  10. අද තමයි නෙත ගැටුනේ බ්ලොග් එක පලවෙනි පාරට!හරවත් යමක් තියන වග පේනවා!දිගටම එන්න බලන්නම්!

    ReplyDelete
  11. මම ආවෙ ගාමිණීගෙ විජිතයෙ ලින්ක් එකෙන්. ෂා මම මේ කතාව අහලම නෑ අනිත් අය වගේම. ඉතුරු පෝස්ට් ටිකත් බලන්න හිතාගත්තා.

    henryblogwalker the Dude

    ReplyDelete
  12. ඒකෙන් නිර්මාන ශිල්පියා කරලා තියෙන්නෙත් තමන්ගෙ අවංකබව පෙන්නපු එකනේ. නියම කතාව මේක නම්

    ReplyDelete