Thursday, November 1, 2012

සල්ලි....?( අවාසනාවට ඇත්ත කතාවක්...) - සත්‍ය සිදුවීමකි

මේක ටිකක් පරණ කතාවක්. මේක මූණු පොතේ නෝට් එකක් විදිහට දාලා තිබුණත් බ්ලොග් එකේ දාලා තිබුණේ නෑ. හේතුවක් මතක් කරගන්නත් බෑ. කොහොම හරි සෑහෙන කාලෙකින් බ්‍රහස්පතින්දා හවස විවේකයක් ලැබුණු නිසා මේ සටහන බ්ලොග් එකට දාන්න හිතුවා.

කාලෙකට පස්සෙ ආපහු පුරුදු තැනට.... අම්මෝ දැනෙන සනීපෙ... විවේකාගාරෙ ඇතුලෙ එන මී ගඳත් සුවඳයි වගේ. සතියක්ම ගෙදර ඉන්නකොට තමයි වැඩ කිරීමේ වටිනාකම තේරුණේ.උදේ පාන්දරම කාලෙකින් මුණගැහුණු යාළුවොත් එක්ක පාතරාසයට වගකියන්න හදනකොටම....
ටොක් ටොක් ටොක්.... ග්‍රැෆික් චාමර මල්ලි කතා කරනවා...
 "මේ කවුද බිට් එක ගැන අහන්න ඇවිල්ලා..."
මාත් ඉතින් ඔලුව දාලා බැලුවා.. කාන්තාවක්...
"පොඩ්ඩක් ඉන්න"..
ටක් ගාල අතහෝදගෙන වැඩකරු වගේ ගියේ හරියට බිට් එකෙ අයිතිකාරයා මම වගේ. කෝ මේ දමින්ද සර් නෑ නෙ තාම ඇවිල්ලා. අපිම යන්න ඕනෙ.
"බිට් එකට රෙජිස්ටර් වෙන්න...?"
"අහ් එන්න, මම කියාදෙන්නම්..."
හරි හොඳයි. උදේ කරන්න පන්තියකුත් නැති එකෙ. වෙබ් අඩවියට ගිහිල්ල සම්පූර්ණ ක්‍රියාකාරීත්වය පහදලා දීලා, ඔක්කොම අමතර විස්තර කියලා දීලා, විස්තර පත්‍රිකාව බාගත කිරීමෙන් නොනැවතී පුරවලත් දීලා තව ඊ මේල් ලිපිනයක් හදන හැටිත් කියාදීලා... හරි ශෝක්.
මොකක්ද පොඩි අවුලක් වෙලා පුරවපු පත්‍රිකාවෙ පිටපතක් ගන්න බැරිවුණා කියමුකො. "කමක් නෑ. හවස දොළහමාරෙන් ඉස්සෙල්ල එන්නකො.ඊට පස්සෙ මට පන්තියක්"අන්තිමට මෙයා ගිහින් ටික වෙලාවකින් මට පිටපතක් ගන්න පුළුවන් වුනා
.මේ මනුස්සයගේ පන්තිය තිබුනෙ පාරෙන් එහා පැත්තේ බිල්ඩින් තුනෙන් එකක.ඉතින් මොකටද මේ මනුස්සයව රස්තියාදු කරන්නෙ කියලා මම ඒ පැත්තට යනකොට පන්තියටම මේ අයදුම් පත්‍රයයි, බැංකුවට ගෙවන්න තියෙන ගෙවීම් පත්‍රිකායි අරගෙන ගියා.
ඔක්කොම ටික පැහැදිලිව විස්තර කරලා.ආයි ආයිත් විස්තර කරලා යන්න හැරුණා...
"කොහොමද එතකොට චාර්ජර්ස්?"
ඇයි හත්වලාමේ මෙච්චර වෙලා විස්තර කලේ....
"ඔය බෑන්ක් ස්ලිප් හතරම පුරවලා...."
"නෑ ඔයාගෙ චාර්ජර්ස්?..."
.
.
.
.
 මට දැනුණු හැඟීම කියන්න වචන නෑ..."ආණ්ඩුවෙ කන්තෝරුවකද වැඩ කළේ?.." අහන්න කටට ඇවිල්ලත් බොහොම අමාරුවෙන් නවත්තගෙන කාරුණිකව පැහැදිලි කිරීමක් කළේ, මේ ප්‍රශ්නය පිටිපස්සෙ සමාජ ඛේදවාචකයක් තියෙනවා කියලා මතක් වෙච්ච නිසා.එයාට එයාගැන ලැජ්ජා හිතුණා... මට අපි හැමෝම ගැන දුක හිතුණා....

11 comments:

  1. මොකක්ද මේ බිට් එක ...

    ReplyDelete
    Replies
    1. Bachelor of Information Technology (External) – BIT @ UCSC:
      http://bit.lk/

      Delete
  2. හැමතැනම හැම දෙයක්ම වෙන්නෙ අල්ලස උඩ. කීයක් හරි අතමිට මෙලෙව්වේ නැත්තම් වැඩේ කරගන්න බෑ කියන මානසීක මට්ටම හැම පුද්ගලයෙකුටම ඇතිවෙලා...කාට කියන්නද ඉතින්...ඔහොම දේවල් අනත්තවත් වෙන රටේනෙ අපිත් ජීවත් වෙන්නේ...ඔහොම ඇහුවට පුදුමයකුත් නෑ

    ReplyDelete
  3. සහතික ඇත්ත කතාවක් ලකී. එයාගේ කතාවෙන් අපේ රටේ තත්ත්වය හොඳටම පැහැදිලි වෙනවා. ඒ වගේම තමයි අවන්කකමට, මනුස්සකමට තව කෙනෙකුට උදවු කරන්න හැදුවම නෑ එපා කියන අයත් ඉන්නවා. (මාත් එහෙම කියලා තියෙනවා) ඒ වෙන්නෙත් කරන උදවුවට මිලක් නියම කරාවි කියන බයටම තමයි.

    ReplyDelete
  4. මමත් බැලුවේ බිට් කියන්නෙ මොකක්ද කියලා. අර කමෙන්ට් එක දැක්කාමයි තේරුනේ. පුදුමයක් නෑනෙ ලකී. කාපුවාටත් බිල ගෙවලා වේටරයට ටිප් එකක් දෙන්න ඕනෙ නම්, වාහනේ සර්විස් කලාම බිලත් ගෙවලා කරපු එකාටත් කීයක් හරි අත මිට මොලවන්න ඕනෙ නම්, මේවා කරන්නෙ තමන්ගෙ රාජකාරිය කලාට නම් ඉතින් තව වෙන මොනවද?

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  5. චාග් ලකී, කියන්න තිබුනනේ මම සල්ලි නම් ගන්නේ නැහැ. ඕනනම් ගල් බෝතලයක් නම් ඔතල ගෙනත් දෙන්න කියල. :D මා නම් පුදුම වෙන්නේ නැහැ. ඒ කාන්තාව එහෙම අහන්න ඇත්තේ විනීත කමට. ලෝකේ හැම තැනම ඉන්නේ කාක්කෝ වැඩිපුර. මිනිසුන් අඩුයි!

    ReplyDelete
  6. ගේක ප්ලෑනක් පාස් කරන්න ගියත් හැම පාරම ඒක පාස් කරන්නේ නැතිලු. මොකක් හරි වැරැද්දක් පෙන්නනවාලු. තව පාරක් ප්ලෑන අරගෙන ගියාම එක එක ප්‍රශ්න ගොඩක්ලු.

    ඒ ගමන් ප්ලෑනේ කාණුවක් තිබුණු තැනක් පෙන්නලා ඇහුවලු මේ මොකක්ද කියලා. ඒ වෙලාවේ මනුස්සයා කිව්වලු. සර් මේ ජරා පාරක් කියලා කියද්දීම. කලින් ඕක කියන්න එපැයි. 5000 ක් [මතකෙට ආපු ගාණක් මේ] දෙන්න කියලා ප්ලෑන පාස් කලාලු :D

    ReplyDelete
  7. ලකී අයියේ මටත් BIT ගැන දැන ගන්න පුලුවන්ද.. පුලවන්නම් mr.sithi@gmail.com මේලක් දානවද..

    ReplyDelete
  8. හැමතැනම අල්ලස රජ වෙලා. ඒ නිසා අවන්කව වැඩ කරන කෙනා දිහත් මිනිස්සු බලන්නෙ සැකෙන්. ඒ වුනාට ඔය එහෙම වෙන්න එපා. ඒ උතුම් ගුනේ දිගටම පවත්වගෙන යන්න.

    ReplyDelete
  9. මෙහෙම අහන්න වෙලා තියෙන්නේ අපේ රටේ මිනිස්සුන්ගේම වැඩ නිසා මහත්මයා. හුඟාක් අය ඕවා බලාපොරොත්තුවෙනවා. ඔබ තුමා එහෙම නැතුවට. වඩා උනන්දුවකින් වඩා හොඳින් ඒ වැඩේ කරලා දුන්න නිසා ඒ තැනැත්තිය එහෙම හිතන්න ඇති.

    ReplyDelete