විචාරක මහත්තයාගේ වෝටර් පොලිෂ් පාඩම දැකපු දවසේ ඉඳලාම පෙරුම් පුරාගෙන හිටපු මේ වැඩේ අන්තිමට ඉෂ්ඨ වුණේ ගිය සිකුරාදාය. අපරාදේ කියන්න බෑ අපේ තාත්තාත් ඉත සිතින්ම මේ වැඩේට උදව් කළේය. අවුරුදු පහළොවකින් මෙපිට පොලිෂ් කඳුලක් නොදුටු සපත්තු දෙකක් දීමෙන් නොනැවතී පැයක් විතර උත්සාහ කරලාත් ටෝ එක පොලිෂ් වෙන්නේ නැති කොට, පොලිෂ් කරන විදිහ පෙන්නා හොඳ සහයෝගයක්ද දුන්නේය. ඒත් ඉතින් එහෙම පැය ගානක් පොලිෂ් කරපු සපත්තු දෙක යන්තම් ලස්සනට දිස්නෙ වැටුණාම, "අපොයි ඔය මදි, තව පොලිෂ් ලේයර් එකක් එන්න ඕනෙ! කියා අර දිස්නය සම්පූර්ණ නැතිවන පරිදි තව පොලිෂ් තට්ටුවක් ඇතිල්ලූ විට නම් සංසාරේ කලකිරුණි. අන්තිමේදී සැලකිය යුතු තරම් හොඳට දිස්නෙ වැටුණත් තාත්තා නම් කියන්නේ තව මදි කියලාය. ඒත් සෑහෙන කාලෙකින් පොලිෂ් නොකෙරුව නිසා මේ ගාන හොඳය. අන්තිමේදී හිතට මාර සතුටක් දැනුණි. මේ දවස් වල මගේ ප්‍රධාන අවධානය සපත්තුය.ළඟ අහල පහළ යන අයගේත් සපත්තු දෙස බලා ඒවායේ වර්ගය හඳුනා ගැනීමට මෙන්ම, එය වෝටර් පොලිෂ් කළහැකි සපත්තු දෙකක්ද යන්න ගැන මගේ ප්‍රධාන අවධානය යොමුවේ.
වෝටර් පොලිෂ් ගැන මෙන්ම සපත්තු වර්ග ගැනත් කියාදුන් විචාරක මහතාට මෙන්ම සහයෝගය දුන් තාත්තාටද බෙහෙවින්ම ස්තුතියි!
මොකෝ මේ බූට් එක්ක බදාගෙන කරන්නේ..අපෙත් ඉතින් නිතරම ඇහැ ගැටෙනවනෙ බූට්.
ReplyDeleteලකී ඔබගේ බූට් දෙක කෙසේ වෙතත් මේ ගීය නම් ඉතාම වටිනවා. මගේ අද දිනය අහක යන්නේ නැහැ මේ ගීතය උදේම අහපු නිසා. ස්තුතියි මිත්‍රයා! ඔබගේ පැතුම මගේත් පැතුමයි.
ReplyDeleteඒ දවස්වල ටීවි එකෙත් බූට් පොලිෂ් චිත්‍රපටිය පෙන්නුවා තාම මතකයි.
ReplyDeleteලස්සනට පොලිෂ් කොරල තියෙන්නේ. ශා: මරුනේ.
ReplyDeleteබූට් එක නම් නියමෙටම පොලිශ් වෙලා තියෙනවා. මේවගේ පොලිශ් කරන්නෙ කොහොමද කියලා පොඩ්ඩක් කිව්වා නම් අපිටත් ප්‍රයෝජනවත් වෙයි හැබෑටම....!
ReplyDeleteලකීගෙ තාත්තා ආමි එකේද? ඔව් නේ?
ReplyDeleteසෑහෙන මහන්සියක් වුනාට වැඩේ ලස්සනයි නේ? බූට් කෑම්ප් තමයි මතක් වෙන්නෙ.
මම නම් දාන්නෙම ඔය ස්නීකර් වර්ගයෙ සපත්තු හන්දා පොලිෂ් කිරීම ගැන වද වෙන්න ඕනෙ නෑ.
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
අර ජරා සපත්තුව ඔය තරමින් ගොඩ දාගත්තු එකට නම් තෑග්ගක් දෙන්න වටිනව... මාරයිනෙ...
ReplyDelete