"පැතුම්, අරිසෙන් අහුබුදු මහත්තයා කියන්නේ කවුද?"
"ම්..ම්ම්..."
හද හදා හිටපු ගාණෙන් පෑන ඉවතට ගත්ත පැතුම් මා දිහා බැලුවෙ "මේ මොකක්ද මේ ඇහුවේ?" කියලා හිතන ගමන් බව මම දන්නවා. හැබැයි එයාගේ මූණේ තිබ්බ ප්‍රශ්නාර්ථ ලකුණ තත්පරෙන් දශම ගාණකදි අයින් කරගන්න පැතුම්ට පුළුවන් වුණා. ඊ ළඟට කට කොනකට පොඩි හිනාවක් ආවා.
මේ ළඟදි ඉඳලා කවුරුහරි ලොකු අයියා කෙනෙක්ව අනුකරණය කරන මේ අටේ පන්තියෙ කොලු ගැටයා එයාගේ "අයියෝ අපි නොදන්න දෙයක් තියෙනවද?" බැල්මට මූණ හදාගෙන මං දිහා බැලුවා.
"හරි මං දන්නවා"
"කවුද එහෙනම්?"
"එයා ජාතික වීරයෙක් නෙ?"
කණා පාර හරියයිද කියන සැකේ සේයාව ඇස්වල තියෙනවා.
"ම්..ම්ම් විස්තර කරමු බලන්න?"
ලැජ්ජාව... සැකය.... ආයිමත් අර "ලොකු අයියා " බැල්ම...
මම එයාගේ උත්තරේ වැරදියි නොකිව්ව නිසා කොල්ලා පරණ උත්තරේ වෙනස් නොකරන බව මම දන්නවා.
"එයා අර ඉංග්‍රීසින්ට විරුද්දව සටන් කලානේ?"
මගේ මූණේ සිදුවෙන වෙනස්වීම් සියුම්ව අධ්‍යයනය කරමින් පැතුම් කියනවා.මගේ මූණේ එක ස්නායුවක්වත් එයාට උදව් කළේ නම් නෑ.
"පින්තූර නම් දැකල තියෙනවා. වැඩිය විස්තර මතක නෑ"......
චේතිය රජ්ජුරුවෝ පරාදයි.
"කොහොමද පෙනුම?"
"ඒ කිව්වේ?"
"හැඩහුරුකම්?"
දැන්නම් කොල්ල හොඳටම හිරවෙලා. අඬනවද හිනාවෙනවද හිතාගන්න බැරුව හිටපු මගේ කට කොනකට පොඩි හිනාවක් ගියා.
"ඇයි?"
"නෑ කමක් නෑ. කුමාරතුංග මුණිදාස මහත්මයා කියන්නේ කවුද ? "
ළමයගේ මූණ එළිය වැටුණා.
"මම දන්නවා.අර කවි ලියන කෙනෙක් නේ... තව ළමා පොතුත් ලියනවා.."
"අර මම කියපු නම ලියාගන්නකෝ. ගෙදර ගිහින් හොයලා බලල මට විස්තර ටිකක් හොයාගෙන එන්න"
"ලියාගන්න ඕනෙ නෑ. මට මතකයි නම"
"කමක් නෑ ලියාගන්න. ඔය ගණන් පොතේ උඩම ලියාගන්න. පොත ගෙදර ගිහින් පෙරළනකොට එක දකිනවනේ."
"නෑ පැතුම් වු යන්න නෙවේ "හු" යන්න."
"ඉතින් මම කොහොමද මෙයා ගැන විස්තර හොයාගන්නේ? එයා ගැන ලියල තියෙන පොතක් අපේ ගෙදර නෑ නේ."
"මේ ටිකේ සති අන්ත පුවත්පත් සහ දිනපතා පුවත්පත් කියවන්නකෝ. විස්තර හම්බුවෙයි"
මේ සංවාදය සිද්ධවුණේ දැනට පැය දෙකකට විතර ඉස්සර. මේක කියවන අයට නම් රස කතාවක් වුණත්, එකපාරටම මේක අහද්දි දකිද්දි හිනා ගියත් මේක මට නම් පේන්නේ මහා අසුභ පෙර නිමිත්තක් විදිහටයි.ඔයාලට මේ ගැන හිතෙන්නේ මොනවද? මේ තත්වයට ඔයාලා දකින විසඳුම මොකක්ද? එක් එක් පුද්ගලයා විදිහට අපි මේකට කළයුතු පිළියම මොකක්ද?
මාර්ක් සකර්බර්ග් කියන්නේ කවුද කියලා අහන්න. අන්න එතකොට උත්තරේ කියයි.
ReplyDeleteඕක තමයි වෙලා තියෙන්නේ. හැමෝටම නෙවෙයි, බහුතරයකට තියෙන්නේ පොතේ දැනුම විතරයි. උගන්නන දේ ගිලිනවා වමාරනවා. එතනින් එහාට හිතන්න සමාජේ දෙන්නේ නෑ.
@ රොබින් :ඒ කතාව ඇත්ත. මේ ළමයි ප්‍රවෘත්ති බලන්නේවත් නෑ. හැබැයි අර වැල් ටෙලිනාට්‍ය වල තියෙන චරිත වල නම් විතරක් නෙවේ ඒවයේ රඟපාන මිනිස්සු ගැනත් මාර උනන්දුයි.දවසක් මම කිව්වා පත්තරයක් වත් කියවන්න කියලා සිංහල හදාගන්න ඕනෙනම්. මිනිහ දීපු උත්තරේ තමයි "පත්තර බලන්නේ සීයල නේ" කියන එක. අම්මලටත් වෙන මුකුත් ඕනෙ නෑ. එයාල හිතන්නේ ඉස්කෝලෙකට යැව්වොත් ඔක්කොම හරි කියල.
ReplyDeleteමූණුපොතේ බාන් බඩී ගහමු මල්ලියේ.
ReplyDeleteඇත්තටම මේ කියලා තියනවා වගේ හිනා වෙන්න නෙවෙයි අඬන්න තමා වෙන්නේ ඉස්සරහට.ඉදිරි පරපුර විතරක් නෙවෙයි මේ අපි අපිමත් අපේ ඉතිහාසය අපේ කම ගැන දන්නේ ඉතාම අල්පයයි.
ReplyDeleteඅරිසෙන් අහුබුදු යුද්දෙට ගිය කෙනෙක් තමයි. ඒ එයාගෙ නම් වලින් බහුතරයක් යුධ මෙහෙයුම් නම් කරපු නිසා. රිවිරැස, ජය සිකුරු, සත් ජය වගේ ඔය ගොඩක් නම් එතුමගෙ. පස්සෙ පස්සෙ ඉත්ං මනුස්සය විතරයි වෙන්න ඇති මේ රටේ නම් දැමීමෙන් ජීවිකාව හොයාගත්ත එකම කෙනා. කොහොම උනත් ළ්මයි ඔය විදියට හිතීම ඕක එදත් අදත් හැමදාම රටේ තත්වෙ තමයි!
ReplyDeleteඅපොයි දෙයියනේ........
ReplyDeleteහැබැයි මිනිහා ස්කූබි ඩූ ගැනනම් දන්නවා ඇති!
පොඩි එවුන්ට දොස් කියන්න ලේසියි. ඔක තමයි හෑදාමත් කෙරෙන්නෙ.
ReplyDeleteරූපවහිනියෙ සහා මුද්‍රිත මාද්යෙ ඒ වෑනි පුද්ගලයින් ගෑන සඳහන් වෙනව අඩුයි නේද?
සින්හල සාහිත්ය ගෑන උන්නන්දුවක් දක්වන කෙනෙක් හෑටියට, මෑදිවියෙ මමවත් අරිසෙන් අහුබුදු ගෑන වෑඩියෙ අහල නෑ, නම් දාන්න දක්ශ්යි කියනව ඈරෙන්න.
(ටයිපින් වෑරදි යුනිකොඩ් පරිවර්තකයෙ සීමාවක් නිසාය, අලුත් එක්ක සොයමින් සිටිමි)
@Thilina Madhushankha :වෙන මොනව කියන්නද?
ReplyDelete@ පූසා:හිකිස් කිව්වලු! :)
@ඉන්දික උපශාන්ත : ඔව් ඒ කතාව ඇත්ත, ඒ වගේම ජාතික වීරයෙක් කියපු කතාවත් මට හිතෙන විදියට ඇත්ත, ඒ නිසා තමයි මම කිව්වෙ එයාට තව පැහැදිලි කරන්න කියලා. :)
@Dhayal Bathee :සහතික ඇත්ත තමයි. මමත් ළමයට නෙවෙයි දොස් කියන්නේ. අනිත් එක මම හිතන්නෙ නෑ හැම කෙනාම හැම දෙයම දැන සිටිය යුතුයි කියලා. ඒත් මහත්මයා මේ ළමයි අඩුම තරමෙ පත්තරයක් බලන්නෙ ප්‍රවෘත්ති අහන්නෙ බලන්නෙ වත් නැති එක මොන තරම් ඛේදවාචකයක්ද?
ඕක අපේ මාධ්‍යවල තියන වැරැද්ද වගේම දෙමවුපියන්ගෙත් වැරැද්ද, දෙමවුපියෝ දැන ගන්න ඕන දරුවන්ට ඔය වගේ දේවල් ඉගෙන ගන්න පුලුවන් පොත් පත් හුරු කරන්න වගේම උඩ කියලා තියනවා වගේ දිනපතා පත්තර කියවන්නත් ....
ReplyDeleteපොඩි උන්ට විතරක් බැනල වැඩක් නැ...
ReplyDeleteඑතුම අපෙන් සමු ගත්ත වෙලාවේ... තමුන්ගේ දරුවට නම තිබ්බ නේද කියලවත් හිතල... අවසන් ගරු බුහුමන් දක්වන්න ගියේ එතුමාගේන් නම් තබාගත්ත අයගෙන් කී දෙනෙක් ද ?
මෙන්න දන්නේ නැති වැඩිහිටියන්ටත් එක්කල දැන ගන්න ....
http://ahubudu.com/life.html
මමත් නොදන්න දෙය්ක් සටහන් කලාට "ඉන්දික උපශාන්ත" මහත්මයාටත් පින්..
තවමත් එතුමාගෙන් වුණු සේවය එතුමාගේ දියණිය කරගෙන යනවා. මම ගාව එතුමගේ දුරකතන අංකය තියෙනවා කියලා දන්න අය එහෙම උවමනාවක් වුණු අය කීප දෙනෙක්ම මට සම්බන්ධ කරලා තියෙනවා. මමත් එයාලට දුරකතන අංකය ලබාදීලා තියෙනවා :)
ReplyDelete