Showing posts with label හැඳින්වීම. Show all posts
Showing posts with label හැඳින්වීම. Show all posts
Thursday, September 2, 2010
මම සහ මම
බ්ලොග් අඩවිය පටන් ගත්තට විභාගෙ නිසා කිසිම දෙයක් එකතු කරන්න බැරිවුණානේ. ඔන්න අද ඉඳලා නම් කොහොම හරි ලියනවා. මුලින්ම මම ගැන කියනවනම් මම ඉස්සර ගොඩක් පොත් කියවපු, ඒ වගේම නිතරම ලියපු කෙනෙක්. ඉස්කෝලෙ යන කාලෙ මම සාහිත්‍ය කටයුතු සඳහා ටිකක් විතර ප්‍රසිද්ධව හිටියා කියමුකෝ. හැබැයි මොනවා වුණාද මංදා කාලයත් එක්ක පොත් මගෙන් ඈත් වුණා. සිංහලෙන් බ්ලොග් ලියන කණ්ඩායමේ බ්ලොග් කියවනකොට මට ආයිමත් අළුත් පණක් එනවා. ඉතින් මමත් අද ඉඳන් ලියනවා. හැබැයි අර ඉස්සර වගේම ලියන්න ටිකක් කල් යයි. ඔයාලා මාව පිළිගනී කියලත් මාව ධෛර්යමත් කරයි කියලත් මම විශ්වාස කරනවා. හසිත සහෝදරයගේ සුභ පැතුමට බොහොම පින්. මගේ ලිවීම් වල ගුණදොස් ඕනෑම දෙයක් පෙන්නල දෙන්න. මට ඒවා හරිම වටිනවා.මම ඒවා සතුටින් භාරගන්නවා.
Subscribe to:
Posts (Atom)