tag:blogger.com,1999:blog-75271759175528173332024-02-19T07:09:10.072+05:30ලකී ගේ වාසනාවන්ත සිතුවිලි (Lucky Thoughts)ලකී වික්‍රමසිංහhttp://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.comBlogger58125tag:blogger.com,1999:blog-7527175917552817333.post-45323055526814600482017-02-12T11:03:00.000+05:302017-02-12T11:03:07.603+05:30පොඩි හාමුදුරුවෝ වාදෙ දිනපු හැටිමේ කතාව මට මතක් වුණේ විසිතුරු ලියල තිබුණු සටහනක් දැකලා.මුලින්ම ඒක විසිතුරුට කමෙන්ටුවක් හැටියට දාන්නත් හිතුණට පස්සෙ හිතුණා වෙනම සටහනක් විදිහට දාන්න ඕනෙ කියලා.
මේක සෙන් කතාවක්.
එක්තරා ජපන් පන්සලක හාමුදුරුවරු දෙනමක් ජීවත් වුණා. ලොකු හාමුදුරුවෝ බොහොම බුද්ධිමත්.අනෙක් හාමුදුරුවෝ තරුණ හාමුදුරුනමක් උන්වහන්සේගේ එක ඇසක් අන්ධයි.එතරම් ධර්ම ඥානයකුත් නැති ඉක්මනින් කේන්ති ගන්නා කෙනෙක්.මේ සෙන් දහමේ වාද විවාද ආදියට බොහොම ඉහල තැනක් තියෙනවනේ.
දවසක් මේ පන්සලට වැඩමකළා සංචාරයේ යෙදෙන හාමුදුරු නමක්. මේ ස්වාමීන්වහන්සේ තමන්ගේ වාද විවාදයන්හි තිබුණු දක්ෂතාවය නිසා රට පුරා ප්රසිද්ධවුණු කෙනෙක්.ඉතින් මේ ස්වාමීන්වහන්සේ අභියෝග කළා අර පන්සලේ හිටපු ස්වාමීන්වහන්සේලාටත්.මුලින්ම වාද කළ යුතු වුණේ අර පොඩි හාමුදුරුවෝ එක්කයි.
ඉතින් මේ ස්වාමීන්වහන්සේලා දෙනම, ඒ කිව්වෙ අර ආගන්තුක හාමුදුරුවොයි සාමණේරයන් වහන්සේයි විහාරයට ඇතුල්වුණා වාදය සඳහා.ටික වේලාවකින් අර ආගන්තුක හාමුදුරුවෝ එලියට වැඩියා.නායක ස්වාමීන්වහන්සේ මුණගැසිලා මේ විදියට කිව්වා.
"ස්වාමීනි මට හිතාගන්නවත් බෑ හරිම පුදුමයක්.මම මහා නායක ස්වාමීන්වහන්සේලා පවා පරදවලා තියෙනවා.නමුත් පළමු වතාවට මේ තරුණ සාමණේරයන්ට මම පැරදුණා.ගෝලයා මෙහෙම නම් ගුරුවරයා ගැන මට හිතා ගන්න පුළුවනි ස්වාමීනි.ඔබවහන්සේ ඉතාම ශ්‍රේෂ්ඨයි"
දැන් ලොකු හාමුදුරුවෝ කරකවලා අතඇරියා වගේ.මොකද තමන්ගේ ගෝලයගේ හැටි දන්නවනේ.ඒත් මම කිව්වනේ මේ ලොකු හාමුදුරුවෝ හරිම බුද්ධිමත් කියලා, ඒ නිසා අර විසිතුරුගේ කතාවේ දෛවඥයා වගේම වැඩි කතාවට නොයා ඉල්ලා හිටියා සිද්ධවු දේ විස්තර කරන්න කියලා.
දැන් අර ආගන්තුක ස්වාමීන්වහන්සේ බොහොම පරාජිත විදියට මෙහෙම කියනවා.
"ස්වාමීනි හස්ත මුද්‍රා ක්‍රමයට වාඩ කිරීම ඉතාම අසීරු දෙයක්. ඒ නිසා මා හිතුවා එසේ කරන්නට.මා සාමණේරයන් වහන්සේ දිහාවට එක ඇඟිල්ලක් දිගුකලා බුදුරජාණන් වහන්සේ හඟවන්න.මහා පුදුමයි හාමුදුරුවනේ අර සාමණේරයන් වහන්සේ ඇඟිලි දෙකක් මා දිහාවට දිගුකලා බුද්ධරත්නයත් ධම්මරත්නත් පෙන්නන්න,ඒ පාර මම ඇඟිලිතුනක් දිගුකරලා පෙන්නුවා බුද්ධරත්නයත්,ධම්මරත්නයත් සංඝරත්නයත් පෙන්වන්න.මෙන්න එතකොට මේ සාමණේර ශ්‍රේෂ්ඨයන්වහන්සේ අත මිට මොලවලා මගේ මූණ ළඟටම ගෙනත් සොලවලා ආපසු ගත්තා.මේ රත්නයන් තුනම එක්වූ කළ බුද්ධ ශාසනය ඇතිවෙනවා.එය මහාබලසම්පන්නයි කියන එකයි ඒකෙ තේරුම." මෙහෙම කියපු මේ ආගන්තුක ස්වාමීන්වහන්සේ පන්සලෙන් පිටවෙලා වැඩියා කියමුකො.
සෑහෙන වෙලාවක් ගියා අර සාමණේර හාමුදුරුවො තාම විහාරගේ ඇතුලෙ.ලොකු හාමුදුරුවො ඉක්මනට සාමනේර හාමුදුරුවො හොයාගෙන විහාරගෙට වැඩියා.බැලින්නම් මෙන්න අපේ සාමනේර හාමුදුරුවො ඉන්නවා විහාරගේ ඇතුලෙ දත්මිටි කකා.ලොකු හාමුදුරුවො දැක්කා විතරයි සාමණේරයන් වහන්සෙ කේන්තියෙන් පුපුරමින් මෙහෙම අහනවා.
"කෝ අර උන්නාන්සේ? ආපහු වැඩියද? තාම ඉන්නවනම් කියන්න ගුටිනොකා බේරුණේ ඔබවහන්සේ හින්දය කියලා. "
දැන් ලොකු හාමුදුරුවො තවපාරක් කරකවලා අතෑරිය වගේ වුණා.ඇයි මෙක මහ හතර බීරි කතාවක් නොවැ.
"හරි හරි පොඩි නම, කේන්තිගන්න කාරියක් නෑ.වුණේ මොකද කිව්වනම්."
"වුණේ කියන්නෙ ලොකුහාමුදුරුවනේ,වාදයට කියලා ඇවිත් අසුන්ගත්තා විතරයි,මගේ මේ කණ ඇහ පෙන්නල ඇඟිල්ල දික්කරේ නැතැයි අර උන්නාන්සේ.ආගන්තුක හාමුදුරුවෝ වෙච්චි,ඇරත් ඉතින් ඔබවන්සේ මට නිතරම කියනවනේ කේන්තිය පාලනය කරගන්න කියලා.ඒ හින්දා මම බොහොම සුහද විදිහට ඇඟිලි දෙක දික්කරල පෙන්නුවා ඔබවහන්සේ වාසනාවන්තයි ඇස් දෙකම තියෙන නිසා කියල.ඒ ගමන ඒ උන්නාන්සෙ මා දිහාට ඇඟිලි තුනක් දික්කළා නොවැ ඔහේගෙ තනි ඇහැයි, මගේ ඇස් දෙකයි ඇස් තුනයි කියලා.අනේ අම්මපා මට ආපු කේන්තියට මම උන්නාන්සෙගෙ මූණටම දෙකක් දමලා අනින්න කියලා ගියා,ඒත් මිට මොලෝපු අත උන්නන්සෙගෙ මූණ ළඟටම ආවම ආයිත් ඒකෙන් ඔබවහන්සෙට වෙන අපහාසෙ තෙරුම් ගිය නිසා යන්තම් ආයි අත ගත්තා"
කියල සාමණේර හාමුදුරුවෝ එක හුස්මට කියාගෙන ගියා.ලකී වික්‍රමසිංහhttp://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.com1tag:blogger.com,1999:blog-7527175917552817333.post-31236542625695268612016-09-02T19:17:00.000+05:302016-09-02T19:17:01.260+05:30ඔබට සතුටුයිද දැන්?හිතන්න ඔබට කෙනෙක් ඉතාම වටිනා දෙයක් දෙනවා.අපි හිතමු ඒ මැණිකක් කියලා. ඔබ ඒ දේ වෙනුවෙන් ඔබේ මුළු ජීවිත කාලෙම කැප කරනවා. ඔබේ නින්ද, ධනය, සමහර විටකදි ඔබේ සතුට පවා කැප කරනවා. තමන්ගේ ඇහැක් වගේ පරිස්සම් කරනවා.හොර හතුරන්ගෙන් විතරක් නෙමෙයි ඉතාම සියුම් සීරීමකින් පවා ඔබ ඒ දේ රැක ගන්නවා.කිසිම ඇද පළුද්දක් නැති ඒ වස්තුවේ වටිනාකම දිහා බලලා ඔබ සතුටු වෙනවා. නැති බැරි වෙච්ච කාලෙක ඔබට හයියට තියෙන්නෙ ඒ වස්තුවේ වටිනා කම කියලා හිතනවා. ඔබේ දහදිය මහන්සිය පල දරයි, දවසක ඒ වස්තුවෙන් සැනසීම උදාවෙයි කියලා හිතෙනවා. හරියටම අවුරුදු 14 කට පස්සෙ , අර දුන්න කෙනාම ඇවිත් ඒ වස්තුව ඔබෙන් එක පාරටම අරන් යනවා. ඔබට මොනවා හිතේවිද?
ඔබ ඒ වස්තුව දීලා ආපහු ගත්තු කෙනාට ප්‍රිය වචනයෙන් කතා කරයිද? මට මේක මේ අවුරුදු ගාණට පරිස්සම් කරන්න දුන්නා කියා ඔහුට හෝ ඇයට ප්‍රශංසා කරයිද?ලකී වික්‍රමසිංහhttp://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.com1tag:blogger.com,1999:blog-7527175917552817333.post-22241637505647593372016-06-14T12:45:00.000+05:302016-06-14T13:57:46.572+05:30පිංගුත්තර විනිස(පහත ඡායාරූපයේ ඇති කවියට පිළිතුරකි.)
නොරිසි නම් පිරිමියෙකු සතු එඩිය පෙන්වලා
දමා එන්නට තිබුණෙ සිප් හලේ රඳවලා
නැතොත් සරණක් ලැබෙන සේ තැනක රඳවලා
වෙන්ව යන්නට තිබුණෙ ගරු සරුව පෙන්වලා
නොහැකියාවේ තරම වසන් කරගනු රිසින්
මඟ මියෙන සේ වසන් කරන සේ දන ඇසින්
දිඹුල නංවා කටුද අතුරවා සැම දෙසින්
පලා යන්නේද හරි හමන් මිනිසෙකු විසින්?
උගත් සැම ශිල්පයන් වෙතත් සැම අභිබවා
යෙදුම නොඋගත් බැවින් උදැල්ලට පණ පොවා
පොළොව කොටමින් දිවිය සරි කරන විට පවා
නොආවෙද පසු පසින් කරපු පවු රෑ දිවා
තමන් බැරි කම වසා ඇඳුරිඳුට දොස් තබා
සිරි අතැර කාලකන්නිය සමඟ ගොස් එදා
අද පැමිණ නිදොස් බව අයදිතත් මැද සබා
තවත් එහි වරද පිංගුත්තරගෙ අත තමා..
මේ ගීතයේ පෙර වාදනයේ රථවාහන හඬ අපූරුවට නිරූපණය වෙනවා.ලකී වික්‍රමසිංහhttp://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.com0tag:blogger.com,1999:blog-7527175917552817333.post-90013403314910049062016-06-08T17:38:00.000+05:302016-06-08T17:38:36.443+05:30තොල් පැටළුනු හැටි....එහෙත් හරි වැස්ස මෙහෙත් හෙම වෙන්ටැ... වැරදීම මිනිස් ගතියකි සමාව දීම දේව ගතියකි කියනවා නොවැ. සමහර වැරදි තියෙනවා ඒව වැරදි වලටත් වඩා ටැපලීම්...ටැපලීම් නිසා වෙන වැරදීම්. ලකී ටැපලීම් වලට දෙයියා. පහේ පන්තියෙදි විතර අපේ ශිෂ්‍යත්ව පන්තියෙ මිස් මට කිව්වෙ "ඩිංගි මහත්තයා" කියලා. ඉස්සර ඔය උපමා,රූඪි වලින් තරඟ තිබ්බම හරි උත්තරේ උඩින්ම දෙන්නෙ ලකී උනාට කලබල වැඩි කමට කියන්නෙ පටලවලා. "වහින තරමට ගොරවන්නෑ" "සපා කන බල්ලා නොබුරයි" වගේ...
ඔයිට අමතරව විලි ලැජ්ජා හිතෙන දිව පැටලිලිත් වෙලා තියෙනවා. ඉංග්‍රීසි සාහිත්‍ය පන්තියෙදි "Pride and Prejudice " නවකතාවෙ කොටසක් කියවන්න දුන්නා. ඒකෙ එක තැනක කතා නායිකාව වන එලිසබෙත්,දුෂ්ටයා වන විකම් එක්ක කතා කර කර ඉන්නකොට තරහ වැඩි කමට තමන්ගෙ තොල හපාගෙන නිෂ්ශබ්ද වෙනවා. හරිම උද්වේගකර අවස්ථාවක්. කියවන අපිටත් කේන්ති යනවා. ඒත් මම මේ කෑල්ල කියවනවත් එක්කම මුළු පන්තියම දෙදරුම් කන හිනාවක් ආවා. ඔළුව උස්සලා බලද්දි ටීචත් බඩ අල්ලගෙන හිනා වෙනවා. බැලින්නම් "She bit her lip" වෙනුවට මම කියවලා තියෙන්නෙ "He bit her lip" කියලා.
තවත් දවසක් මම බස් එකේ යනකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙ ලොකු බැනර් එකක් දාලා "උපත් පාලන සතිය" කියලා. මේ මොන මගඩියක්ද කියලා හිත හිතා ආපහු එන ගමන් ආයි පාරක් හොඳට බැලුවා. ඒ උපත් පාලන සතිය නෙවෙයි පලාත් පාලන සතිය. තවත් දවසක් බස් එකේ යනකොට බස් රථයේ පොඩි ස්ටිකර් එකක් අලවලා තියෙනවා "" (මාතෘ ප්‍රවාහන අමාත්‍යංශය ??) අනේ වාසනාවන් කියලා හිතාගෙන තව ටිකක් විපරමින් බැලුවාම ඒ "" (අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යංශය )
කියැවෙන පැටලීම් විතරක් නම් මදෑ, පැටලිලා ඇහෙන දේවලුත් එමට තියෙනවා. "ආදරයයි කරුණාවයි ගිනි වැටියයි මා සිත පාරයි" කිය කියා රුක්මණී දේවි පහන වටේ යනකොට මම හිතුවෙම අර පහනෙ රස්නෙ උහුල ගන්න බැරි කම තමයි ඒ කියන්නෙ කියන්නෙ.සෑහෙන කාලෙකට පස්සෙ තමයි දන්නෙ ඒ ගිනි වැටිය නෙවෙයි "හිමි බැතිය " තමයි එයාට වද දෙන්නෙ කියලා.(හැබැයි ලැජ්ජා වෙන්න දෙයකුත් නෑ. රොඩ්නි වර්ණකුල මහත්මයා දවසක් රූපවාහිණී වැඩසටහනක කියලා තියෙනවා එයාට ඒක ඇහුනෙ "ඉබි පැටියයි" කියලලු ) . රුක්මණී දේවියව වරදවා වටහා ගත්ත තව අවස්ථාවක් තමයි "මැවිලා පෙනේ විරූපේ". හැබැයි ඒකට නම් වරද මගෙ අතේ නෙමෙයි. අහලම බලන්නකෝ.
"රන් සමනල ජෝති ගෙ බාගේ" කිය කියා රන්ජන් රාමනායක ඩිලානි අබේවර්ධනත් එක්ක නටන සිංදුවක් ඉස්සර රූපවාහිණියෙ විකාශනය වුනා. මම හතර වසරෙ ඉන්න කාලෙ ගීයෙන් ගීය වටයකට ඕක කියන්න ගිහින් මට එහා පැත්තෙ හිටිය ලමයා මාර කින්ඩි හිනාවක් දාල කිව්වෙ නැද්ද "රන් සමනල ජෝඩුව වාගේ " කියලා. "ජෙනුයින් මන් වී" වගේ මඥ්ඥං වචනයක් සිංදුවක් මැද්දට දැම්මෙ කවුද කියලා කාලයක් හිත හිතා හිටි මට කවුරු හරි කිව්වා ඒ තියෙන්නෙ "එනු ඉක්මන් වී - මා වෙත ලංවී" කියලා. "අපූර්ව සහෝදරර්ගල්" චිත්රපටියෙ "උන්න නෙනචේ" කියන ජනප්‍රිය ගීතය නිසා දමිළ භාෂාවෙනුත් සිංහල භාෂාවෙනුත් කඟවේනා ට කියන්නෙ එකම නම කියලයි මම හිතාගෙන හිටියෙ.මොකද මට ඒක ඇහුනෙම "කඟවේනා ආවේ" කියලයි..
ඒ ඔක්කොමත් හරි මේ ළඟදි ඉඳන් මේ ගතිය වැඩියි වගේ. වාහන ගන්න සුදුසු අය ගැන වැඩිහිටියෙක් කියපු වැදගත් කතාවක් මට පැටලිලා ඇහුණෙ වාහන ගන්න සුදුස්සොයි නුසුදුස්සොයි කියලා ජාති දෙකක් ඉන්නවා කියලනේ. ඒ මදිවට දොස්තරලා කියන්නේ අවලම් ජාතියක් කියලා ඇහුණා. ඒ මදිවට දේශපාලුවන්ගේ පදේට නොනටන නම්බුවට ගරු කරලා නිලයෙන් අයින් වෙන රාජ්‍ය නිලධාරී තුමෙක් ගැනත් ඇහුණා. දැන් නම් ඉතින් කන් දෙක බලවාගන්න කාලෙ හරි වගේ. මම මේ බයේ ඉන්නෙ කනේ අමාරුවක් නෙවේ මොලේ අමාරුවක් කියයි කියලා....ඒ නිසා මම මටම බූවල්ලෙන් තලාගෙන බලනවා ලෙඩේ හොඳ වෙයිද කියලා. බැරි වුනොත් නිට්ටාවට හොඳ වෙන්න බේතක් (මට ) ලැබෙයි වගේ..
ලකී වික්‍රමසිංහhttp://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.com4tag:blogger.com,1999:blog-7527175917552817333.post-69677949096929831882016-05-19T14:01:00.000+05:302016-05-19T16:01:49.905+05:30අඬහැරය....(මේ කමතට ගොඩවී යන්නයි....)ලාභ අලාභ නින්දා ප්‍රශංසා යස අයස ආදී ලෙස අටලෝ දහම පෙරලෙන දිහා බොහොම සීරුවට බලාගෙන පොඩි සිසිර තාරක නින්දකට වැටිලා ඉන්නවා. මහ වැහි වැටෙනකොට මගේ කම්මැලි හිත ඒ ධ්‍යානෙන් එකපාරට මිදෙනවා. වළාකුලක හැංගිලා හිටපු ඉර දෙයියො ආපහු ලෝකෙ දිහා එබිකම් කරනකොට මටත් බ්ලොග් අවකාශෙට එබිකම් කරන්න හිතෙනවා. අවුරුදු තුනක් තිස්සෙ පුරන් වෙන්න ඇරපු කෙතක් වගේ මගේ බ්ලොග් අඩවිය පාළුවෙලා ගිහින්. දැන් ඉතින් වපුරන්න කාලෙ හරි කියලා හිතෙනවා.
මේ අවුරුදු තුනට ගොඩක් දේවල් වෙනස් වුනා. කාලයක් හිත රිදවපු දේවල් මිහිරි මතක බවට පත්වෙනවා. ජීවිතේ සමහර දේවල් නොලැබී යාම වාසනාවක් කියල හිතෙන්න පටන් ගන්නවා.ජීවිතේ දිහා බලන විදිහ කෝණය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ජීවිතේ සුන්දරද මෙතරම් කියලා හිතෙනවට වඩා ජීවිතේ කොයි තරම් විචිත්රද කියලා හිතෙනවා. සැප දුක දිහා උපේක්ෂාවෙන් බලන්න ටිකෙන් ටික ඇහැ සකස් වෙන හැටි මටම දැනෙනවා.
මගේ ලෝකෙ වීරවරිය වුණු මගේ ආච්චි අම්මා අවුරුදු අනූ පහක් ආයු වළදලා ජීවිතෙන් සමුගන්නවා. බලාපොරොත්තු නොවුණු දෙයක් නොවුනත් මගේ හිත පුංචි කෑලි ලක්ෂ ගාණකට කැඩිල යන හැටි මට දැනෙනවා. නෑදෑ කමකට වැඩි යාළු කමකින් ජනූ අක්කා අපේ දිහාවෙ එනවා. වැඩ කටයුතු බහුල වෙලාවක උනත් මං වෙනුවෙන් කැප කරපු ඒ පුංචි කාලය මට හරියට දැනෙනවා. අවමංගල උත්සවය දවසෙ සෙනඟ ගොඩ පීරාගෙන මතුවෙන දිනේෂා අක්කා මගේ අත් දෙකෙන් අල්ලගන්නවා . මෙච්චර වෙලාවක් තිස්සෙ නොතිබුණු හයියක් මගේ හිතට එනවා. ඥාති මිත්‍ර කම් ගැන මානව සබඳතා ගැන මගේ ඇහැ අළුත් වෙනවා.
අපි ගත කරන අවසාන දින ගණන කියලා දැනෙනකොට ඇස් දෙකෙන් වැටෙන කඳුළු නවත්තන්න මම ආච්චි අම්මටගෙ පිටට තුරුළු වෙලා ඉන්නවා.අවුරුදු අනූ පහක් ගිහින් දුර්වල වුනත් මම කියන ගණන් ආච්චි අම්මා මනෝමයෙන් එකතු කරනවා. ගුත්තිලයේ සුරඟන වැනුම මටත් වඩා අගේට ගායනා කරනවා. ඒ අතරේ තමන්ම හදපු විහිළු කවිත් කියනවා."මම ගියාම ඔයා තමයි තනිවෙන්නෙ " හැමදේම අතරෙ ඇගේ මුවින් පිට වෙනවා. දරු මුණුපුරෝ සේරම වට කරගෙන කැත කුණු ඇදලා ආදරෙන් බලාගත්තත් "ඔයා විතරයි මට ආදරේ" කියල ඇගේ මුවින් කියවෙනවා. උදේ රස්සාවට ගිහින් හවස ගෙදර එන මගෙ අතින් කෙරෙන යුතුකම් කොටස හරිම සීමිතයි. "කොටන් අදින අලි යි පෙරහැරේ යන අලි යි කියලා ජාති දෙකක් ඉන්නවනේ " අනිත් අයගෙ ඒ විහිළුව ඇතුලේ නෝක්කාඩුවක් තියෙනවා.
නොහිතූ නොපැතූ වෙලාවක එක පාරටම මගේ ජීවිතයට කෙනෙක් ලං වෙනවා. මං තනි නොවෙන්න ආච්චි අම්මා වග බලාගත්තා කියලා මට හිතෙනවා. මම ප්‍රාර්ථනා කරපු හැමදේම ඒ විදියටම දැනගෙන හිටියෙ ඇය විතරමයි කියලා මම දන්නවා. ඒ සියළු දේ අඩුවක් නැතුව තියෙන කෙනෙක් වෙන කාට වත් හොයලා දෙන්න බෑ කියලා මම දන්නවා.අපේ ගිවිසුමත් ඇයට මතක ඇතියි කියලා මම හිතනවා. ආච්චි අම්මා නික්මිලා හරියටම අවුරුද්දක් ගිය තැන අපි විවාහ වෙනවා. ජීවිතය වී හමාරයි කියලා හිතපු දේවල් එහෙම නෙවෙයි කියලා මම දැන් අත්දැකීමෙන් දන්නවා. ඒ දේවල් එහෙම සිදු නොවුණු එක කොපමණ හොඳද කියලා හිතෙනවා. ලෞකික මට්ටමෙන් අත්හැරීම සහ අළුත් වීම ගැන වෙනස් මානයකින් බලන්න මම පුරුදුවෙනවා. ගේහසිත ප්‍රේමයක තිබෙන ගැඹුරුබව දැනෙන්න ගන්නකොට පරම්පරා ගණනක දෙමව්පියන්ගේ කැපකිරීම් වගකීම් ගැන අමුතුවෙන් හිතන්න පෙළඹෙනවා.
ජීවිතය දිහා බොහොම අපූරු විදියට බලන අළුත් අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි මට ලැබෙනවා. ඉංග්‍රීසි,දමිළ,හින්දි,ජර්මන් භාෂා වතුර වගේ කතා කළ හැකි තාත්තා සක්‍රීය බෞද්ධයෙක්. ජීවිතේ විඳිමින් තාමත් අළුත් දේ ඉගෙන ගනිමින් ඉන්න තාත්තා හොඳ කලාත්මක ඇහැක් තියෙන කෙනෙක්. පීඩනය යටතේ දියුණු වෙන හැටි තාත්තා ආදර්ශයෙන්ම කියා දෙනවා.ඉගෙන ගැනීමට මගේ හිතේ තියෙන ආශාව නව මානයකට යනවා. කොළඹ පවුලක සැපට හැදුණු අම්මා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අම්මා කෙනෙක් වෙනවා. හිතේ කුහක කමක් ගෑවිලාවත් නැති කියන දේ හයියෙන්ම මූණටම කියන අම්මා මට සරල කම දිහා නැවත වතාවක් බලන්න කියා දෙනවා.
වතාවක් ලකීට ගුරුවරයෙකු නොපැමිණි පන්තියක් ලැබෙනවා. විෂය සම්බන්ධීකරණය කරන පුද්ගලයා මගේ මූණටම කියනවා "අදට මොනවහරි කරලා දාන්න" කියලා. නමුත් දරුවන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න අකමැති වෙන මම මගේ කාර්යභාරයෙන් එහා ගිහින් අදාල විෂය අමුතුවෙන් ඉගෙන ගෙන මුළු ශාඛාවෙන්ම ඒ විෂය දන්නා දෙවැනියා වෙනවා. නොසිතූ ලෙස ඒ නිසාම විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ දරුවන්ට උගන්වන්නට ඉඩ ලැබෙනවා පමණක් නෙවෙයි ඒ හරහා මා හට අනන්‍යතාවක් ගොඩනැගෙනවා.නිවසේ සිටම මගේ ආර්ථිකය ගොඩ නගාගන්නට මට පිටිවහලක් ලැබෙනවා
ලකී වාසනාවන්තයි කියලා හැමෝම කියනවා. නමුත් ලකී වාසනාවන්ත වෙන්නෙ භෞතික දේවල් වලින් විතරක් නෙමෙයි කියලා ලකී දන්නවා. ලකී හැමවිටම අලුතින් යමක් ඉගෙන ගන්නවා. ලකීට කල්‍යාණ මිත්‍රයෝ ලැබෙනවා. ලකී වැරදීම් වලින් ඉගෙන ගන්නවා අළුත් වෙනවා. මම වෙනුවෙන් වගේම මගේ ඒ කල්‍යාණ මිත්‍රයන් වෙනුවෙන් මම ආයිමත් ලියනවා. ඉස්සර වගේම සුපුරුදු ලෙංගතුකමෙන් ගුණ අගුණ දක්වන්න කියලා ඉල්ලා හිටිනවා
ලකී වික්‍රමසිංහhttp://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.com5tag:blogger.com,1999:blog-7527175917552817333.post-86094873772996294412013-07-15T09:52:00.001+05:302013-07-15T09:52:48.583+05:30වීරයෙකු ලෙස නික්ම ගිය සහස්රකයේ දුෂ්ටයා!මම හින්දි සිනමා ලෝලියෙක්මි. හින්දි සිනමාවේ විචිත්‍රවත් බවට සහ අනන්‍යතාවයට මම ඉතා ප්‍රිය කරමි. එහෙත් එයින් මා ඕනෑම හින්දි චිත්‍රපටියක් නරඹන බව නොකියවේ. ලංකාවේ මෙන් නොව ඉන්දියාවේ සිනමාව සිනමා කර්මාන්තයකි. හොඳින් සංවිධිත ඉන්දියානු සිනමා කර්මාන්තයෙන් යැපෙන්නෝ බොහෝය. විවිධ භාෂා වශයෙන්, කලාත්මක හා වාණිජ වශයෙන් ආදී ලෙසින් සැම දෙසට විහිදී ඇති එතුලින් ගලන්නේ ඉන්දියාවේ ජීව රුධිරය නොවේ නම් යටත් පිරිසෙයින් එරට ශක්තිජනක පානයයි. නළු නිළියන්ගේ පිළිම කිරි වලින් නහවන ඔවුන්ට පුද පූජා පවත්වන, ඔවුන් සැබෑ ජීවිතයේදී වීරයන් කරන ඉන්දීය ජනතාවට සිනාසෙන්නට මට නොහැකිය. දේශපාලනය ගැන කිසිත් නොදන්නා රන් සමනලයයින්, පබා ලා අනර්කලීලා පාර්ලිමේන්තු යැවූ ලංකාවේ ජනතාව ඉන් වෙනස් වන්නේ මෙහි සිනමා කර්මාන්තයක් නැති නිසා මිස ඒ මානසිකත්වයෙන් බැහැර වී සිටින නිසා නොවේ.
ඉන්දීය වට්ටෝරු සිනමාව හෙවත් ජනප්‍රිය වාණිජ සිනමාව මුළු සිනමා කර්මාන්තයේම පදනමයි. වීරයා සහ පෙම්වතිය, දුෂ්ටයා, කවටයා, සහායකයා යන චරිත වලට සිංදු කිහිපයක් සහ සටන් ජවනිකා කිහිපයක් දමා පත අට එකට සිඳවා ගැනීමෙන් මේවා තැනෙයි. (මේ පදම අල්ලා ගැනීම සිතන තරම් පහසු නැති බව හින්දි අනුකාරක දේශීය සිනමාවෙන් පැහැදිලි වේ)
කෙසේ වෙතත් මේ වට්ටෝරු සිනමාවේ දුෂ්ටයාට හිමිවන්නේ ඉතා වැදගත් තැනකි. වීරයා වීරයෙකු වන්නේ දුෂ්ටයා නිසාය. නියම දුෂ්ට නළුවා බොහෝ විට රංග පෞරුෂයෙන් වීරයා අභිභවන බව මගේ හැඟීමයි. ප්‍රේම් චොප් රා, රාසා මුරාද්, අම් රිෂ් පූරි, මදන් පූරි, කේ කේ මෙනන්, ගුල්ෂන් ග්‍රෝවර් මෙන්ම ෂාරුක් ඛාන් වැනි නළුවන් නිරූපණය කළ දුෂ්ට චරිත අපේ මතකයෙන් ගිලිහී නොයන්නේ එබැවිනි.
මේ අතර සිටි ප්‍රධානම චරිතය පසු ගිය දා නික්ම ගියේය. ඔහුගේ රංග පෞරුෂය කෙතෙක් වීද යත් සිනමාව තුල ඔහු හැඳින්වුණේ "කළු රත්තරන්(Black Gold)" හා සහශ්රකයේ දුෂ්ටයා (Villain of the millennium) යනුවෙනි. ඒ වෙන කිසිවෙක් නොව ප්‍රාන් කිශන් සිකන්ද් ය. නැතහොත් "ප්‍රාන්" ය. ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම නළුවෙක් ලෙස ඔහු හැඳින්වීමට මා පසුබට නොවෙමි. ඒ වසර අනූ තුනක් වූ ඔහුගේ ජීවිතයෙන් වසර හැත්තෑම්වට වැඩි කාලයක් සිනමාවේ රැඳී සිටීම නිසා නොවේ. එක් බැල්මකින්, මුහුණේ ඉරියව්වක් මදකින් වෙනස් කිරීමෙන් හැඟීම් ප්රකාශනයට ඔහු තුල වූ දක්ෂතාවය නිසාය.
රාජ් කපූර්, කිශෝර් කුමාර්, දේව් ආනන්ද්, දිලිප් ආදීන් ගේ සිට අමිතාබ්, රාජේශ් දක්වා දශක ගණනාවක වීරයන් බිහිකිරීමට ඔහුගේ දායකත්වය අති මහත්ය. ඔහුගේ ප්‍රසිද්ධිය හා ජන අප්‍රියත්වය කෙතෙක්ද යත් දශක ගණනක් යනතුරු ඉන්දීය දරුවන්ට ප්‍රාන් යන නම නොතැබීමට දෙමව්පියෝ වග බලාගත්හ. එසේම එදා මෙදා තුර වැඩිම මුදලක් ලැබූ දුෂ්ට නළුවා ඔහුය. ඔහු ලැබූ මුදල සැම විටම පාහේ වීරයා අබිභවා සිටීම විශේෂ කරුණකි. එය වෙනස් වූයේ එක්ම එක වීරයෙකු සඳහා පමණි. ඒ රාජේශ් ඛන්නා ය. චිත්‍රපටියක් ප්‍රචාරණයේදී වීරයාගේ නම තරමටම ඔහුගේ නමද ප්‍රචාරය විය. චිත්‍රපටියෙහි රංගන ශිල්පීන්ගේ නම් ප්‍රචාරය වූ පසු අවසානයට "සමඟින් ප්‍රාන්" යන තේරුම දෙන " ..And Pran" යන කොටස භාවිත කෙරුණේ එහි වැදගත්කම මනාව හෙලි කරමිනි. ප්‍රාන් ගේ ජීවිත කතාව ඇතුලත් චරිතාපදාන කෘතිය And Pran ලෙස නම් කෙරී ඇත්තේ එබැවිනි.
කෙසේ වෙතත් ප්‍රාන් රඟපා ඇත්තේ දුෂ්ට චරිත පමණක් නොවේ. ආදරණීය පියෙකු, වැඩිහිටියෙකු, යුක්ති ගරුක පොලිස් නිලධාරියෙකු ආදී සුදු චරිතද සම්භාව්‍ය ගණයේ නිර්මාණවල චරිතාංග නළුවෙකු ලෙසද ආදී පුළුල් පරාසයක ඔහුගේ චරිත නිරූපණයන් විහිදී තිබිණි.ඒ අතරිනුත් හාස්‍ය මතු කිරීමේදී ඔහු විකට නළුවන් අබිභවා කැපී පෙනුනි.( ඔහුත් කිශෝර් කුමාර් රුත් රඟපෑ චිත්‍රපටියක් නම් සිනාව සහතිකයි.)
උපතින්ම උගත් ධනවත් පවුලක උපත ලැබූ ප්‍රාන් සැබෑ ජීවිතයේ නම් ඉතා වැදගත් මහත්මා ගුණ ඇති පුද්ගලයෙකු ලෙස ප්රකටය. ඔහු හැඳින්වෙන්නේ "Soft Speaking gentleman" ලෙසය.එසේම ක්‍රීඩාව පිළිබඳ දැඩි ලැදියාවක් තිබූ දක්ෂ ක්රීඩයකයෙකු වූ ප්‍රාන් අසහාය මතක ශක්තියක් තිබූ කෙනෙකු ලෙස හැඳින්වේ. ඔහු ඉතා දීර්ඝ දෙබස් ඛන්ඩ වුව වරක් බැලූ පමණින් මතක සිටින කෙනෙකි. වරක් අමිතාබ් භච්චන් සඳහන් කර තිබුණේ කැමරා සහ ආලෝක උපකරණ සූදානම් කරගන්නා තෙක් ගතවන විනාඩි කිහිපයේදී පිටු ගණනක දෙබස් එක් වරක් පමණක් කියවන ඔහු ඉන් අනතුරුව එකදු වචනයක් හෝ නොපටලා කියන්නට තරම් දක්ෂ වූ බවය.
හැකි කළ ඉතා ඉහළ ආදායමක් ලැබූවත් තම ජීවිත පැවැත්මෙහි වැරදි නිසා ජීවිතේ අවසානය අසරණව හඬමින් ගතකරන්නට වූ බොහෝ නළු නිළියන් මෙන් නොව වීරයෙකු ලෙස ජීවත් වූ ප්‍රාන්, සාර්ථක සමබර ජීවිතයක් ගතකර සිය දරුවන් මුණුපුරන් මෙන්ම මී මුණුපුරන් ද අතර සතුටින් ගතකළ වසර අනූ තුනක ජීවත කාලය අවසන් කර වීරයෙකු ලෙස නික්ම ගියේය.
සිනමා නළුවෙකුට පිදෙන ඉහළම සම්මානය වන "දාදාසහබ් ඵාල්කේ" සම්මානයෙන් පවා පිදුම් ලැබූ ප්‍රාන් ඉන්දියානු සිනමාවේ සැබෑ වීරයෙක් බව මගේ හැඟීමයි.
ප්‍රාන් ඔබට සුභ ගමන්!
ලකී වික්‍රමසිංහhttp://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.com20tag:blogger.com,1999:blog-7527175917552817333.post-60918458629280676372013-03-20T00:37:00.000+05:302013-03-20T00:37:24.257+05:30නිදිමත සිල්වා!
විභාගයක් ඉවර වුණු ගමන්ම කෙරෙන සුපුරුදු චාරිත්‍රය නම් ගෙවල් දොරවල් අස් කිරීමය. එය මනසට විවේක දෙන කයට ව්‍යායාම දෙන, පවුලේ සමඟිය බිඳෙන, අම්මාගේ සිත සතුටු වෙන ප්‍රයෝජනවත් ක්‍රියාවකි. ඒ නිසා මෙවරද වෙනසක් කිරීමට හේතුවක් නැත. අපේ ගෙදර අස් කිරීමේදී අමාරුම වැඩේ වන්නේ පත්තර පොත් මිටි අස් කිරීමය. අප සියළු දෙනාම පොත්වලින් වැසී යතැයි බිය ගත් වේයන් සාමූහිකව කටයුතු කර වරක් දෙවරක්ම පොත් පස් කළහ. එහෙත් දැන් බය වෙන්නට කරුණක් නැත. ඉස්සර නම් ජාතික විකල්ප ආදී හැම පත්තරයක්මත් සඟරාවක්මත් මිලදී ගත් තාත්තා දැන් පත්තර මිලදී ගන්නේ නැත. ඒ ඒවායේ ගුණාත්මක බව ගැන කලකිරීමෙනි.
පොත් පත්තර අස් කිරීම පටන් ගන්නා විට ලකී දාර්ශනික වෙයි. රැස් කිරීම ක්ලේශ උපදවන බවත්, අතීත කාමය කමකට නැති දෙයක් බවත් කල්පනා කරන ලකීට මේ පත්තර විසි කරන්නට සිතේ. ඒ සිතුවිල්ලෙන් පත්තර ගොඩ අස් කරන්නට පටන් ගත් කළ මුලින්ම අත තියන්නේ අම්මාගේ කාන්තා පුවත්පත් තොගයටය. එවිට අම්මා දිව එයි. අපේ නංගී අත්කම් කෙරෙහි නිපුනතාවක් දක්වන්නේ අම්මාගෙන් ලැබුණු උරුමයෙනි. එහෙත් ඔඩිට් යමින් චාටඩ්(චාටර් ?) වෙන්න මහන්සි වෙන නිසා නංගීට මේ දවස් වල ඒවාට වෙලාවක් නැත. කුඩා කල සිටම "අත් වැඩ = පරවැඩ" යැයි සිතූ නිසා ලකීට එහෙම හැකියාවකුත් නැත. මැහුම් අත්කම් තිබෙන කොළ දෙකක් පමණ ඉවත් කළ විට ඉතිරි වන මල් නවකතා ටික කිසිම දුකක් නැතිව දාර්ශණිකව අස් කළ පසු ඊළඟට එන්නේ අනිත් පුවත් පත්ය. ඒවාත් සුපුරුදු දාර්ශණික බවින්ම අස් කර දමමි. ලක්බිම පත්තරයට විශේෂ ඇල්මක් ඇති මම මානිගේ තීරුවත්, කාටූනයත් කපා වෙන්කර ඉතිරිවා වීසි කරන ගොඩට දමමි. දැන් ඇත්තේ මහා වේ ප්‍රහාරයෙන් ඉතිරි වූ සඟරා ටිකය.
දර්ශණය කෙළවර වන්නේ එතැනිනි. රසවාහිණී, කල්පනා, වත්මන, ඉසුර, නවයුගය ආදී මේ සඟරා බොහොමයක් අපේ ගෙදරට පැමිණ ඇත්තේ මටත් කලිනි. යන්තම් අකුරු ගලපා ගන්නට පුළුවන් වූදා සිට මගේ හොඳම මිතුරන් වූයේද, අන්තර්ජාලය නැති කාලයේ සහ මවුබස පමණක් දත් කාලයේ මුළු ලෝකමය මා හට සමීප කළේද මේ සඟරාය.පරණ ඥාතියෙක් දුටු කලෙක මෙන් ආදරයක්ද, ලොව රසවත්ම ආහාරය දුටු කලෙක මෙන් ආහ්ලාදයක්ද ඇතිවෙයි. ඒ සඟරා යළි මට කතා කරනු මෙන් දැනෙයි.අන්තිමේදී මේ සඟරා නැවත කපුරු බෝල සමඟ පෙට්ටි තුළ ඇසිරෙන්නේ දුහුවිලි ගසා දැමීමෙන් අනතුරුවය.
පී.බී අල්විස් පෙරේරා කිවිදුන්ගේ මේ කවිය එසේ අස් කිරීමේ සැසියකදී නැවත වරක් මුණ ගැසුණි. එය හුදී ජන පහන් සංවේගය සඳහා මෙසේ ඉදිරිපත් කරමි. උපුටා ගැනීම 1957 ජුලි මස පළවූ රසවාහිණී සඟරාවෙනි. සඟරාවේ මිල රුපියල් 75කි. මෙහි "සිල්වා" යනු මහා ගත්කතු ඩබ්ලියු. ඒ. ද සිල්වා මහතාය.
දවසක් හලාවත සිට අප රසික ගඟ
නැග දුම් රියක කොළඹට එන අතර මඟ
නැවතුම් පොළකදී මිනිහෙක් රියට නැඟ
හිඳ ගත්තේය සිල්වා සිටි අසුන ළඟ
එය රෑ දුම් රියයි නිදිමත ගතිය ඇති
සිල්වා සිටින මැදිරිය තුළ එළිය නැති
එහි ආ අමුත්තා පොත් කියවුමට රුති
දැක්විය මදක් දනවත් වෙළඳකුගෙ ගති
විදුලිය පහන එහි පැත්තක තිබු දල්වා
ගෙරි ගඳ සුරුට්ටුවකුත් දෙතොලෙහි එල්වා
කියවයි පොතක් ඔහු අසුනේ කොන අල්වා
මොනවා කරන්නද දැන් නිදිමත සිල්වා
දුම් රිය දුවයි මහ හඬ දී මත පීලි
නංවයි සුරුට්ටුව ගඳ දුම් පෙළ පාලි
මොනවද නොනිදමින් මොහු කියවන හෑලි
සිතුවත් දිගට පොත කියවයි මුදලාලි
"තමුසෙගෙ කබල් පොත හින්දා මගෙ නින්ද
වැලකෙයි පහන නිවමින් නොනිදනු මන්ද? "
සිල්වා ඇසූ විට කෝපය හිස බැන්ද
තරමක් රිදුණි මුදලාලිට රස වින්ද
"කලිසම් කාරයන් හට සිංහල පොතක
රස විඳගන්න බැරි එක පූරුවෙ පවෙක
මහත්තයෝ මේ පොත කියවා මිසක
මොනවා වෙතත් නිදියන්නට නම් නොහැක"
කී මුදලාලි ඇස යළි පොතෙහිම ගැසුණේ
"ඔය පොත කිමද" සිල්වාගෙන් පිළිවිසුණේ
"මේ පොත හිඟන කොල්ලා පිළිතුරු ඇසුණේ
දිග ඇදුණේය සිල්වා නිහඬව අසුනේ"
ලකී වික්‍රමසිංහhttp://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.com16tag:blogger.com,1999:blog-7527175917552817333.post-32510044928701972782013-03-15T10:37:00.000+05:302013-03-15T10:37:49.932+05:30දින නැතත් දින පොතකි.
"මා ආදරණීය මගේ අම්මා වෙතටයි..." රේඩියෝ එකේ ගයන්නෙ ධනපාල උඩවත්ත මහත්මයා. සෙල්ලම් බඩුවකුත් තුරුළු කරගෙන ඉන්න මම රේඩියෝ එක ළඟටම යනවා. "අන්න කැප්ටන් මාමා ගෙ සිංදුව" මම අහගෙන ඉන්නෙ හරිම ආසාවෙන්. කැප්ටන් මාමා අපේ තාත්තාව බලන්න ආපු වෙලාවක මාව වඩාගෙන ගිහින් ජීප් එකේ ඇතුල පෙන්නනවා. ආව්! දිග තුවක්කු...ඇත්තම තුවක්කු. හයේ හතරෙ පුරුෂයෙක් වෙච්ච කැප්ටන් මාමා මේ තුවක්කු වලින් යුද්ධ කරන හැටි බලන්න ඇත්නම් කියලා හිතෙනවා...
අපේ ඉස්කෝලෙ ළඟට අම්මයි තාත්තයි දෙන්නම එනවා කිව්වා.මාව චිත්‍රපටියක් බලන්න එක්කගෙන යන්න.කොයි වගෙද දන්නෑ චිත්‍රපටි.. අවුරුදු අටක ළමයෙකුට කතාව තේරුම් ගිය හැටි ගැන මට අදත් පුදුම හිතෙනවා. ඒත් සත්තයි මට ඒ හමුදා නිලධාරියාගේ හැඟීම් තේරුණා. "මිහිපිට අඟළක් හිමි නැති මිනිහෙක්..." අමරදේවයන් ගයන කොට ඒ දැනුණු හැඟීම විස්තර කරන්න අදටත් මට වචන නෑ. ඒත් ඒ ගීතය එක පාරින්ම මට මතක හිටියා.කතාවෙ අන්තිම සටනෙදි හමුදා නිලධාරියගේ සිරුර ගස් දෙබලක එල්ලෙනවා. මම අවුරුදු පහ හයක්ම අයිස් චොක් අප්පිරියාවෙන් පෙළුණා.
හවසට ඉස්තෝප්පුවට රොක් වෙන පිරිසෙන් කවුරු නමුත් ආරංචිය ගෙනාවා. වැඩිහිටියන්ගේ මූණුවල තිබිච්ච හැඟීම මගේ හිතට ගෙනාවෙ පුදුම භීතියක්. මම දුවගෙන ගියේ නැන්දාච්චිගේ කාමරේට. කාමරේ කළුවරයි. එළියක් නැතුව බුදුන් වඳින සොල්දරේට නඟින්න බෑ. මම තරප්පුව පාමුල දණ ගහ ගත්තා. " අනේ දෙයියනේ! කොහොම හරි කොබ්බෑකඩුව මහත්තයා වගේ තව එක්කෙනෙක් එවන්න! ".....
කවුරු මොනවා කතා කළත් මගේ ඔළුවට ගියේ මෙච්චරයි. කැප්ටන් මාමා ආයි හමුදාවෙ නෑ. අස් කරලා..."බොරු චෝදනාවක්..." මගේ ආදරණීයම නෑදෑයා වෙන ලොකු ආතා කියනවා. "ඒත් වීඩියෝ එකක් තියෙනවනෙ" තාත්තා එහෙම කිව්වම මම පසුබානවා,පත්තරේ ගන්න තිබ්බ සල්ලි කැටේට දාලා ගුටි කාපු හැටි මතක් වෙලා. තාත්තාගෙන් සමාවක් නැති වැරදි දෙකයි ලෝකෙ තියෙන්නෙ....
අයියටයි අක්කටයි දෙන්නටම නිවාඩු. ඒ ගොල්ලො කොළඹ දිස්ත්‍රික්කෙ. කොටි ගහයි කියලා බයට මාස ගානක් නිවාඩු. අපරාදේ.. මටත් කොළඹ යන්නයි තිබුණෙ.
අපේ තරිඳු මහ හයියෙන් අඬනවා. මහ බැංකුවෙළු එයාගේ තාත්තා වැඩ කරන්නෙ.තාත්තට කරදරයක් වෙලා ද දන්නෑළු. මහ බැංකුවට බෝම්බ ගහලළු... පව් එයා.
"Where are you going - My pretty maid" මේ උදේ කියා දීපු සිංදුවනෙ. දැන් කීපාරක් මේක කිව්වද? කෝවිල ගාව බෝම්බයක් තියලලුනෙ.සිස්ටර් හදන්නෙ අපිව කලබල නොවී තියාගන්න. අනේ මම නම් කලබල වෙන්නෙ නෑ. ඒත් මේ සිංදුවනම් දැන් ඇති. අනිත් එක ගෙදර අයටත් හොඳ වැඩේ. වටේම තියන මිනී පෙට්ටි සාප්පු වලට පොඩි සයිස් පෙට්ටි දාහක් හදලා තියාගන්න කියලා තියෙද්දිත් අපිව ඉස්කෝලෙ එවනවා.
හැමදාම ඉතින් යුද්ධ විස්තර අරවා මේවා. දැන් ඉතින් ජීවිතේට හුරු වෙලා.ටීවී එකේ පෙන්නන මිනී දකින එක ඉස්සර විතර අමාරු නෑ. එදිනෙදා දේවල් නෙ.
කැප්ටන් මාමා මියගිහින්.අපි මළගෙදර ගියා. ඉස්කෝලෙන් එක පාරයි ගෙදරින් එක පාරයි. "මිනිය තියන්න වෙනම පෙට්ටියක් හදන්න වුණාළු. දොස්තරලගේ නොසැලකිල්ල. අර ඉන්නෙ කිට්ටු ගෙ අම්මළු."...
යුද්ධෙ දිනුවා... හුරේ...අපි රතිඤ්ඤා පත්තු කරනවා....
අපේ ගෙවල් පැත්තෙ මල්ලි කෙනෙක් හමුදාවට බැඳිලා. " කොච්චර වුනත් යුද්ධෙ ඉවර නිසා දැන් බයක් නෑ නෙ."
"මේජර් නම් ටිකක් අමාරු කාරයෙක්.." කට්ටිය කලින්ම මට අනතුරු අඟවනවා. මට මොකෝ. අද විතරනෙ මම යන්නෙ. පපුවෙන් පහළ සම්පූර්ණයෙන්ම පණ නැතත් මේජර් තට්ටු තුනක් උඩට එන්නෙ හිතේ හයියෙන් සහ එයාගෙ සඟයන්ගෙ වාරුවෙන්. අනිත් අයවත් ප්‍රබෝධවත්ව තියාගන්න තරම් ප්‍රභල පෞරුෂයක් තියෙන මේජර් මුස්ලිම් ජාතිකයෙක්. ටිකෙන් ටික අපි කතාවට වැටෙනවා." මේජර් මාත් එක්ක තරහ වෙයි ද දන්නෑ. ඒත් යුද්ධෙන් පස්සෙ රට යන අත...."මගේ මතය මම කියනවා. "අගවිනිසුරුටත් එහෙම වෙච්ච කොට අපි ගැන කවර කතාද?" මේජර් එහෙම කියලා හිනාවුණා. මාත් අමාරුවෙන් හිනාවුණා.
අපේ ගෙවල් පැත්තෙ මඟුල් ගෙයක්. රෑ දෙකට විතර අපිට ඇහැරුණේ මහා ගුටි කෙලියක සද්දෙට.පහුවදා රොයිටර් සේවයෙන් ලැබුණු පුවත
" අර අහවලාගෙ පුතා ආමි එකේනෙ. එයාට යුද්ධෙන් පස්සෙ උපහාරයක් එහෙමත් පැවැත්තුවනෙ. දැන් එයා ආමි එකෙන් පැනලා ඇවිල්ලා. උපහාර තියපු එකට ගිය වියදම් ගැන කුල කියලා තමයි රණ්ඩුව පටන් අරන් තියෙන්නෙ.මේ ආමි කාරයො තමයි කරන තරමක් අපරාධ කරන්නෙ..." "
ලකී වික්‍රමසිංහhttp://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.com9tag:blogger.com,1999:blog-7527175917552817333.post-46376501260598851482013-01-31T00:47:00.000+05:302013-01-31T00:47:21.660+05:30පර්සිගේ ඇඟිල්ල - උපදේශාත්මක කතා පිංච
කාලෙකින් බ්ලොග් එක පැත්තෙ එන්න හිතුවා. පාළුවට ඇරලත් බෑනෙ බොලේ. ඒත් ඉතින් ලකී ඔහෙ තමන්ගෙ පාඩුවෙ ඉන්න කැමති හොඳ ළමයෙක් නිසා ඔය රයිගම ලා වගේ බර සාර මාතෘකා ගැන කතා කරන්න දන්නෙත් නෑ. ඒ වෙනුවට මම තීරණය කළා බාල තරුණ මහළු කාටත් එක වගේ වැදගත් වන උපදේශ කතාවක් ගේන්න. මේ ටිකේම මම බලපු චිත්‍රපටිවල තිබුණා වාක්‍යයක්. ඉතින් මාත් හිතුවා මම ලියන කතාවටත් එහෙම දැම්මොත් ටිකක් ගතියක් එයි කියලා.
ඔන්න එහෙනං කතාව පටන්ගන්නයි යන්නෙ!
(මෙහි එන සියළු චරිත පරිකල්පනයෙන් ප්‍රබන්ධිත ඒවා වන අතර, සුජීවත් හෝ මියගිය යම් පුද්ගලයෙකුට සමාන කමක් දක්වයි නම් එය සපුරා අහඹු සිදුවීමක් බව කරුණාවෙන් සලකන්න.)
ඔන්න එකමත් එක රටක එකමත් එක පාසැලක ප්‍රධාන ශිෂ්‍ය නායක වුණේ පර්සි කියලා ලමයෙක්. පර්සි කොහොමත් චන්ඩියෙක් බව දන්න නිසාදෝ කවුරුත් පොඩ්ඩක් පරිස්සමෙන් තමයි වැඩ කළේ. මොනවා කළත් විදුහල්පති හාමුදුරුවො පර්සිට හොඳ චරිත සහතිකයකුත් දීලා තිබුණෙ. බුද්ධාගම විෂයටත් පර්සිට ලකුණු හොඳට තිබුණා. පර්සි හරිම වාසනාවන්ත දරුවෙක්. එයාගෙ අයියලා මල්ලිලා ඔක්කොම එයාට හරියට උදව් කරනවා. ඒ විතරක්යැ, ඉස්කෝලෙ හිටිය සංගීතෙට, නාට්‍ය වලට, ක්‍රීඩාවලට දක්ෂ කට්ටිය එහෙමත් හරියට පර්සිට ආදරෙයි. කලින් වතාවක් ප්‍රධාන ශිෂ්‍ය නායක වෙලා ඉඳලා ව/ල මධ්‍ය මහා විද්‍යාලෙට ගිය රිචඩ් අයියත් එක්ක තරහ කට්ටියටත් පර්සිට වඩා හොඳ කෙනෙක් හිටියෙම නෑ. ඒ විතරක් නෙවෙයි මෙච්චර කාලෙකට හැම එකාටම කොකම් කර කර හිටිය සූරියසේකර ට හොම්බ රිවට් වෙන්නම ගහපු නිසාත් තව කට්ටියක් සද්ද නැතුව හිටියා. අඩුම ගානෙ පර්සි ඒ ගොල්ලන්ගෙ කෑම පෙට්ටි වලින් කෑම අරන් කෑවත් මුකුත් කිව්වෙ නෑ.
හැබැයි පර්සිටත් ඉතින් ප්‍රශ්න නැතුවම නෙවෙයි. මේ ළඟදි ඉඳන් පර්සිට තේරුණා ශිෂ්‍ය නායක මණ්ඩලේ විනය මණ්ඩලේ ප්‍රධානියා එන පොට හොඳ නැති බව. තමන්ගෙම යෝජනාවෙන් පත්වෙච්ච ශ්‍රියාණි මෙහෙම දෙයක් කරයි කියලා හීනෙන් වත් නොහිතපු පර්සිට හීන් දාඩිය දැම්මෙ, තමන්ගේ ප්‍රධාන ශිෂ්‍ය නායක කමටත් ලොකු තර්ජනයක් තියෙන බව දැනුණු නිසාමයි. අන්තිමේ පර්සි තමන්ගේ හිතවත් කට්ටියට කතා කරලා මේ ගැන කිව්වා. වටු වැද්දගෙ දැළ ඔසවාගෙන ගිය වටුවො ටික වගේ එකමුතුව වැඩ කරලා ශ්‍රියාණිව එළවලා දාන්න කතිකා කරගත්තා. කතිකා කරගත්ත හැටියටම කෙරුණා කියමුකො.දැන් ඔන්න පර්සිට ආරංචි වෙනවා කට්ටිය තැන තැන කසු කුසු ගානවා. සමහරු නම් පර්සිගේ මූණටමත් මේ ගැන කිව්වා. දැන් තත්වෙ ටිකක් උණුසුම්. දවසක් විද්‍යා පන්ති කාමරේදි මේ ගැන කතාවක් ඇදිලා ආවා. විද්‍යාව ගුරුතුමා මේ ප්‍රශ්නෙ දිහා හොඳ විමසිල්ලෙනුයි හිටියෙ. පන්තියෙ රණ්ඩුවකට සැරසෙන බව දැන ගත්ත ගුරුතුමා පර්සිව පන්තිය ඉස්සරහට කැඳෙව්වා. අනිත් අයත් දැන් කට ඇරගෙන බලාගෙන ඉන්නවා.
පන්තියෙ බිත්තියෙ ලොකු හිලක් තිබුණා. ගුරුතුමා පර්සිගෙ ඇඟිල්ල අතින් අල්ලලා හයියෙන් අර හිල දිහාට තල්ලු කළා. පර්සිත් සද්ද නැතුව හිටියා. ගුරුතුමා හිල ළඟදි ළමයින්ගෙන් අහනවා " මේ යන වේගෙන්ම ගියා නම් ඇඟිල්ලට මොනවා වෙයිද? " කියලා. "මුකුත් වෙන්නෑ සර්, ඇඟිල්ල හිල ඇතුලට යනවා" ළමයි කිව්ව.
ඊළඟට ආයිමත් පර්සිගෙ අතින් ඇදලා ගත්ත ගුරුතුමා අර වේගෙන්ම කිසිම පළුද්දක් නැති බිත්තිය පැත්තට ඇඟිල්ල අරන් ගියා. බය වෙච්ච පර්සි ඇඟිල්ල ඇදල ගත්තා. "මොකද පර්සි?" ගුරුතුමා පුදුමෙන් වගෙ ඇහුවා. "සර්ත් මාර කතාවක් නෙ කියන්නෙ. මේ බිත්තියෙ වැදුනොත් මගෙ ඇඟිල්ල කඩලා යයි" පර්සි කිව්වා.
ගුරුතුමා හිනා වුණා.
"දැක්කද, පළුද්දක් නැති තැනට කවුරුත් ඇඟිල්ල දාන්නෙ නෑ. ඒ නිසා පළුද්දක් නැති වෙන්න වැඩ කරන එක හොඳයි පස්සෙ නාහෙන් අඬනවට වඩා! " පන්තියෙ එවුන් කට වහ ගත්තා.ලකී වික්‍රමසිංහhttp://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.com23tag:blogger.com,1999:blog-7527175917552817333.post-87929066031719376132012-12-29T18:44:00.000+05:302012-12-29T18:44:49.079+05:30සුභ උපන්දිනයක් සිහින කුමාරයාණෙනි!
අද හුඟක් දේවල් කතා කරන්න පුළුවන් දවසක්. සෑහෙන දවසක් දුක් විඳලා අර ඉන්දියානු යුවතිය මියගිහින්. ඒ වගේම තමයි වැඩිය ක්‍රිකට් ලෝලියෙක් නොවෙන මගේ ආදරයට ලක්වුණු ටෝනි ග්‍රෙග්ගේ සමුගැනීම. ඒත් ඒ දේවල් එකක්වත් කතා නොකර අද මම මේ ගැන කතා කරන කොට අතලොස්සක් වෙන මගේ බ්ලොග් පාඨකයො මාත් එක්ක තරහවෙයි. ඒත් මම අද ලියනවා.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු සිහින කුමාරයෙක්. අපිට කලින් පරම්පරාවේ කෙනෙක් වුනත්(රසික පරම්පරා නම් තුනක් මම හිතන්නෙ )අදටත් ඔහුට කොයි තරම් දෙනෙක් ආදරේද කියලා යූ ටියුබ්, ෆේස්බුක් ආදී වෙබ් අඩවි වලට ලැබෙන රසික ප්‍රතිචාර වලින් පේනවා. මට මතකයි මම මුලින්ම ඔහු රඟපාපු චිත්‍රපටියක් දැක්කෙ ජාතික රූපවාහිනිය හරහා. ඒ මැතිවරන දවසක විකාශය වුනු ආරාධනා චිත්‍රපටියෙන්. වයස අවුරුදු අටක් හෝ නමයක් තරම් පුංචි කාලෙදිත් මම කල්පනා කළේ මේ තරම් ලස්සන මනුස්සයො වෙන ඉන්නවද කියලා. එතකොට මම ඔහුගෙ නම දන්නෙ නෑ.
ඇත්තටම මම ඔහුගෙ නම දැනගත්තෙ ස්වාධීන රූපවාහිණියෙ විකාශය වුණු " රාජේශ් ඛන්නා චිත්‍රපටි උළෙල" නිසා. "ආරාධනා", "අමර් ප්‍රේම්" , "කටී පතන්ග්",හා "ආනන්ද්" වගේ චිත්‍රපටි නරඹපු ඕනෑම කෙනෙක් ඔහුගේ අපූරු රංගනයට අකමැති වෙන්න විදිහක් නෑ.
ජීවිතේ කියන්නෙ හැමදාම එක විදිහට රැඳෙන දෙයක් නෙවෙයි. සැප- දුක, යස- අයස, ලාභ - අලාභ, නින්දා - ප්‍රසංසා හැමදේම වෙනස් වෙන සුළුයි. ඒ බව තේරුම් නොගත්තොත් ජීවිතේ දුෂ්කර වෙන එක නවත්තන්න බෑ. ජීවිතේ යථාර්ථයෙන් හැංගෙන්න වෙනත් දේවල් වල පිහිට පතන එක තවත් වැරදීම් ගණනාවක ආරම්භය වෙන එකත් නවත්තන්න බෑ. අසමාන රූපයකට, මිල මුදල් වලට, ජනාදරයට, කීර්තියට වඩා වටින්නෙ ජීවිතේ ගැන තත්වාවබෝධය.
සමහර විට ඔහු ඉක්මනින් යන්න ගියේ අන්තිම මොහොතෙදි හරි මේ දේවල් තේරුම් අරගෙන වෙන්න ඇති කියලා මම හිතනවා.
සුභ උපන්දිනයක් සිහින කුමාරයා! නිවන් දකිනා ජාති දක්වා ප්‍රඥාවන්ත, වාසනාවන්ත ජීවිතයක් හිමිවේවා!
(මම ලියපු සටහන් වලින් හොඳටම සයිකො සටහන මේක වෙන්න ඇති. ඒකට කමක් නෑ. :) )
ලකී වික්‍රමසිංහhttp://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.com6tag:blogger.com,1999:blog-7527175917552817333.post-71945206626937116442012-11-22T02:09:00.000+05:302012-11-22T02:09:35.159+05:30රහ වැටුණු බූට් එක!
විචාරක මහත්තයාගේ වෝටර් පොලිෂ් පාඩම දැකපු දවසේ ඉඳලාම පෙරුම් පුරාගෙන හිටපු මේ වැඩේ අන්තිමට ඉෂ්ඨ වුණේ ගිය සිකුරාදාය. අපරාදේ කියන්න බෑ අපේ තාත්තාත් ඉත සිතින්ම මේ වැඩේට උදව් කළේය. අවුරුදු පහළොවකින් මෙපිට පොලිෂ් කඳුලක් නොදුටු සපත්තු දෙකක් දීමෙන් නොනැවතී පැයක් විතර උත්සාහ කරලාත් ටෝ එක පොලිෂ් වෙන්නේ නැති කොට, පොලිෂ් කරන විදිහ පෙන්නා හොඳ සහයෝගයක්ද දුන්නේය. ඒත් ඉතින් එහෙම පැය ගානක් පොලිෂ් කරපු සපත්තු දෙක යන්තම් ලස්සනට දිස්නෙ වැටුණාම, "අපොයි ඔය මදි, තව පොලිෂ් ලේයර් එකක් එන්න ඕනෙ! කියා අර දිස්නය සම්පූර්ණ නැතිවන පරිදි තව පොලිෂ් තට්ටුවක් ඇතිල්ලූ විට නම් සංසාරේ කලකිරුණි. අන්තිමේදී සැලකිය යුතු තරම් හොඳට දිස්නෙ වැටුණත් තාත්තා නම් කියන්නේ තව මදි කියලාය. ඒත් සෑහෙන කාලෙකින් පොලිෂ් නොකෙරුව නිසා මේ ගාන හොඳය. අන්තිමේදී හිතට මාර සතුටක් දැනුණි. මේ දවස් වල මගේ ප්‍රධාන අවධානය සපත්තුය.ළඟ අහල පහළ යන අයගේත් සපත්තු දෙස බලා ඒවායේ වර්ගය හඳුනා ගැනීමට මෙන්ම, එය වෝටර් පොලිෂ් කළහැකි සපත්තු දෙකක්ද යන්න ගැන මගේ ප්‍රධාන අවධානය යොමුවේ.
වෝටර් පොලිෂ් ගැන මෙන්ම සපත්තු වර්ග ගැනත් කියාදුන් විචාරක මහතාට මෙන්ම සහයෝගය දුන් තාත්තාටද බෙහෙවින්ම ස්තුතියි!
ඒ වගේම "බූට් පොලිෂ්" චිත්රපටියෙ මේ සිංදුවත් මතක් වුණා. බලන්නකො සීදේවි පොඩි එවුන් නේද? අනිත් එක තමයි මේ ගීතය දකිද්දි මගේ දෙනෙතට කඳුලක් එන එක තාම නැවතිලා නෑ. ඉන්දියානු නිදහස් අරගලයේ හොඳම පැතිකඩක් මෙතන තියෙනවා කියලා මට හිතෙනවා. හිඟා කාලා හොයන සල්ලි ගොඩකට වඩා සුළුවෙන් හෝ තමන්ගෙ මහන්සියෙන් උපයාගෙන කන එක උදාරයි කියලා දරුවන්ගේ හිත්වලට ඇතුල් කරන්න කොච්චර හොඳ විදිහක්ද නේද?http://www.youtube.com/watch?v=0UtTlh2kK7Mලකී වික්‍රමසිංහhttp://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.com7tag:blogger.com,1999:blog-7527175917552817333.post-63086075871953266222012-11-01T16:29:00.001+05:302012-11-01T16:30:14.630+05:30සල්ලි....?( අවාසනාවට ඇත්ත කතාවක්...) - සත්‍ය සිදුවීමකි
මේක ටිකක් පරණ කතාවක්. මේක මූණු පොතේ නෝට් එකක් විදිහට දාලා තිබුණත් බ්ලොග් එකේ දාලා තිබුණේ නෑ. හේතුවක් මතක් කරගන්නත් බෑ. කොහොම හරි සෑහෙන කාලෙකින් බ්‍රහස්පතින්දා හවස විවේකයක් ලැබුණු නිසා මේ සටහන බ්ලොග් එකට දාන්න හිතුවා.
කාලෙකට පස්සෙ ආපහු පුරුදු තැනට.... අම්මෝ දැනෙන සනීපෙ... විවේකාගාරෙ ඇතුලෙ එන මී ගඳත් සුවඳයි වගේ. සතියක්ම ගෙදර ඉන්නකොට තමයි වැඩ කිරීමේ වටිනාකම තේරුණේ.උදේ පාන්දරම කාලෙකින් මුණගැහුණු යාළුවොත් එක්ක පාතරාසයට වගකියන්න හදනකොටම....
ටොක් ටොක් ටොක්.... ග්‍රැෆික් චාමර මල්ලි කතා කරනවා...
"මේ කවුද බිට් එක ගැන අහන්න ඇවිල්ලා..."
මාත් ඉතින් ඔලුව දාලා බැලුවා.. කාන්තාවක්...
"පොඩ්ඩක් ඉන්න"..
ටක් ගාල අතහෝදගෙන වැඩකරු වගේ ගියේ හරියට බිට් එකෙ අයිතිකාරයා මම වගේ. කෝ මේ දමින්ද සර් නෑ නෙ තාම ඇවිල්ලා. අපිම යන්න ඕනෙ.
"බිට් එකට රෙජිස්ටර් වෙන්න...?"
"අහ් එන්න, මම කියාදෙන්නම්..."
හරි හොඳයි. උදේ කරන්න පන්තියකුත් නැති එකෙ. වෙබ් අඩවියට ගිහිල්ල සම්පූර්ණ ක්‍රියාකාරීත්වය පහදලා දීලා, ඔක්කොම අමතර විස්තර කියලා දීලා, විස්තර පත්‍රිකාව බාගත කිරීමෙන් නොනැවතී පුරවලත් දීලා තව ඊ මේල් ලිපිනයක් හදන හැටිත් කියාදීලා... හරි ශෝක්.
මොකක්ද පොඩි අවුලක් වෙලා පුරවපු පත්රිකාවෙ පිටපතක් ගන්න බැරිවුණා කියමුකො. "කමක් නෑ. හවස දොළහමාරෙන් ඉස්සෙල්ල එන්නකො.ඊට පස්සෙ මට පන්තියක්"අන්තිමට මෙයා ගිහින් ටික වෙලාවකින් මට පිටපතක් ගන්න පුළුවන් වුනා
.මේ මනුස්සයගේ පන්තිය තිබුනෙ පාරෙන් එහා පැත්තේ බිල්ඩින් තුනෙන් එකක.ඉතින් මොකටද මේ මනුස්සයව රස්තියාදු කරන්නෙ කියලා මම ඒ පැත්තට යනකොට පන්තියටම මේ අයදුම් පත්රයයි, බැංකුවට ගෙවන්න තියෙන ගෙවීම් පත්රිකායි අරගෙන ගියා.
ඔක්කොම ටික පැහැදිලිව විස්තර කරලා.ආයි ආයිත් විස්තර කරලා යන්න හැරුණා...
"කොහොමද එතකොට චාර්ජර්ස්?"
ඇයි හත්වලාමේ මෙච්චර වෙලා විස්තර කලේ....
"ඔය බෑන්ක් ස්ලිප් හතරම පුරවලා...."
"නෑ ඔයාගෙ චාර්ජර්ස්?..."
මට දැනුණු හැඟීම කියන්න වචන නෑ..."ආණ්ඩුවෙ කන්තෝරුවකද වැඩ කළේ?.." අහන්න කටට ඇවිල්ලත් බොහොම අමාරුවෙන් නවත්තගෙන කාරුණිකව පැහැදිලි කිරීමක් කළේ, මේ ප්රශ්නය පිටිපස්සෙ සමාජ ඛේදවාචකයක් තියෙනවා කියලා මතක් වෙච්ච නිසා.එයාට එයාගැන ලැජ්ජා හිතුණා... මට අපි හැමෝම ගැන දුක හිතුණා....
ලකී වික්‍රමසිංහhttp://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.com11tag:blogger.com,1999:blog-7527175917552817333.post-38810765115279834672012-10-29T17:20:00.000+05:302012-10-29T17:21:07.438+05:30දෙන්නම නොනසා නුඹ පලයන්නේ..(ගෑණු නුවණ)
මේ කතාව මතක් වුණේ ප්‍රහාරය බ්ලොග් එකේ තිබුණතොටත් සාදු මටත් සාදු" කියන පෝස්ට් එක දැකලා. ඒකට අපි දන්න කවිත් එකතු කරන්න කියලා තිබුණ හින්දා මුලින්ම ඔළුවට ආපු කවිය දාන්න යනකොටවිචාරක මහත්තයා ඒක දාලා. හැබැයි පොඩ්ඩක් විතර වෙනස් වර්ශන් එකක් නිසා මම දන්න කතාව වෙනම ලියන්න හිතුණා.ඔන්න එකෝමත් එක රටක(එහෙම කිව්වට ලංකාවෙ හරිද?) හිටියළු මනප්පු කියලා දක්ෂ කම්මල්කරුවෙක්. මෙයාව කවුරුත් හැඳින්නුවෙ මනා කියලා. සුමිත්ගේ කතාවේ වගේම මේ කතාවෙත් මූලික කොටස සමානයි. මෙතනදි අර අනියම් පුරුෂයා තමන්ගේ පැමිණීම මනාගේ බිරිඳට දන්නන්නෙ අසල තියෙන කෙසෙල් පඳුරක් හොලවලා.
ඉතින් එදත් සුපුරුදු පරිදි මේ මනුස්සයා අර කෙසෙල් පඳුරෙ කොළ ටික සද්ද කරලා තමන් ආපු බව දැන්නුවට මොකද එදා මනප්පු වෙනදට කලින් කම්මලේ වැඩ රාජකාරි ඉවර වෙලා ගෙදර ඇවිල්ලයි හිටියෙ. ඇඟපත සෝදගෙන කෑම කන්න සූදානම් වෙනකොටම කෙසෙල් පඳුරෙ කොළ හෙලවෙනවා ඇහිච්චි මනා පොඩ්ඩක් විමසිලිමත් වෙච්ච හැටි මනා ගෙ බිරිඳ දැක්කා. දැන් එළියට නොගිහින් සැක නොහිතෙන විදිහට පණිවුඩේ දෙන ක්‍රමයක් කල්පනා කරපු බිරින්දෑ මේ වෙනකොට නින්ද ගිහින් හිටිය තමන්ගෙ අත දරුවව කොනිත්තලා අඬන්න සැලැස්සුවා. ඊළඟට ළමයව නළවන්න වගේ අතට ගත්තු ඈ මේ කවිය ගායනා කළා.
"යකඩ මනා විත් මෙගෙයි සිටින්නේ
සර සර ගා කුමටද සොලවන්නේ
උඹත් නසාලා මාත් නසන්නේ
දෙන්නම නොනසා උඹ පලයන්නේ"
පණිවුඩේ හරියටම සන්නිවේදනය වුණා. කෙසෙල් පඳුර ළඟ හිටපු තැනැත්තා හෙමින්ම මාරු වුණා. හැබැයි කනින් කොනින් මේ වෙනකොටත් ඇහෙමින් පැවතුණු දේවල් නිසා මනාට නම් යක්ෂාවේෂ වුණා. කමින් හිටපු බත්පතත් පැත්තක තියපු මනා
"මොකක්ද බොල ඒ දැන් කී හරුපෙ- කාටද තී ඒ කීවෙ?" ගාලා නද දී ගෙන බිරිඳ ළඟට ආවා.
ඒ ඇත්තිත් මොකුත් නොවුනා වගේ හිනාවෙලා කියනව,
"ඇයි වදේ, මේ කවිය අහලා නැද්ද මීට ඉස්සර? මේක බිලී කොක්කෙ අමුණපු පණුවා මාළුවාට කියන කවියක්. මේකෙ තේරුම තමයි මගේ ඇඟ ඇතුලෙ යකඩ මනාවක් තියෙනවා. උඹ දැන් මේ ඇම ගිල්ලොත් උඹයි මායි දෙන්නම මැරෙනවා. ඒ නිසා මේ ඇම ගිලින්නැතුව පළයන් කියලා"
මේ විදිහට කවියෙ තේරුම කියල දුන්නට පස්සෙ ආයිමත් මනාගෙ බිරින්දෑ කියාපි, "කොහෙද ඉතින් ඔහේ යකඩ එක්කම ඔට්ටු වෙන්න ඉගෙන ගත්ත මිසක් පතක පොතක තියෙන දෙයක් දන්නවයැ. නිකම් දරුවත් බය වුණා ඔහෙගෙ කෑගැහිල්ලට" කියලා.
අනේ ඉතින් මනප්පුට හරියට ලැජ්ජා හිතුණා තමන්ගේ මොඩකම ගැන. ඒ වගේම හරි ආඩම්බරයි තමන්ගේ බිරින්දෑ මේ වගේ උගත් කෙනෙක් වෙච්ච එක ගැන. හැඩි දැඩි මනා මොඩ හිනාවක් පාලා ආයිම ගිහින් බත්පත අතට ගත්තෙ ආපහු නම් මේ ඉරිසියාකාර මිනිස්සු මොනවා කිව්වත් තමුන්ගෙ උගත් බිරිඳ සැක කරන්නෙ නෑ කියලා එක හිතින්ම හිතාගෙන.ලකී වික්‍රමසිංහhttp://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.com6tag:blogger.com,1999:blog-7527175917552817333.post-46805833260010788602012-10-26T15:29:00.001+05:302012-10-26T15:29:59.774+05:30බුදු දහමට අපහාස කරන අයට සිද්ධ වෙන දේ කුමක්ද?
මේ ලිපිය ලියන්න ඕනෙ කියලා හිතාගෙන හිටියත් කොහොම පටන්ගෙන කොහොම ලියන්නද කියලා මේ වෙනතුරුත් කිසිම අදහසක් නෑ. ලියන්නන් වාලෙ හිතට එන තරම ලියාගෙන යනවා.
මේ ළඟදි දවසක අපේ නංගිත් මාත් බස් රථයකට ගොඩ වෙනකල් කතාවක් දාගෙන හිටියෙ හරියට අවුරුදු ගානකින් දැක්කෙ නැති දෙන්නෙක් වගේ. ඇත්තටම ගෙදරදි වගේම යන එන ගමනුත් අපි දෙන්නට කතා කරන්න මෙච්චර දේවල් කොහෙන්ද මන්දා. සමහර වෙලාවට කාගෙන කාගෙන ගිහින් වලිග දෙක විතරක් ඉතුරු වෙනකල් කාගත්ත බළල්ලු දෙන්න වගේ වැඩකට නැති දේවල් වලට මිනී මරාගන්න අපි දෙන්නා තවත් වෙලාවකට ඇඳන් දෙකක් අල්ලගෙන ඔහේ කියෝ කියෝ ඉන්නවා බැනුම් අහනකල්ම. ඒ අතරතුරේ තමයි නංගි එයාට අහන්න ලැබුණු වීඩියෝ එකක් ගැන මාත් එක්ක කිව්වෙ. "දැන් ඉතින් අද දවස ඇතුලත අනිවාර්යෙන්ම ඔය වීඩියෝ එක බලන්න ලැබෙනවා" කියලා මම කියපු එක ඇත්ත වුණා. ගෙදර මාළු ඉව්වත් මාළුවාගේ ඔළුව බලන්න බැරි මම ඒ වීඩියෝ එක බලන්න නෙවේ හිතාගෙන හිටියෙ. ඒත් මූණු පොතේ තිබුණා "බෞද්ධ ධර්මයට අපහාස කරන අයට සිද්ධ වෙන දේ" වගේ මාතෘකාවක් අඩංගු ලින්ක් එකක්. මේ ලින්ක් එක ක්ලික් කරලා නොදැනුවත්වම මම ගිහින් තිබුණෙ අර වීඩියෝ එකට.
ඒ වීඩියෝ එක නරඹපු මට මුළින්ම හිතුණෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ මානසිකත්වය සකස් වෙලා තියෙන විදිහ ගැන. අර ගෑණු දරුවට උදව්වට යන එක පැත්තක තියලා ජංගම දුරකථනයක් අල්ලාගෙන ඉන්න හිතක් පහළ වෙන තැනට මිනිස්සුන්ව ගෙනාවේ චොරි වාහිණී ජනමාධ්‍ය මිසක් වෙන මොනවද? මේ වගේ දේවල් සමහර විට ඉහළ මිල ගනන් වලට විකිනෙනවා ඇති. ඒ නැති වුනත් ප්‍රසිද්ධිය.. ඒකම මදෑ. රටෙන් බාගයක් නළු නිළියෝ වෙච්ච වෙන රටවල් කීයක් තියේද දන්නෑ ලෝක සිතියමේ. මේත් ඒ මානසිකත්වයේම කොටසක් තමා.
ඊළඟ කාරණේ තමයි අර මම කියපු මාතෘකාව. "මාතා යථා නියං පුත්ථං - ආවුසා ඒක පුත්ථ මනු රක්ඛේ" කියලා හිතන්න පෙන්නල දීපු බුදු දහම අනුගමනය කරන කෙනෙකුට කවදාවත් මේ සිද්ධියේදි "හොඳ වැඩේ" කියන්න හිතක් පහළ වෙන්න බෑ. බෞද්ධයෙක් වුනත් නොවුනත් අම්මා කෙනෙක්ගෙන් කිරි බීපු කෙනෙක්ට කොහොමවත් මේ වගේ සිද්ධියක් දිහා කම්පා නොවී බලන්න බෑ. බුදු දහම දහමක්. ඒක ආගමක් නෙවෙයි. පිළිපැදිය යුතු දහමක්. ඇදහිල්ලක් නොවේ. ඒත් සමහර වෙලාවට මූණු පොතේ සමහරු කතා කරන්නෙ බුදු හාමුදුරුවන්ටත් වඩා බෞද්ධ වෙලා. ඒ මදිවට තමන්ගෙ ගෙදර පරිස්සම් කරගන්න බැරි කට්ටිය තමයි මූණු පොතේදි ජාතියේ වගේම ආගමේත් ගැලවුම් කාරයෝ වෙන්නෙ. හැබැයි මේ කට්ටිය බුදු හාමුදුරුවො දේශනා කරපු දේවල් ගැන දන්නවනම් අමතක වෙන්න විදිහක් නෑ "සද්ධර්මය විනාශ කරන අය බිහි වෙන්නෙ ශාසනය තුළින්මයි. පිටතින් නොවෙයි" කියලා උන්වහන්සේ දේශනා කරපු බව. ඒ කිව්වේ "භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා" කියන සිව්වනක් පිරිස ගැන. මේ සිද්ධියේ වින්දිතයෝ දෙන්නා වරදක් කළානම් ඒක ඒ අය ගෙනියාවි. ඒ වගේම මේ ගෙව්වේ දිට්ඨධම්ම වේදනීය කර්මයක්ද නැත්තම් වෙන කර්මයක්ද කියන්න තරම් කර්මය හා කර්ම ඵලය විභාග කරන නුවණක් මට නෑ. ඒත් මේ සිද්ධියේදි හොඳ වැඩේ කියන්න කට නැමිච්ච එකෙක්වත් බෞද්ධයො නෙවේ කියලා නම් මන් දන්නවා!
ලකී වික්‍රමසිංහhttp://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.com9tag:blogger.com,1999:blog-7527175917552817333.post-91427668162890678022012-10-26T10:07:00.000+05:302012-10-26T10:07:17.818+05:30ඩූඩ් සහ තිස්ස මහත්තයා වෙතටයි,
පහුගිය ටිකේම වැඩ අධික වෙලා තිබුණාට අමතරව ලකියා හිටියේ ලෙඩ ගානෙ. අන්තිමට තමයි ලකියා ලෙඩ වෙන්නත් ඈලි මෑලි වෙන්නත් තව පොඩ්ඩෙන් තට්ට බබෙක් වෙන්නත් හේතු වෙන්න තිබුණෙ යකඩ නැති කම කියලා හොයා ගත්තේ. දවස ගානෙ කන මලකඩ කාපු දිරච්ච පරාල ඇණ තොගේ දිහා බැළුවම ලකියාටම පුදුමයි මේ වෙච්චි අල කලංචිය.ඒත් ඉතින් මොනවා කරන්නද? උන්න හැටියට මළා මදෑ කියලා දැන් ඉතින් දවස ගානේ ලස්සන පෙති දෙකක් බොනවා.
පහුගිය ටිකේ ලියන්න තරම් හිතට වගේම ගතටත් පණක් තිබුනෙ නෑ. ඒත් මම ඉතින් පුරුදු පරිදි බ්ලොග් සංචාරයේ යෙදුණා. කමෙන්ට් දැම්මත් නොදැම්මත් මගේ ප්‍රියතම අඩවි වල කරක් ගහලා ආවා.ඔය අතරෙ තමයි මගේ ප්‍රියතම අඩවියක් වන හද ගී පොතේ තිස්ස මහත්තයාගෙන් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් ආවෙ. ඒක නම් අදහගන්න බැරි පුදුමයක්.තිස්ස මහත්තයා මගේ කමෙන්ට් වලට උත්තර දීලා තිබ්බ හැටියට මූණු පොතේ මාව අඳුරගත්තෙ කොහොමද මන්දා? හිතට ලොකු සතුටක් දැනුනා. ඒ නිසා ආයිම වතාවක් මගේ මකුළු දැල් බැඳිච්ච අඩවියටත් ගියාම දැක්ක මේ කමෙන්ට් එක නිසා මගෙ ඇස් වලට කඳුළු ආවා!
Dude said...
ඇයි බං ලකී මේකෙ මොකුත් ලියන්නෙ නැත්තෙ? උඹට මොකුත් අවුලක්ද?
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
October 4, 2012 9:33 PM
රයිගම ගේ විදිහට කිව්වොත් මගේ "පතෝල හොද්ද" ටත් කැමති කවුරු හරි ඉන්නවා වගේ! ඒකම මදෑ.
ඔන්න මම ආවා!
ලකී වික්‍රමසිංහhttp://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.com6tag:blogger.com,1999:blog-7527175917552817333.post-11042332147045429982012-06-22T09:38:00.003+05:302012-06-22T09:38:53.063+05:30ඇයි නුඹ නාඳුනන මට මේ හද රිදුම?
දැන හැඳුනුමක් නොවුනත් කිසිදිනක අපේ
අදටත් සිහිව නෙතඟට කඳුලක්ම නැඟේ
නො එනා බවම දනිතත් යළි කිසිම දිනේ
පිළිගන්වනු කෙලෙස ඒ බව හිතට මගේ
අළුතින් යමක් ලියු විට නිතරම පැමිණ
යළි යළි බලන විට ලත් පිළිතුරු ගණන
ඒ අතරෙහි ඔබේ නම ඇති යැයි සිතෙන
නිශ්ඵල සිතුවිල්ල නැත පහ වී තවම
සමහර විටදි නව ලියුමක් ඇතෙයි සිතා
විටින් විට වැදී ඔබෙ අඩවියට ඉතා
දුක් වෙමි එකම තැන නැවතී තිබෙනු බලා
"ඇයි නාඳුනන මට මේ හද රිදුම?" සිතා
පෙර යම් දිනකදිත් අපි හමුවෙලා ඇති
මතු යම් දිනකදිත් අපි හමු නොවෙනු නැති
කියලා එන්න බැරි කියලා යන්න බැරි
පුදුමයි ඉතින් මේ අරුමැති සසර සැරි
ලකී වික්‍රමසිංහhttp://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.com14tag:blogger.com,1999:blog-7527175917552817333.post-78373895817945608842012-06-18T09:49:00.000+05:302012-06-18T20:14:14.951+05:30මම දැකපු හොඳම ගුරුතුමී
අළුත් ඉස්කෝලෙට ගිය අළුත අළුත් වැඩ කෑලි ගොඩක් තියෙන බව දැක්කම ලකීගේ සතුට ඉහවහා ගියා. අර සංගම් මේ සංගම් අර සෙල්ලම් මේ සෙල්ලම් රචනා තරඟ.. අම්මෝ තිබුණ දේවල්. ඉස්සර ඉස්කෝලෙ උදේ පාන්දරත් ඉස්කෝලෙ ඇරෙන කොටත් කිව්ව"Our father in heaven" යාඥාව වෙනුවට උදේට පන්සිල් අරන් හවසට යෝ වද තං පවරෝ මනු ජේසු කියන එකත් අමුතු දෙයක්. ලකී නං කවදත් කෝකත් යකඩ කටත් එක්කම කෑ ගහලා කියනවා. පෙළ පොත් ටිකයි අධ්‍යාපනෙයි කොහෙත් එකයි නොවැ. ලකීගෙ හිත ඇදිලා ගියේ අර වටේ තිබ්බ ආරළු බූරළු වලට. ආපු ගමන් සංගම් කීයකට බැඳුනද කියන්න අදටත් මතක නෑ.
කොහොම උනත් මං හය වසරට යනකොට අවුරුද්දෙන් හරි අඩකටත් වඩා ගෙවිල ගිහිල්ලා. ඉතින් සංගම් වලට බැඳෙන්න පුළුවන් උනාට තරඟ එහෙම වැඩි හරියකට ඉදිරිපත් වෙන්න බැරි වුණා. ඉතින් හත වසරෙදි තමයි ආයි මේ තරඟ වලට ඉදිරිපත් වෙන්න පුළුවන්.ලකීත් හිටියෙ දත කට මැදගෙන.
හැබැයි ලකීට පොඩි ලෙඩක් තිබුනා. ඒක ඉස්සර ඉස්කෝලෙදි වගේම මෙහෙදිත් තිබුණා. ඒ තමයි ලකී ගෙදර ගියාට පස්සේ ඉස්කෝලෙ ගෙනියපු පොත් ටික ආයි අතින් වත් නාල්ලපු එක. කවුරුත් ඒ ගැන මුකුත් ඇහුවෙ නැත්තෙ කෙහෙතා වගේ හැම වෙලාවෙම අතේ පොතක් තියන් හිටපු හින්දම නෙවෙයි.සාමාන්‍යයෙන් වාර විභාගෙකදි ලකුණු අනූවට අඩුවුණේ එහෙමත් වෙලාවක නිසා.එහෙම වුණේ ලකියා කියන්නෙ මාර සුපිරි වැඩකාරයෙක් නිසා කියලා එහෙම හිතනවනං අන්න ඔයාලට වැරදුණා.
ඒකට හේතුව ලකී හොඳ ගුරුවරු ලබන්න පින් කරලා තිබීම වගේම ඒ ගුරුවරු කියන දේවල් ඒ කියන වෙලාවට හොඳට අහලා තේරුම් ගන්න අවධානයකුයි නොතේරුණොත් ආයි ආයි අහලා හරි තේරුම් ගන්න ධෛර්යයකුයි තිබිච්ච එක.
(ඒත් පාඩම් කරන්න පුරුද්දක් නැතිවීම නිසා මට වෙච්ච සංගෙදිය මම පස්සෙ වෙලාවක කියන්නම් කො )
කොහොම හරි හත වසරෙදි මාත් ඉතින් දත කට මැදගෙන හිටියා සාහිත්‍ය තරඟ වලට යන්න.මේ තරඟ වලින් ප්‍රථම හා දෙවෙනි ස්ථාන ගන්න අයට විතරයි කොට්ඨාශ තරඟ වලට ඉදිරිපත් වෙන්න පුළුවන්.මේ කියන දවසෙ තරඟ වලට වෙන් කරලා තිබුණෙ උදේම කාලච්ඡේද දෙක වගේ තමයි මතක.
මේ කාලච්ඡේද දෙකේ තිබුණේ ගණිතය. සුපුරුදු පරිදිම කලින් දවසෙ පොත අතින් නාල්ලපු ලකීට මතක නැති වුණා ගෙදර වැඩ. කොහොමත් ගෙදර වැඩ කියලා ජාතියක් ලකීට තිබුණෙ නෑ. ඒවා සංශෝධනය වෙන්න ඕනෙ ඉස්කෝලෙ උදේ පාන්දර කරන වැඩ කියලා. (ආයිමත් කියන්නෙ මේක පම්පෝරියක් වත් හපන්කමක් වත් විදිහට නෙවෙයි කියන්නෙ. අදටත් මම මේ ගැන දුක් වෙනවා.)
දැන් අපේ පන්තිභාර හිටපු රුද්‍රාණි මිස් සමාන්තර පන්ති අටටම යමින් තරඟයට එන්න කියලා නිවේදනය නිකුත් කරනවා. රුද්‍රාණි මිස් තමයි සිංහල විෂය භාරව හිටියෙ. ඒ නිසා අපේ පන්තියේ තිබුණු තරඟයෙන් දිනලා ශ්‍රේණි තරඟයට යන මා ගැන ලොකු බලාපොරොත්තුවක් මිස් ගෙ හිතෙත් තියෙන්නැති. කිව්වට මොකද ඔය ගුරුවරු අතරත් පොඩි තරඟයක් නැතුවයැ.
මට එන්න කියලා රුද්‍රාණි මිස් එන්න කිව්ව්ම මාත් ඉතින් ටක් ගාලා නැඟිටලා එන්න ලෑස්ති වුණා කියමුකො. ඔන්න එතකොටම අපේ ගණිතය භාර ගුරුතුමිය පද්මා මිස් මට කියනවා "ගෙදර වැඩ කරපු පොත මට දීලා යන්න" කියලා. මට තරු විසි වුණා. රුද්‍රාණි මිසුත් බලාගෙන ඉන්නවා. මම ඉතින් හිස් පොත ගෙනිහින් පද්මා මිස් අතට දුන්නා. පොත දිහා බලපු පද්මා මිස් ගෙ මූණෙ වැහි වළාකුළක්. ඒ වළාකුලින් හෙණ ගැහුවෙ "මේ ටික ඉවර කරල මිසක් පන්තියෙන් යන්න දෙන්නෙ නෑ." කියලා බොහොම ස්ථිරසාර කටහඬින් කියද්දි. රුද්‍රාණි මිස්ටත් කරන්න දෙයක් නෑ."අනේ පද්මා, ඔන්නොහෙ අදට විතරක් එන්න දෙන්න" කියලා ඉදිරිපත් වෙච්ච ඉල්ලීමත් බොහොම සුහද විදිහට ප්‍රතික්ෂේප වුණා.
අනික් එවුන්ගේ මූණු දිහා බලන්නට ලැජ්ජා හිතුණු නිසා පොළොවෙ සිමෙන්තියෙ පාට කඩතොලු ගාණ එහෙම ගණන් කර කර ආපහු මේසෙට ගිය මම එක හුස්මට ගණන් ටික හදලා ඉවර කරල ආපහු පොත අරන් මිස් ගාවට දිව්වා. හැබැයි ඇත්තම කියන්න, ඒ වෙනකොට මගේ කිසිම විශ්වාසයක් තිබුණෙ නෑ මිස් යන්න දෙයි කියලා.මම හිතුවෙ මට දඬුවමක් විදිහට මේ ටිකේ හරි වැරදි බලන කල්ම ඉන්න වෙයි කියලා.ඒත් පද්මා මිස් හිනාවෙලා "දැන් ගිහින් එන්න" කිව්වම මගේ හිතේ ඇතිවුනේ හරි සංකීර්ණ හැඟීමක්.
පරක්කුවෙලා නමුත් මම තරඟෙට ඉදිරිපත් වුණා.ඊළඟ දවසෙ ගණන් පාඩම වෙලාවෙදි ගෙදර වැඩ පොත පෙන්නන්න මිස් ළඟට යනකොට මිස් හිනාවෙලා මෙහෙම කිව්වා "මේ බලන්න, ඔයාගෙ අත් අකුරුත් ලස්සනයි. හිතට ගත්තොත් ඔයා මේ හැමෝටම වඩා දක්ෂයි"
සෑමදා දුටු දසුන් තුළ වුව ඇතිවුණා නව මිහිරියාවක්
එදිනෙදා සිදුවූ දෙයක වුව මතුකළා රස බර කතාවක්
දෙනෝදාහක් අතර සිටියද සිතට දැනෙනා හුදකලාවක්
සමඟ තනිවෙමි මුවඟ රඳවා හදවතින් නැගෙනා සිනාවක්
දින පුරාවට මනස වෙහෙසූ විඩාබර මතකයන් ගොන්නට
ඉසිඹුලන්නට එකම මොහොතක් ජීවිතය රිසි සේ විඳින්නට
මඟ බැලූයෙමි රුව දකින්නට නැතොත් කටහඬ හෝ අසන්නට
ඔබේ දෙනෙතින් ලොව දකින්නට ඔබේ සවනින් ලොව අසන්නට
දුර නොයා ළඟ නැවතුණත් ඒ පැමිණි මඟ සිත නිවාලයි
ඔබ සිටින තැන එදා වාගෙම අඳුර බිඳලන දවාලයි
පෙරදි දුටු ඇස වෙනස් වූ මුත් ඉතින් හද දුක් හමාරයි
හිමි නොවී අහිමිව ගියත් ඔබ ජීවිතය වී හමාරයි
තෙත් කැවු ටිෂූ කඩදාසි පැකට් එකක් තෑගි දුන්නම පොඩි දෙගිඩියාවක් දැනුණත් සන්තෝසෙන් බාරගත්තෙ මම කවදත් තෑගි වලට කැමති නිසා. යාළුවොන්ට ලේන්සු දුන්නම තරහ වෙනවා කියනවනෙ. දැන් ඉතින් වැඩි දෙනෙක් ලේන්සු වෙනුවට පාවිච්චි කරන්නෙ ටිෂූ නිසා තමයි ඉතින් පොඩි පහේ දෙගිඩියාවක් ආවෙ. ඔයවගේ තේරුමක් නැති දේවල් හිතන්න මම ඉතින් කවදත් දස්සයා නෙ.
කොහොම හරි පාවිච්චි කරන්නෙත් නෑ කියලා හිතාගත්ත ටිෂූ පෙට්ටිය එදාම කඩන්න වුණා. දැන් ඉතුරු ටිෂූ 9 යි.
පහුවදා කෙටි නිවාඩුවක් දාලා සුපුරුදු කොට්ට පුළුන් ගහ යට බස් නැවතුමට එනකොට කාන්තාවක් ටිකක් කලබලෙන් එහෙ මෙහෙ යනවා.බලනකොට මේ ගහ යටට එන බොහෝ දෙනෙක්ට වෙන දේම තමයි ඇයටත් වෙලා තියෙන්නෙ. ඔය කුරුළු වර්චස් නාන්න වෙන බව දන්න පුරුදුකාරයො නම් සාමාන්‍යයෙන් ගහ යට රැඳෙන්නෙ නෑ.
ඉස්සර මටයි අපේ නංගිටයි බළල්ලු පේන්න බෑ. ප්‍රධානම හේතුව තමයි බළල්ලු හරිම ආඩම්බරකාර සත්තු ජාතියක් වීම. ඒ වගේම තමයි අපේ ගෙදර වැඩියෙන්ම ඇති කළේ බල්ලො තමයි. අපේ නැන්දාච්චිට පුළුවන් කාලෙ නම් බළල්ලු ඇති කළා. ඒත් අපි බළල්ලු එක්ක වැඩි බජනයක් නෑ.
මේ ඔක්කොම වෙනස්වුනේ අපේ ලෑලි කාමරේ ඇතුලෙ කොහේද යන බැළලියක් පැටව් තුන්දෙනෙක් දැම්මහම. මේ පැටව් තුන්දෙනා යන්තම් ඇවිදින්න පුළුවන්කාලෙ වෙනකොට ලෑලි කාමරේ ලෑලි වලින් එහාට මෙහාට ඇවිදින් ඒ ගොල්ලන්ගෙ අම්මා කෑම හොයාගෙන එනකල් ඇවිද ඇවිද ඉන්නවා. හරියට පාට පාට වූල් බෝල තුනක් ඇවිදිනවා වගේ. අපිත් ඉතින් ළඟට කිට්ටුවෙලා බලාගෙන ඉන්නවා. මේ බැළලි මීට කළිනුත් අපේ ලෑලි කාමරේ පැටවු දාලා උන්ට ඇවිදින්න පුළුවන් කාලෙ වෙනකොට අපිට කරදර නොකර අරන් ගියා. ඒ නිසා අපේ අම්මා කැමති වුණේ නෑ අපි මේ බළල් පැටව් ළඟට වැඩිය කිට්ටු වෙනවට. මේ පැටව් තුන්දෙනාගෙන් දෙන්නෙක් හරිම ක්රියාශීලීයි. (පස්සෙ දැනගත්තා තුන්දෙනාම බැළලි පැටව් කියලා) කොහොම හරි එක බැළලි පැටියෙක් හිටියා හරිම කෙට්ටුයි, දුබලයි ඒ වගේම ලෙඩ පාටයි. අපි හරියට දුක් වුණා මේ බැළලි පැටියා මැරෙයි කියලා. ඒ නිසා අපි දෙන්නත් එක්ක අම්මගෙන් බැනුම් අහගෙන මේ පැටවුන්ට ලෑලි කාමරේ ඇතුලෙම කෑම දෙන්න පටන්ගත්තා. වැඩි සැලකිල්ල අර දුබලයාට. හැබැයි අපි හරි බයෙන් තමයි මේ වැඩේ කළේ. මොකද බළල් අම්මා නම් අපිව කොයි වෙලාවෙවත් විශ්වාස කළේ නෑ. අපෙන් පැටවුන්ට හානියක් නෑ කියලා දැනගත්තත් එයා අපි ගැන ඇහැ ගහගෙනමයි හිටියෙ. අපි කන්න දුන්නත් එයා ඒක කෑවෙ පැටව් ඉන්න පැත්තට හැරිලා පැටව් දිහා බලාගෙන. තවත් පුදුම වැඩක් තිබුණා. අපි මේ බැළලිට ගේ ඇතුලෙ කෑම දෙන්න බෑ. ඌ කන්නෙ නෑ. එළියටම අරන් ගිහින් දෙන්න ඕනෙ. පස්සෙ තමයි අපිට කාරණේ තේරුණේ. එයා තමන්ගෙ ස්වාමි පුරුෂයාගේ පංගුව දීලා මිසක් කන්න කැමති නෑ. මම පළවෙනි වතාවට තමයි බළල්ලු අතරේ එහෙම දෙයක් දැක්කෙ.
පංචායුධය අඳුනන්නැති කෙනෙක් ඉන්නවා කියලා මම නම් හිතන්නෙ නෑ.(නෑ නෑ පචායුධය නෙවෙයි හරි වචනේ, පංචායුධය තමයි ). අපි හැමෝම වගේ පංචායුධය පළඳලා තියෙනවනේ. ඒත් ඉතින් අපි කීයෙන් කීදෙනෙක් දන්නවද මේ පංචායුධයේ කොටලා තියෙන ආයුධ මොනවද කියලා? ෂිහ්! ලැජ්ජයි ලැජ්ජයි.... දන්නෙ නෑ? අනේ අනේ තියන්න වටින්නෙ නෑ නෙ! ඇත්තටම ගොඩක් දෙනාට රහසක් වෙලා තිබුණ මේ පංචායුධයේ ආයුධ වල රහස මීට අවුරුදු කීපයකට පෙර හෙළිදරව් කරගන්නට මට පුළුවන් වුණා. ඒක මට කියාදුන්නෙ අපේ අල්ලපු ගෙදර ශානි.
මේ මීට අවුරුදු පහකට විතර කලින් අපේ ශානි කෙලීට වයස අවුරුදු පහක් විතර කාලෙ වෙච්ච දෙයක්. ශානි නිතරම අපේ ගෙදර එනවා එයාගේ ඉංග්‍රීසි පන්තියෙ පාඩම් අහගන්න. මේ කාලෙ වෙනකොට ශානිගේ පොඩි මාමා එහෙම නැත්තම් අපේ ඉස්සරහ ගෙදර සමන්ත අයියගේ පුතා ඉපදිච්ච අළුත. පොඩි එකා මල්ලිට හරි ආදරෙයි. මොකද ඉතින් ශානිට එයාගෙම කියලා නංගියෙක් හම්බවුණේ වයස අවුරුදු අටකුත් පහුවෙලානේ. ඉතින් අපේ ගෙදර ආවම පාඩම් පැත්තක. මල්ලි ගැන විස්තර තමයි කියන්නේ.
කොහොම හරි දවසක් පාඩම් කියාදීම අපේ නංගිට සෙට් වුණා කියමුකෝ. මාත් බිම ඉඳන් මොකක්දෝ වැඩක් කරන ගමන් මේ දෙන්නගේ කතාවටත් ඇන්ටනාව දාගෙන ඉන්නවා. කතාව මල්ලිගෙන් පටන් අරන් මල්ලිගේ කරේ බඳින පංචායුධේ පැත්තට ගියා. ටිකක් වෙලා යනකොට කෙල්ල ෆුල් සීරියස් එකේ අපේ නංගිට මෙහෙම කියනවා. "අක්කෙ අක්කෙ මං දන්නවා පංචායුධේ මොනවද තියෙන්නෙ කියලා". ෂහ් මාර ළමයෙක්නෙ. අපි හිතුවට වඩා කෙල්ල මාර මීටරයක් නෙ.
අපේ නංගිත් ඉතින් කිව්වා "ආ කවුද අම්මද කියලා දුන්නෙ?කියන්නකො බලන්න. "
පොඩි එකා පටන්ගත්තා.... "හැන්ද, ගෑරුප්පුව, පිඟාන....". ළමයා කියාගෙන යනවා.අපි දෙන්නා හිනාව නවත්තගන්න බැරුව බිම පෙරළෙනවා. ඔන්න ඔහොමයි එදා අපි ශානිගෙන් පංචායුධයේ ආයුධ ගැන අළුත් අර්ථකථනයක් ඉගෙන ගත්තේ.
ළමයාගෙ වැරැද්දක් නෑ. ඒ ටික පේන්නෙ ඒ වගේනෙ. ඇරත් අද කාලෙ "කඩුව, තෝමරය, හක්ගෙඩිය, දුන්න, පාරාවලල්ල" වගේ දේවල් කවුද අඳුනන්නේ? අනේ මම දැකලත් නෑ පාරාවලල්ල. තෝමරය කියන්නෙ හෙල්ලට කියල තමයි මට නම් තේරුණේ. අනිත් එක එක එක පංචායුධ එක එක විදිහයි.මහාචාර්ය රෝහිණී පරණවිතාන මහත්මිය ලියපු Some Customs and Superstitions Associated with the Childbirth in Sri
Lankan Sinhalese Society (ශ්‍රී ලාංකික සිංහල ජන සමාජයේ දරු උපත් හා බැඳුණු ඇතැම් චාරිත්‍ර හා විශ්වාස ) කියන මේ ලිපියෙ තියෙන විදිහට නම් කඩුව,හෙල්ල,දුන්න, කෙටේරිය හා පළිහ තමයි මේ ආයුධ ටික. ඒත් සුළබව දකින්න ලැබෙන පංචායුධ වල තෝමරය වෙනුවට තියෙන්නෙ තිශූලයක්. තව හක්ගෙඩිය සහ පාරාවලල්ලත් තියෙනවා.
අපි හුඟක් දෙනෙක් ලිපි යවන කොට පාවිච්චිකරන වචනයක් නෙ Sincere කියන එක. ඔන්න ඊළඟ දවසේ මේක ලියන කොට මතක තියාගන්න ඒ අපි ලියන්නෙ අපේ ලියුමෙ ඉටි ගෑවිලා නෑ කියන එක කියලා! :)
ඇත්තටම විශ්වාසී, අවංක වගේ තේරුමක් දෙන මේ වචනය ලතින් භාෂාවෙන් ව්‍යුත්පන්න වුණු වචනයක් කියලා තමයි සැලකෙන්නේ. ලතින් වලින් “sine” කියන්නේ "නොමැති" කියන එක.“cera” කියන්නේ ඉටි වලට,
ඉස්සර කාලේ (ඒ කිව්වේ දහසය වන ශතවර්ෂය තරම් කාලේ මූර්ති නිර්මාණ කරුවො තමන්ගේ නිර්මාණවල පළුදු වහන්න ඉටි භාවිතා කරල තියෙනවා. ඉතින් ඉටි නැති නිර්මාණයක් කියන්නේ තත්වයෙන් උසස් පිරිසිඳු නිර්මාණයකට. එහෙම නිර්මාණවල අර ලතින් වචන දෙක ලියලා නිර්මාණශිල්පියාගේ මුල් අකුරු යොදලා අත්සනක් දාන්න පුරුදුවෙලා ඉඳලා තියෙනවා. මේ පුරුද්ද නිසා බිහිවුණු "Sincere" කියන වචනේ අපි අද ලියුම් වල භාවිතා කරන්නේ අවංකත්වය හඟවන්න.
බේත් නොවැටුණොත් හරියට උණ ගතියට ඇඟ රත්වෙත
ඒ වුණාට එහෙම කියල - කොයි විදිහෙන් නවතින්නද?
ඉඳගත්තා මැෂිම ළඟින්- කොටමි අකුරු එක පිට එක
මූණු පොතට ගිහින් වරෙන් මූඩ් එකත් හැදිල එන්න.
අමුත්තක් දැනෙනවා.. හෙම්බිරිස්සාවෙ හැටි
නෑ! නෑ!! නෑ!! අමතක වුණා වගේ මොකක් හරි
කාගෙද අද උපන්දිනේ? මූණු පොතේ එහෙම නැතේ!
එහෙනම් වෙනින් මුකුත්? කෝ බලන්න අද කවදද?
දා හතරක් ගෙවී ගිහින්- ජනේරුවත් මහළුවෙමින්
දා හතර...දා හතර...දා හතර....සේකර!
ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් දුන්නා ඊයේ- තාමත් නෑ වගෙ ඒකෙ වගක්
ව්භාගෙ අතළඟ තව වැඩ කට උඩ- මළ කවියෙක් හට කුමට ඉඩක්?
ඔව්! සේකර මැරිලා තමයි! මේ කොම්පියුටර් යුගේ තමයි!
ඒත්,
පුංච් කාලෙ පොත් රාක්කෙ හිටපු මගේ හිතවතාය
ඉස්කෝලෙ පුස්තකාලෙ සැඟවී උන් රසවතාය
මං ටික ටික ලොකුවෙනකොට අළුතෙන් කියවන්නට වුණු
කියවන්නට කියවන්නට අළුතෙන් පදරුත් මතුවුණු....
සමනොළ ගිර පදනම් කර එකමුතු වී ලොවම දිනන
ප්‍රියන්තගේ නව ලෝකය සිහිනෙන් මැවුවේ ඔහුමය
"අවුරුදු තිහකට පළමුව- පැවති සුරංගනා කතා සැබෑ වෙවී
ඉතිහාසයේ පස් අතරින් පණ ඉපදී මතු වී" එන
ලෝකය ගැන මට මුලින්ම සිහින ගෙනාවේ ඔහුමය...
පරම්පරා දෙකක් පුරා තව ලයනල් ගේ යුගයයි...
පරගැති භාවයේ අවජාතක උරුමය උරුම.
සේකර නම් මිය ගොසින්ය - ලෝ දහමට උරුම ලෙසට
එනමුදු.. සිහිනය මිය නොයා යුතුය...
අළුත් ලොවක් වෙනුවෙන් වන සිහිනය පණ ලැබිය යුතුය.
සමනොළ ගිරි හිස සිඹගෙන හිරු වඩිනා හැම දිනකම
”වනපෙත දැවෙන විට වැද මළ හිරුගෙ රත
ගනඳුර වසන විට ආලෝකයෙහි නෙත
සඳරැස් ගලන විට තෙරපී සෙවණ මත
එක දෙවියෙක් නොවේ දාහක් එතැන ඇත”
මේ කවිය මුලින්ම මගේ නෙත ගැටුණේ මගේ වයස අවුරුදු දහයක් දොළහක් තරම කාලයේදීය. එදා සිට අද දක්වාම මේ කවි පද කිහිපය මා රැගෙන යන්නේ අමුතු චමත්කාරජනක ලෝකයකට. මම කුමාරගම රසිකයෙක් වුණේ එහෙමයි.
කොළඹ යුගයේ බොහොමයක් කවිවල නොදකින අව්‍යාජ්‍යත්වයක් කුමාරගමයන්ගේ කවි වල මම දකිනවා. ඒ බොහොමයක් කවි එදා මම මොනතරම් කියෙව්වද කියතොත් මට ඒවා කටපාඩම් හිටියා. මායා, අයියනායක, වලස් දඩයම වගේ කවි පන්ති වල තිබුණු දයාව වේදනාව, මගේ හදවතට අදටත් ළඟින්ම දැනෙනවා.
මේ වසරේ අවසාන සටහන කුමාරගමයන් ගැන වෙන්න ඕනෙ කියලා මම තීරණය කරලා තිබුණේ තිස් වෙනිදාට යෙදෙන කුමාරගමයන්ගේ අනුස්මරණය නිසා.
මම වගේ තව කුමාරගම රසිකයො ඉන්නවද?ලකී වික්‍රමසිංහhttp://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.com7tag:blogger.com,1999:blog-7527175917552817333.post-12878350575585466282011-11-26T23:33:00.003+05:302011-11-27T00:09:29.515+05:30ඔබ "ආදරය කරන කෙනෙක්" සහ "ඔබ ප්‍රිය කරන කෙනෙක්" අතර වෙනස
මේක මූණු පොත හරහා මම දැකපු දෙයක්.බොහෝ දෙනෙක් මේක කියවලා ඇති කියලා හිතුණත් මේ කරුණුවල සත්‍යතාව ගැන කිසිම සැකයක් නැති නිසා වගේම පළමු කියවීමෙන්ම මගේ සිත ආකර්ශණය කළ මේ ලිපිය නොදුටු අයත් ඉන්න පුළුවන් නිසා මේක ලියන්න හිතුනා.
ඔබ "ආදරය කරන කෙනෙක්" සහ "ඔබ ප්‍රිය කරන කෙනෙක්" අතර වෙනස.
ඔබ ආදරය කරන කෙනා ඉදිරියේදී ඔබේ හදවත වේගයෙන් ගැහෙන බව ඔබට දැනෙනු ඇත.නමුත් ඔබ ප්‍රිය කරන කෙනෙකු ඉදිරියේ ඔබට දැනෙන්නේ සතුටකි.
ඔබ ආදරය කරන පුද්ගලයා ඉදිරියේදී ඔබට ශීත ඍතුව වසන්තයක් මෙන් දැනෙනු ඇත. නමුත් ඔබ ප්‍රිය කරන පුද්ගලයෙකු ඉදිරියේදී ශීත ඍතුව සුන්දර ශීත ඍතුවක් සේ දැනෙනු ඇත
ඔබ ආදරය කරන පුද්ගලයාගේ දෙනෙත දෙස බැලීම අසීරුය.නෙත් හමුවූ විට ඔබේ කොපුල් රත් පැහැ ගැන්වෙනු ඇත. එහෙත් ඔබ ප්‍රිය කරන පුද්ගලෙකුගේ දෙනෙත දෙස කෙලින්ම බලා සිනාවීමට ඔබට හැකිය.
ඔබ ආදරය කරන පුද්ගලයා ඉදිරියේදී ඔබේ මනසේ ඇති සියළු දේ පැවසීමට නොහැකි නමුත් ඔබ ප්‍රිය කරන පුද්ගලයා ඉදිරියේදී ඕනෑම දෙයක් කීමට ඔබට හැකිය.
ඔබ ආදරය කරන පුද්ගලයා ඉදිරියේ ඔබ ලජ්ජා වන නමුත් ඔබ ප්‍රිය කරන පුද්ගලයා ඉදිරියේ ඔබට ඔබම විය හැකිය.
ඔබ ආදරය කරන පුද්ගලයා හඬන විට ඔබත් ඒ සමඟම හඬනු ඇත. එහෙත් ඔබ ප්‍රිය කරන පුද්ගලයා හඬන විට ඔබ සනසමින් ළඟ රැඳෙනු ඇත.
ඔබ ප්‍රිය කරන පුද්ගලයෙක් සමඟ අමනාප වූ විට දෙකන් වසා ගැනීම සෑහෙන නමුත් ඔබගේ ආදරය බිඳුණු විට දෙනෙත් වසාගත්තද ඔබේ හදවතෙහි කඳුළක් නිදන්ව තිබෙනු ඇත.
ලකී වික්‍රමසිංහhttp://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.com11