හිතන්න ඔබට කෙනෙක් ඉතාම වටිනා දෙයක් දෙනවා.අපි හිතමු ඒ මැණිකක් කියලා. ඔබ ඒ දේ වෙනුවෙන් ඔබේ මුළු ජීවිත කාලෙම කැප කරනවා. ඔබේ නින්ද, ධනය, සමහර විටකදි ඔබේ සතුට පවා කැප කරනවා. තමන්ගේ ඇහැක් වගේ පරිස්සම් කරනවා.හොර හතුරන්ගෙන් විතරක් නෙමෙයි ඉතාම සියුම් සීරීමකින් පවා ඔබ ඒ දේ රැක ගන්නවා.කිසිම ඇද පළුද්දක් නැති ඒ වස්තුවේ වටිනාකම දිහා බලලා ඔබ සතුටු වෙනවා. නැති බැරි වෙච්ච කාලෙක ඔබට හයියට තියෙන්නෙ ඒ වස්තුවේ වටිනා කම කියලා හිතනවා. ඔබේ දහදිය මහන්සිය පල දරයි, දවසක ඒ වස්තුවෙන් සැනසීම උදාවෙයි කියලා හිතෙනවා. හරියටම අවුරුදු 14 කට පස්සෙ , අර දුන්න කෙනාම ඇවිත් ඒ වස්තුව ඔබෙන් එක පාරටම අරන් යනවා. ඔබට මොනවා හිතේවිද?
ඔබ ඒ වස්තුව දීලා ආපහු ගත්තු කෙනාට ප්රිය වචනයෙන් කතා කරයිද? මට මේක මේ අවුරුදු ගාණට පරිස්සම් කරන්න දුන්නා කියා ඔහුට හෝ ඇයට ප්රශංසා කරයිද?
ප්රශංසා කරන්න හිතෙන එකක් නම් නෑ
ReplyDeleteජීවිතේ කොටසක් කරගත්තු හින්ද දරන්න බැරි කාංසියක් දැනේවි
අනේ මේකා ආපහු නාවනං කියලත් හිතේවි අන්තිමට!!!