Friday, October 26, 2012

ඩූඩ් සහ තිස්ස මහත්තයා වෙතටයි,


පහුගිය ටිකේම වැඩ අධික වෙලා තිබුණාට අමතරව ලකියා හිටියේ ලෙඩ ගානෙ. අන්තිමට තමයි ලකියා ලෙඩ වෙන්නත් ඈලි මෑලි වෙන්නත් තව පොඩ්ඩෙන් තට්ට බබෙක් වෙන්නත් හේතු වෙන්න තිබුණෙ යකඩ නැති කම කියලා හොයා ගත්තේ. දවස ගානෙ කන මලකඩ කාපු දිරච්ච පරාල ඇණ තොගේ දිහා බැළුවම ලකියාටම පුදුමයි මේ වෙච්චි අල කලංචිය.ඒත් ඉතින් මොනවා කරන්නද? උන්න හැටියට මළා මදෑ කියලා දැන් ඉතින් දවස ගානේ ලස්සන පෙති දෙකක් බොනවා.
පහුගිය ටිකේ ලියන්න තරම් හිතට වගේම ගතටත් පණක් තිබුනෙ නෑ. ඒත් මම ඉතින් පුරුදු පරිදි බ්ලොග් සංචාරයේ යෙදුණා. කමෙන්ට් දැම්මත් නොදැම්මත් මගේ ප්‍රියතම අඩවි වල කරක් ගහලා ආවා.ඔය අතරෙ තමයි මගේ ප්‍රියතම අඩවියක් වන හද ගී පොතේ තිස්ස මහත්තයාගෙන් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් ආවෙ. ඒක නම් අදහගන්න බැරි පුදුමයක්.තිස්ස මහත්තයා මගේ කමෙන්ට් වලට උත්තර දීලා තිබ්බ හැටියට මූණු පොතේ මාව අඳුරගත්තෙ කොහොමද මන්දා? හිතට ලොකු සතුටක් දැනුනා. ඒ නිසා ආයිම වතාවක් මගේ මකුළු දැල් බැඳිච්ච අඩවියටත් ගියාම දැක්ක මේ කමෙන්ට් එක නිසා මගෙ ඇස් වලට කඳුළු ආවා!

Blogger Dude said...
ඇයි බං ලකී මේකෙ මොකුත් ලියන්නෙ නැත්තෙ? උඹට මොකුත් අවුලක්ද?
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
October 4, 2012 9:33 PM







රයිගම ගේ විදිහට කිව්වොත් මගේ "පතෝල හොද්ද" ටත් කැමති කවුරු හරි ඉන්නවා වගේ! ඒකම මදෑ.
ඔන්න මම ආවා!

6 comments:

  1. ඒහෙනම් ලියන්න පටන් ගමු
    ඔන්න මාත් කිව්වා

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මාත් ඔබේ ලිපි කියවනවා . ලස්සන අදහස් . ඉතින් ලියමුකෝ ආයේමත් .

    ReplyDelete
  4. හනේ දෙයියනේ.... :-(

    ලංකාවේ කාන්තාවන් ගොඩ දෙනෙක්ට නීරක්තිය තිබෙන හැඩයි..

    මොනව වුණත් නීරෝගී සම්පත්තිය ඉත සිතින් ප්‍රාර්ථනා කරමි..

    "දවස ගානෙ කන මලකඩ කාපු දිරච්ච පරාල ඇණ තොගේ දිහා බැළුවම.." මේකටනම් සෑහෙන්න හිනා ගියා... :-)

    "පිපි කුසුමෙහි මල් මුවරද වෙත එන බිඟු සේමා
    නිති ගෙවුයණ වැද රද දුන් පැණි සමණල සේනා
    සපැමිණ උන් වෙණ වැයූ - ඔබ අසලම ගී ගැයූ"

    යාලුවෝ ආයේ ඒවි නොවරදවා - ලියමු ලියමු
    ජය!!!

    ReplyDelete
  5. අනේ බං ලකී සමාවෙන්න ඕනෙ පරක්කු වුනාට. මගෙ බ්ලොගර් අවුලක් තිබිලා හුඟක් දේවල් අප්සෙට් වෙලා තිබ්බෙ පහුගෛය සති කීපයේ. මට මගෙම බ්ලොගට කමෙන්ට් එකක් දාන්න බැරුව පුතාගෙ කම්පියුටරෙන් ඒකත් කලේ.

    ඉතින් දැන් හොඳයිද ලකී? නිවිති, හාල් මැස්සො, හෙම කැවනම් හරි
    නිරෝගී සුව!
    ලොකුම දෙයක් උඹ ආපහු ආපු එක. දැන් ආයෙ මිස් නොවෙන්න ඔන්න ආයෙම මගෙ බ්ලොග් රෝල් දෙකේම එල්ලුවා.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete