Showing posts with label ස්තුතිය.. Show all posts
Showing posts with label ස්තුතිය.. Show all posts

Tuesday, May 18, 2010

බ්ලොග් කරන්නට උදව් දුන්න හැමෝටම මගේ ප්‍රණාමය!

මේ බ්ලොග් එක නිල වශයෙන් විවෘත කරන්න කලින් මම කීප දෙනෙක්ට ස්තුති කරන්න ඕනේ. මුලින්ම මගේ ඕෂධ මල්ලිට. සිංහල ෆොන්ට් ටික හරියට ඉන්ස්ටෝල් වෙන්නෙ නැති වුනාම දුරස්ථව මගේ පරිගණකයට රිංඟලා ලොකු වැඩ ගොඩක් කරලා දුන්නෙ එයා තමයි.( කොහොමත් මගේ පරිගණකයත් අයිතිකාරයා වගේ තමයි. ලේසිම දේවල් තමයි අමාරු කරගන්නේ)
ඊළඟට මගේ ෆ්‍රෙන්තො සචිත්. එයා තමයි මේ යුනිකේත පරිවර්තකය හොයලා දුන්නේ.
ආයෙමත් මම කවදාවත් දැකලා නැති, නාඳුනන කසුන් නදීශන කියන බ්ලොග් ලේඛකයාට ස්තුති වෙන්න තමයි ටෙම්ප්ලේට් ටිකයි, සිංහල බ්ලොග් ගැනයි අවබෝධයක් ආවේ.
රශ්මිල මල්ලි තමයි මුලින්ම හොඳ නරක කියන්න එකතු වුනේ.

ඔයලා ඔක්කෝටම පිං සිද්ද වෙන්න මෙන්න මම බ්ලොග් කරන්නයි යන්නේ!
:)