"වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අබිමන්" කිව්වා වගේ මෙච්චර කාලයක් කවදාවත් මගේ ඔළුවට ලියන්න හිතුණෙ නැති ඒවා දැන් හිතෙනවා.ගහක් කොලක් දැක්කත් ඒක ගැන බ්ලොග් එකක් ලියන්න හිතෙනවා.අනිත් එක ඉතින් වැඩිය කමෙන්ට් නොකළට සහ ලැබෙන සුළු විරාමයකදි කම්මැලි කමට ගූගල් එකවුන්ට් එකට ලොග් නොවී ඇනෝ කමෙන්ට් දැම්මට, දවසට තුන් හතරවතාවක් කැරකිලා එන මාර අයියගෙ, විසිතුරුගේ,නාලක සර් ගේ, දේවා ගේ, ජනූ අක්කගේ ආදී මහා දිග ලැයිස්තුවකගේ බ්ලොග් ටික නොබලා ඉන්නෙ කොහොමද කියලා මගේ හිත පෙරළි කරනවා.
මම නම් බ්ලොග් අවකාශයේ එච්චර ප්‍රසිද්ධ කෙනෙක් නෙවේනේ. අනිත් එක ලියන්නෙත් අවාරෙට පොල් වැටෙනවා වගේනේ. ඉතින් මම නැති අඩුව කාටවත් දැනෙන එකක් නෑ. ඒත් මට නම් හුඟක් දැනේවි. ජීවිතේ හුඟක් දේවල් මේ වගේ තමයි.දුරස් වෙනවා කියලා දැනෙන කොට තමයි තේරෙන්නේ මෙච්චර ළං වෙලා තිබුණද කියලා.
අනිත් එක මේ බ්ලොග් අවකාශය නිසා ආත්ම ගාණකින් ඉගෙනගන්න තියෙන ජීවිත අත්දැකීම් ඉගෙන ගන්න ලැබෙනවා.අර මාර අයියගේ, නෝටි මල්ලිගේ කතා කියවලා දවස් ගානක් ගිහිල්ලත් මගේ ඔළුවෙ හක්කලං කරනවා.
අනේ මන්දා මොකද කරන්නේ කියලා?
යනවද? ඉන්නවද? යනවද? ඉන්නවද?
කොහේ යන්නද අනේ ඉන්න
ReplyDeleteදැන් මොකද වෙන්නේ එතකොට ???
ReplyDeleteනෑ මම බ්ලොග් එක දාලා යන්නේ නෑ. ගිම්හානි සහෝදරියටත් හසිත සහෝදරයාටත් ස්තුතියි. :) ඉන්තේරුවෙන්ම නවතිනවා කියන තීරණය ඉස්තිර වුණේ හසිත මල්ලි ඇවිත් ඉන්නවා දැක්කමයි. මම බ්ලොග් අවකාශයට ආපු මුල්ම වෙලාවෙ කවදාවත් නොදැකපු මට දිරි දුන්නේ හසිත මල්ලියි. ඒ වගේම හසිත මල්ලිගේ බ්ලොග් සටහන මම ඉතාම ප්‍රිය කරන එකක්.
ReplyDeleteස්තුතියි මාව අගය කළාට...........
ReplyDeleteමානිවත්ත අභික්ඛම කියලා වැඩ කරන්න තියෙන්නේ දැන් එහෙමනම් :)