Tuesday, November 22, 2011

අමරදේවත් ගායකයෙක්ද?

අපේ නාලක සර් එක්තරා සිංදුවක් මූණු පොතෙත් දාලා තව ඒක ගැන බ්ලොග් සටහනකුත් ලියලා තියෙනවා. ඒක දැකලා තමයි මේ කතාව මට මතක් වුණේ.
මේක සිද්ධ වුණේ අපේ ඉස්කෝලෙදි. මේ කියන සිද්ධිය වෙනකොට අපේ පණ්ඩිත් අමරදේවයන්ට රාමොන් මැග්සයිසේ සම්මානය ලැබිලා වැඩි කාලයක් ගතවෙලා තිබුණෙ නෑ.
ඔය කාලෙම භාතිය සන්තුෂ් දෙන්නට මොකද්දෝ සම්මානයක් ලැබුණා මතකද? මේ සම්මානෙන් පස්සෙ තමයි එච්චර කාලයක් සිරසට විතරක් සීමා වෙලා හිටපු මේ යුගලය අර ජාතික කියන මාධ්‍ය වලට නැතුවම බැරි ජාතික තලේ ගායකයො දෙන්නෙක් වුණේ.
අපේ පන්තියෙත් හිටියා සෑහෙන තොගයක් භාතිය සන්තුෂ් රසිකයො. දවසක් අපි අතර ගීත ගැන පටන්ගත්තු කතාවක් ඇදිලා ගිහිල්ලා ටිකක් උණුසුම් වචන හරඹයක් බවට පත් වුණා. අපේ පන්තියෙ සෑහෙන තොගයක්ම හිටියා කළු සුද්දො.කියවන්නේ ඉංග්‍රීසි පොත් විතරයි. බලන්නේ ඊටීවී ඩයිනාවිශන් විතරයි ජාතියෙ සෙට් එකක්.මේ සෙට් එක ඉතින් වාදයේ මොන පැත්තෙද කියලා අමුතුවෙන් කියන්න ඕනැයැ.
වාදය කරට කර නැගලා යන අතරේ මුන් කියාපි,
"අපෝ අමරදේවව කවුද දන්නේ? මැග්සයිසෙ කියන්නෙ පිලිපීනෙන් දෙන සම්මානයක්. ඒක ආසියාවෙනෙ. ඒ වගේද භාතියලට හම්බවුණේ ලෝකෙම පිළිගන්න සම්මානයක්" කියලා. (මතක විදිහ හරි නම් ඒ සම්මාන උළෙලෙ නමට Universal කෑල්ලක් තිබුණා)
එච්චර වෙලා වාද කරපු මම එතනින් අයින් වෙලා එන්න ආවා.
එදායින් පස්සේ මම තේරුම් ගත්තා රසිකත්වය ගැන වාද කරන එකා තමයි අමනයා කියලා.


ප.ලි : නාලක සර්ගෙ බ්ලොග් අඩවියෙ සාධනීය වෙනසක් සිද්ධවෙලා තියෙනවා.කැමති අය ගිහින් බලන්නකෝ.දැන් යන්තම් බ්ලොග් එක follow කරන්නත් පුළුවන්.

6 comments:

  1. එක එක අයගේ රසිකත්වයනම් විවිධයි.. ඒ නිසාම ඒ වගේ මතෘකා ගැන වාද විවාද කරන එක එච්චරනුවනට හුරු නෑ තමයි

    ReplyDelete
  2. හොටං පයිසි පං එක දැනිලා හොයි හොයි........... අනේ එච් යූ කේ ඊ

    ReplyDelete
  3. එක එක අයගේ රසිකත්වය විවිධාකාරයි වගේම කාගෙවත් කැමත්තකට අපිට මුකුත් කියන්න අයිතියක් නම් නැ ඔන්න... මොකද ඉතින් ඒක එයාලගේ කැමත්ත මිසක් අපේ එක නෙමේනේ...

    ReplyDelete
  4. අනේ මන්දා ඒ දෙන්නාට එහෙම එකක් ලැබුනාද කියලාත්. ඔය සම්මානය ලැබුනාය කියන උළෙල ඒ දවස් වල පතුරු යවමින් සිරසේ එහෙම පෙන්නුවානේ. මනුසත් කුලේ.... කිංග්ස්ලි රත්නායක රචනා කරපු ගීය තමයි වැඩියම ගියේ. හැබැයි සම්මාන උළෙලලටම හිටියේ මිනිස්සු 20කටත් අඩු ගණනක්. එකම රූප රාමු ටික තමයි පෙන්නුවේ දිගටම. ඒ රූප රාමු අනුව නං ඉතිං මට ඒ කාලේ හිතුනේ වෙන වෙන එව්වා. :D

    ReplyDelete
  5. රසිකත්වය තියන එක මනුස්සයෙකුට බලෙන් දෙන්ඩ බැරි දෙයක්නෙ .... ඔයා කියනව වගේ ඒ ගැන වාද කරන්ඩ යන එක මෝඩ කමක්...ඒත් මට තාමත් හිතා ගන්ඩ බැරි අමරදේවයන් හා භාතිය සන්තුෂ් දෙන්න සංසන්දනය කරල එයාලට හම්බ වුණ සම්මානය පදනම් කරගෙන කොහොමද එයාලගෙ ගායන හැකියාව ගැන ඒ ළමයි තීන්දු කලේ කියල තමයි

    ReplyDelete
  6. මැග්සයිසේ ත්‍යාගයට ආසියාවේ නොබෙල් ත්‍යාගය කියලා කියනවා කියලා මම පත්තරේක දැක්කා :)

    ReplyDelete