Thursday, January 31, 2013

පර්සිගේ ඇඟිල්ල - උපදේශාත්මක කතා පිංච


කාලෙකින් බ්ලොග් එක පැත්තෙ එන්න හිතුවා. පාළුවට ඇරලත් බෑනෙ බොලේ. ඒත් ඉතින් ලකී ඔහෙ තමන්ගෙ පාඩුවෙ ඉන්න කැමති හොඳ ළමයෙක් නිසා ඔය රයිගම ලා වගේ බර සාර මාතෘකා ගැන කතා කරන්න දන්නෙත් නෑ. ඒ වෙනුවට මම තීරණය කළා බාල තරුණ මහළු කාටත් එක වගේ වැදගත් වන උපදේශ කතාවක් ගේන්න. මේ ටිකේම මම බලපු චිත්‍රපටිවල තිබුණා වාක්‍යයක්. ඉතින් මාත් හිතුවා මම ලියන කතාවටත් එහෙම දැම්මොත් ටිකක් ගතියක් එයි කියලා.
ඔන්න එහෙනං කතාව පටන්ගන්නයි යන්නෙ!
(මෙහි එන සියළු චරිත පරිකල්පනයෙන් ප්‍රබන්ධිත ඒවා වන අතර, සුජීවත් හෝ මියගිය යම් පුද්ගලයෙකුට සමාන කමක් දක්වයි නම් එය සපුරා අහඹු සිදුවීමක් බව කරුණාවෙන් සලකන්න.)
ඔන්න එකමත් එක රටක එකමත් එක පාසැලක ප්‍රධාන ශිෂ්‍ය නායක වුණේ පර්සි කියලා ලමයෙක්. පර්සි කොහොමත් චන්ඩියෙක් බව දන්න නිසාදෝ කවුරුත් පොඩ්ඩක් පරිස්සමෙන් තමයි වැඩ කළේ. මොනවා කළත් විදුහල්පති හාමුදුරුවො පර්සිට හොඳ චරිත සහතිකයකුත් දීලා තිබුණෙ. බුද්ධාගම විෂයටත් පර්සිට ලකුණු හොඳට තිබුණා. පර්සි හරිම වාසනාවන්ත දරුවෙක්. එයාගෙ අයියලා මල්ලිලා ඔක්කොම එයාට හරියට උදව් කරනවා. ඒ විතරක්යැ, ඉස්කෝලෙ හිටිය සංගීතෙට, නාට්‍ය වලට, ක්‍රීඩාවලට දක්ෂ කට්ටිය එහෙමත් හරියට පර්සිට ආදරෙයි. කලින් වතාවක් ප්‍රධාන ශිෂ්‍ය නායක වෙලා ඉඳලා ව/ල මධ්‍ය මහා විද්‍යාලෙට ගිය රිචඩ් අයියත් එක්ක තරහ කට්ටියටත් පර්සිට වඩා හොඳ කෙනෙක් හිටියෙම නෑ. ඒ විතරක් නෙවෙයි මෙච්චර කාලෙකට හැම එකාටම කොකම් කර කර හිටිය සූරියසේකර ට හොම්බ රිවට් වෙන්නම ගහපු නිසාත් තව කට්ටියක් සද්ද නැතුව හිටියා. අඩුම ගානෙ පර්සි ඒ ගොල්ලන්ගෙ කෑම පෙට්ටි වලින් කෑම අරන් කෑවත් මුකුත් කිව්වෙ නෑ.
හැබැයි පර්සිටත් ඉතින් ප්‍රශ්න නැතුවම නෙවෙයි. මේ ළඟදි ඉඳන් පර්සිට තේරුණා ශිෂ්‍ය නායක මණ්ඩලේ විනය මණ්ඩලේ ප්‍රධානියා එන පොට හොඳ නැති බව. තමන්ගෙම යෝජනාවෙන් පත්වෙච්ච ශ්‍රියාණි මෙහෙම දෙයක් කරයි කියලා හීනෙන් වත් නොහිතපු පර්සිට හීන් දාඩිය දැම්මෙ, තමන්ගේ ප්‍රධාන ශිෂ්‍ය නායක කමටත් ලොකු තර්ජනයක් තියෙන බව දැනුණු නිසාමයි. අන්තිමේ පර්සි තමන්ගේ හිතවත් කට්ටියට කතා කරලා මේ ගැන කිව්වා. වටු වැද්දගෙ දැළ ඔසවාගෙන ගිය වටුවො ටික වගේ එකමුතුව වැඩ කරලා ශ්‍රියාණිව එළවලා දාන්න  කතිකා කරගත්තා. කතිකා කරගත්ත හැටියටම කෙරුණා කියමුකො.දැන් ඔන්න පර්සිට ආරංචි වෙනවා කට්ටිය තැන තැන කසු කුසු ගානවා. සමහරු නම් පර්සිගේ මූණටමත් මේ ගැන කිව්වා. දැන් තත්වෙ ටිකක් උණුසුම්. දවසක් විද්‍යා පන්ති කාමරේදි මේ ගැන කතාවක් ඇදිලා ආවා. විද්‍යාව ගුරුතුමා මේ ප්‍රශ්නෙ දිහා හොඳ විමසිල්ලෙනුයි හිටියෙ. පන්තියෙ රණ්ඩුවකට සැරසෙන බව දැන ගත්ත ගුරුතුමා පර්සිව පන්තිය ඉස්සරහට කැඳෙව්වා. අනිත් අයත් දැන් කට ඇරගෙන බලාගෙන ඉන්නවා.
පන්තියෙ බිත්තියෙ ලොකු හිලක් තිබුණා. ගුරුතුමා පර්සිගෙ  ඇඟිල්ල අතින් අල්ලලා හයියෙන් අර හිල දිහාට තල්ලු කළා. පර්සිත් සද්ද නැතුව හිටියා. ගුරුතුමා හිල ළඟදි ළමයින්ගෙන් අහනවා " මේ යන වේගෙන්ම ගියා නම් ඇඟිල්ලට මොනවා වෙයිද? " කියලා. "මුකුත් වෙන්නෑ සර්, ඇඟිල්ල හිල ඇතුලට යනවා" ළමයි කිව්ව.
ඊළඟට ආයිමත් පර්සිගෙ අතින් ඇදලා ගත්ත ගුරුතුමා අර වේගෙන්ම කිසිම පළුද්දක් නැති බිත්තිය පැත්තට ඇඟිල්ල අරන් ගියා. බය වෙච්ච පර්සි ඇඟිල්ල ඇදල ගත්තා. "මොකද පර්සි?" ගුරුතුමා පුදුමෙන් වගෙ ඇහුවා. "සර්ත් මාර කතාවක් නෙ කියන්නෙ. මේ බිත්තියෙ වැදුනොත් මගෙ ඇඟිල්ල කඩලා යයි" පර්සි කිව්වා.
ගුරුතුමා හිනා වුණා.
"දැක්කද, පළුද්දක් නැති තැනට කවුරුත් ඇඟිල්ල දාන්නෙ නෑ. ඒ නිසා පළුද්දක් නැති වෙන්න වැඩ කරන එක හොඳයි පස්සෙ නාහෙන් අඬනවට වඩා! " පන්තියෙ එවුන් කට වහ ගත්තා.

24 comments:

  1. බොහොම වටිනා කතාවක්.

    ReplyDelete
  2. අහලම නැති කතාවක්. අවවාදයට වඩා ආදර්ශය උතුම්ය කිව්වලු නේ?

    ඒක නෙවෙයි ලකී. "බ්ලොග්කරණයට ආධුනිකයෙකු වන මම..." කියන කෑල්ල හැලෙන්න තවක් කොච්චර කල් බ්ලොග් ලියන්න ඕනෙයි කිව්වද බ්ලොගර් ලොක්කා?

    තවත් එකක්. අර මාලදිවයින් පොල් ගැන කියපු බුවා තවම ඉන්නවානම් කියාපං මම ඕක මතක්වෙලා මාකට් එකේ විකුනන්න තියෙන පොල් ගොඩවල් දෙකක ෆෝටෝස් ගත්තා, ඒක එවන්න. :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ! කොහොම වුනත් පර්සි මේ දවස්වල කරන්නෙ මොනවද කියලා පර්සි වත් දන්නවද දන්නෙ නෑ. කාටත් උරුම ලෙස කවදා හරි ඉස්කෝලෙන් අස් වුනාට පස්සෙ පර්සිට අනාගතයක් තියෙයිද මන්දා! :)
      ආධුනිකත්වය මනින්නෙ කාලයෙන් නෙවෙයි නෙ ඩූඩ්. ඔයා, ජනනි අක්කා, රයිගම, ගාමිණීගේ විජිතය ලියන ගාමිණී මහත්තයා, හසිත මල්ලි වගේ අය ලියන ඒවා කියවනකොට තමයි මම කොච්චර ආධුනිකද කියලා තේරෙන්නෙ.
      අහ්! සෆාන් තාම ඉන්නවා. පෙබරවාරි අන්තිම වෙද්දි තමයි එයාගෙ පන්ති ඉවරවෙනවා. එවන්න එවන්න ඉක්මනට! :D

      Delete
    2. අනේ නිකං හි‍ටු. මම නම් මොන ප්‍රවීනයෙක්ද.
      ඉතින් අරක කොහොමද එවන්නේ? මට ඊයක් එව්වා නම් හරි මේකට.

      henry_jayawardene@yahoo.com

      Delete
  3. ක්‍රියාවෙන් අවබොධය කියන්නේ මෙකටනේ ලකී.හිතට වැදුනා මේ පෝස්ටුව.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. ක්‍රියාවෙන් අවබෝධය. ඒක තමයි දෙයක් හිතට කාවද්දන හොඳම විදිහ.

      Delete
  4. අමුතුම කථාවක්න අප්පා...!

    ReplyDelete
    Replies
    1. එච්චරම අමුතුවට දැනෙන්නෙ තිස්ස මහත්තයා ලංකාවේ නැති නිසානෙ. අපිට නම් ඉතින් හොඳට පුරුදු කතාවක් තමයි!

      Delete
  5. දැන් මේ කතාවෙන් ගන්න පුළුවන් ආදර්ශය හිල් නැති තැන්වල ඇඟිලි ගහන්න යාම නිෂ්ඵල වැඩක් කියන එකද ලකී?

    ReplyDelete
  6. මාත් අහල නම් නෑ මේ කතාව... ඒත් නියම උදාහරණයක් තමයි ගුරුන්නාසෙ දීල තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. ගුරුන්නාන්සෙත් වැරදියි. එයත් අනිත් ඔක්කොම වෙනකල් බලන් ඉඳලා පර්සිගෙ පැත්තටමයි කතා කළේ කියලා හිතෙන්නැද්ද මියුරු? :D

      Delete
    2. එහෙම නේන්නම් වෙලා තියෙන්නෙ... හැබැයි ගුරුවරයගෙ උපහැරණෙ නම් කලින් අහල තිබුණෙ නැති අමුතු එකක්... ඒකයි මං එහෙම කිව්වෙ... :D

      Delete
  7. ඊයේ මා කලබලෙන් පොඩි විහිළුවක් කලේ. ඇත්තටම ලකී මාත් ලියන්නේ බරසාර දෙවල් නොවේ. මේ කතාවේ උනත් ඔය පර්සි බොරුවට බය වුනා කියා පෙන්නුවට, ඇඟිල්ලෙන් ඇන්නම එන්නම අර ලීයේ ඕනෙම තැනක් හිල් වෙන බව දන්නවා. මොකද ඔය ලීය කාලයක් තිස්සේ ඇඟිලි ගහලා තුනී වෙලා ගිය එකක්. ශිරානිට කලින් හිටියේ නන්දෙ අයියා, ලීයට ඇඟිලි ගහලා ඇතිවෙලා, ප්‍රසිද්ධ තැනක කාරයේ, වෙන තැන්වල ඇඟිලි ගහලා අහු උනත්, මොන විනය පරීක්ෂණයක් වත් තිබුනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්තම ඇත්ත. රිචඩ් අයියගෙ කාලෙ ඉඳලා ඇඟිලි නෙවෙයි නාරස්නෙ නොපිටින් ඇනලා ඇනලා දැන් සුළැඟිල්ලෙන් ඇන්නත් හිල්වෙලා යනවනෙ. නන්දෙ අයියා දැන් ඔය යස අගේට ඉන්නෙ. මිනිහා හාමුදුරුවරුන්ටත් අභිධර්මෙ උගන්නනවනෙ. ශ්‍රියාණි අක්කත් අපිට පේන්න කිඹුල් කඳුළු හෙළුවට තව ටික දවසකින් දෑත් ශක්තිමත් කිරීමේ කලාව ඉගෙන ගනී. නැද්ද මං අහන්නෙ?

      Delete
  8. I am late. but like what u wrote. Sorry to write in English. My sinhala typing is very slow.

    ReplyDelete
    Replies
    1. Welcome to "Thoughts of Lucky", Blue Lotus! Once I saw a comment of you on dude's blog and ever since you are on my reading list. (But I comment rarely :) )

      Delete
  9. අවවාදයට වඩා ආර්ශය උතුම්..
    ඒ බව ප්‍රායෝගිකව ඔප්පු කල කතාවක්..
    ස්තූතියි බෙදාගත්තට.. :)

    ReplyDelete
  10. කෙටි කතාවක් උනාට ඒකෙන් දෙන පණිවිඩයෙ ලොකු අර්ථයක් තියෙනවා ලකී මලේ. කරපු දේක පොඩි හරි හිලක් තිබුනොත් ඒකෙ ඇඟිල්ල ගහලා, ගඳ සුවඳ බලන්න කස්ටිය පෝලිමේ එන්නෙ ..!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  11. පර්සි කොලුවා තේරුම් ගනීද කියලා තමා සැක :P

    ReplyDelete