
සෑමදා දුටු දසුන් තුළ වුව ඇතිවුණා නව මිහිරියාවක්
එදිනෙදා සිදුවූ දෙයක වුව මතුකළා රස බර කතාවක්
දෙනෝදාහක් අතර සිටියද සිතට දැනෙනා හුදකලාවක්
සමඟ තනිවෙමි මුවඟ රඳවා හදවතින් නැගෙනා සිනාවක්
දින පුරාවට මනස වෙහෙසූ විඩාබර මතකයන් ගොන්නට
ඉසිඹුලන්නට එකම මොහොතක් ජීවිතය රිසි සේ විඳින්නට
මඟ බැලූයෙමි රුව දකින්නට නැතොත් කටහඬ හෝ අසන්නට
ඔබේ දෙනෙතින් ලොව දකින්නට ඔබේ සවනින් ලොව අසන්නට
දුර නොයා ළඟ නැවතුණත් ඒ පැමිණි මඟ සිත නිවාලයි
ඔබ සිටින තැන එදා වාගෙම අඳුර බිඳලන දවාලයි
පෙරදි දුටු ඇස වෙනස් වූ මුත් ඉතින් හද දුක් හමාරයි
හිමි නොවී අහිමිව ගියත් ඔබ ජීවිතය වී හමාරයි
වින්ඳෙමි .. !!
ReplyDeleteනියමයි නියමයි...
ReplyDeleteLASSANAI
ReplyDeleteහැඟුම් බරයි . ලස්සනයි .
ReplyDeleteසුන්දර සිතිවිල්ලක් .
ReplyDeleteමම පළමු වතාවට අදයි මේපැත්තෙ ආවේ..
ReplyDeleteලස්සන කවි පන්තිය හැබැයි ටිකක් ගීතවත් ස්වරූපයක් තියෙනවා.
වෙන කාව හරි ජීවිතේ කරගන්න හරි විශේෂ කරගන්න හරි යන එක හරි අවදානම්
ReplyDeleteලස්සනයි ,හිතට වදින කවියක් ....
ReplyDeleteලස්සනයි.සුන්දරයි.
ReplyDelete//හිමි නොවී අහිමිව ගියත් ඔබ ජීවිතය වී හමාරයි // මේ කෑල්ලෙන් මුළු කවි පන්තියම කියන්න පුළුවන්....
ReplyDelete