
අපි හුඟක් දෙනෙක් ලිපි යවන කොට පාවිච්චිකරන වචනයක් නෙ Sincere කියන එක. ඔන්න ඊළඟ දවසේ මේක ලියන කොට මතක තියාගන්න ඒ අපි ලියන්නෙ අපේ ලියුමෙ ඉටි ගෑවිලා නෑ කියන එක කියලා! :)
ඇත්තටම විශ්වාසී, අවංක වගේ තේරුමක් දෙන මේ වචනය ලතින් භාෂාවෙන් ව්‍යුත්පන්න වුණු වචනයක් කියලා තමයි සැලකෙන්නේ. ලතින් වලින් “sine” කියන්නේ "නොමැති" කියන එක.“cera” කියන්නේ ඉටි වලට,
ඉස්සර කාලේ (ඒ කිව්වේ දහසය වන ශතවර්ෂය තරම් කාලේ මූර්ති නිර්මාණ කරුවො තමන්ගේ නිර්මාණවල පළුදු වහන්න ඉටි භාවිතා කරල තියෙනවා. ඉතින් ඉටි නැති නිර්මාණයක් කියන්නේ තත්වයෙන් උසස් පිරිසිඳු නිර්මාණයකට. එහෙම නිර්මාණවල අර ලතින් වචන දෙක ලියලා නිර්මාණශිල්පියාගේ මුල් අකුරු යොදලා අත්සනක් දාන්න පුරුදුවෙලා ඉඳලා තියෙනවා. මේ පුරුද්ද නිසා බිහිවුණු "Sincere" කියන වචනේ අපි අද ලියුම් වල භාවිතා කරන්නේ අවංකත්වය හඟවන්න.
ඔන්න ඔහොමයි කතාව හැදුනේ!
හ්ම්.. කවදාවත් හිතුවෙ නෑනේ මේ වගේ දෙයක් කියලා ඒකෙන් කියවෙන්නේ.. හී හී..
ReplyDeleteඅදමයි මෙහෙම කතාවක් ඇහුවේ..... :)
ReplyDeleteබොහොම ස්තුතියි දැනුවත් කිරීමට
ගොඩක් ස්තූතියි. මේ ගැන කලින් දැනං හිටියෙ නෑ.
ReplyDeleteවටින කථාවක් ඇහුනෙ. බොහෝම ස්තුතියි.
ReplyDeleteමාත් අදමයි ඒ කතාව ඇහුවෙ.... නියමයි නියමයි. තවත් මේ වගේ දේ ලියන්න හුඟක් වැදගත්
ReplyDeleteමේ කථාවනම් මටත් අලුත්. බොහොම ස්තූතියි,.
ReplyDeleteඇත්තටම වටින කතාවක් ... ස්තුතියි! දැං කාලෙ නම් ලියන්න වෙන්නෙ Notipex කියලා ..
ReplyDeleteYours Sincerely,
ReplyDeleteUncle Oba
අඩේ අදමයි ඔය සීන් එක දන්නේ !!!
ReplyDeleteමාත් රාජකාරි ලියුම් ලියනකොට ඕක දාලා තියෙනවා. ඒත් අකුරු තමා මතක හිටින්නේ නැත්තේ !!
අයියෝ ඇත්තද.... අදනෙ අප්පා දන්නෙ.... :D
ReplyDeleteඅද තමයි නෙත ගැටුනේ බ්ලොග් එක පලවෙනි පාරට!හරවත් යමක් තියන වග පේනවා!දිගටම එන්න බලන්නම්!
ReplyDeleteමම ආවෙ ගාමිණීගෙ විජිතයෙ ලින්ක් එකෙන්. ෂා මම මේ කතාව අහලම නෑ අනිත් අය වගේම. ඉතුරු පෝස්ට් ටිකත් බලන්න හිතාගත්තා.
ReplyDeletehenryblogwalker the Dude
ඒකෙන් නිර්මාන ශිල්පියා කරලා තියෙන්නෙත් තමන්ගෙ අවංකබව පෙන්නපු එකනේ. නියම කතාව මේක නම්
ReplyDelete