Saturday, December 31, 2011
ඔබේ කවිවල අරුත ගැඹුරුය-එහෙත් හදවත තරම් මිහිරිය
”වනපෙත දැවෙන විට වැද මළ හිරුගෙ රත
ගනඳුර වසන විට ආලෝකයෙහි නෙත
සඳරැස් ගලන විට තෙරපී සෙවණ මත
එක දෙවියෙක් නොවේ දාහක් එතැන ඇත”
මේ කවිය මුලින්ම මගේ නෙත ගැටුණේ මගේ වයස අවුරුදු දහයක් දොළහක් තරම කාලයේදීය. එදා සිට අද දක්වාම මේ කවි පද කිහිපය මා රැගෙන යන්නේ අමුතු චමත්කාරජනක ලෝකයකට. මම කුමාරගම රසිකයෙක් වුණේ එහෙමයි.
කොළඹ යුගයේ බොහොමයක් කවිවල නොදකින අව්‍යාජ්‍යත්වයක් කුමාරගමයන්ගේ කවි වල මම දකිනවා. ඒ බොහොමයක් කවි එදා මම මොනතරම් කියෙව්වද කියතොත් මට ඒවා කටපාඩම් හිටියා. මායා, අයියනායක, වලස් දඩයම වගේ කවි පන්ති වල තිබුණු දයාව වේදනාව, මගේ හදවතට අදටත් ළඟින්ම දැනෙනවා.
මේ වසරේ අවසාන සටහන කුමාරගමයන් ගැන වෙන්න ඕනෙ කියලා මම තීරණය කරලා තිබුණේ තිස් වෙනිදාට යෙදෙන කුමාරගමයන්ගේ අනුස්මරණය නිසා.
මම වගේ තව කුමාරගම රසිකයො ඉන්නවද?
Subscribe to:
Post Comments (Atom)
මේ වෙලාවේ නො කොමෙන්ට්ස්, ස්ටිල් සෙලිබ්රේටින්
ReplyDeleteලස්සණයි කවිය.
ReplyDeleteපවුලේ සැමට සුබම සුබ නව වසරක් වේවා!
මම නම විමලරත්න කුමාරගමගෙ එකතුකල කවි කියන මුලු පොතම කියවල තියෙනව.... මම ඒ ඔක්කොම කවි වලින් කැමතිම කවි පදේ තියෙන්නෙ ඔය කවි පංතියෙ....
ReplyDelete"මා නොකෙරුවත් නොකෙලෙමි එය ගැරහීම"...
එතුමා, අපි දැන් ප්‍රාදේශීය ලේකම් කියන, ඒ කාලේ ඩී ආර් ඕ කියන, තනතුර හෙබවූ කෙනෙක්. මම පුත්තලම ප්‍රදේශයේ රාජකාරි කරද්දී එහෙ ගැමියන්ගෙන් විස්තර දැනගත්තේ. අපි පාසල් යන කාලයේදී කියවපු ඒ කවි කොතරම් මිහිරිද? එතුමාට නිවන් සුව ලැබේවා.
ReplyDeleteමම කැමතිම කවියා.
ReplyDeleteඔබතුමාගෙනුත් මම උදව්වක් ඉල්ලනවා,
ReplyDeleteපුළුවන් නම් මීමන් ප්‍රේමතිලකගේ "සොහොන්බිම" කවි පෙල දාන්න :)
සයිබර් සහෘදයන් හැම දෙනාටම සුබ නව වසරක් වේවා! කමෙන්ටු වලටත් ස්තුතියි!
ReplyDelete@Gordonia ceylanica : ඔබ වෙනුවෙන් ළඟදීම ඒ කවි පන්තිය පළ කරනවා (කොටස් විදිහට හරි )
:)