දැන හැඳුනුමක් නොවුනත් කිසිදිනක අපේ
අදටත් සිහිව නෙතඟට කඳුලක්ම නැඟේ
නො එනා බවම දනිතත් යළි කිසිම දිනේ
පිළිගන්වනු කෙලෙස ඒ බව හිතට මගේ
අළුතින් යමක් ලියු විට නිතරම පැමිණ
යළි යළි බලන විට ලත් පිළිතුරු ගණන
ඒ අතරෙහි ඔබේ නම ඇති යැයි සිතෙන
නිශ්ඵල සිතුවිල්ල නැත පහ වී තවම
සමහර විටදි නව ලියුමක් ඇතෙයි සිතා
විටින් විට වැදී ඔබෙ අඩවියට ඉතා
දුක් වෙමි එකම තැන නැවතී තිබෙනු බලා
"ඇයි නාඳුනන මට මේ හද රිදුම?" සිතා
පෙර යම් දිනකදිත් අපි හමුවෙලා ඇති
මතු යම් දිනකදිත් අපි හමු නොවෙනු නැති
කියලා එන්න බැරි කියලා යන්න බැරි
පුදුමයි ඉතින් මේ අරුමැති සසර සැරි
හ්ම්ම්...මටත් කෙනෙක් මතක් උනා...
ReplyDelete@සයුරි, බොහෝවිට අපි දෙන්නටම මතක් වුණේ එකම කෙනෙක් වෙන්න ඕනෙ.
ReplyDeleteහරි ලස්සන කවි පෙලක්...
ReplyDeleteගොඩක් ලස්සන කවි පංතියක් !!!
ReplyDeleteයථාර්ථයට මුහුණ දෙමු
ReplyDeleteමටනම් මතක් වුනේ නිරීක්ෂකයෙක්ව.
ReplyDeletehenryblogwalker the Dude
@Dude: ඔව් මේ ඒ නිරීක්ෂකයම තමයි. ඔබලා මුණ නොගැහුණත් කතා බහ කර ඇති බව දන්නවා.ඒත් ඔබ තරම් වත් මම දැන හිටියෙ නෑ ඔහුව.
ReplyDeleteමට කවිය ලියපු ඈ මතක් උනා...
ReplyDelete@pasindu gamage :කෙනෙක්ව ජීවිතය කරගන්න. හැමදාම හැම තත්පරේකම මතක් වේවි. :)
ReplyDeleteතාමත් ඇය මගේ ජීවිතේමයි ...
Deleteනාඳුනන හද රිදුමක්..!
ReplyDeleteගොඩක් ලස්සන කවිපෙළක්.. :)
ලස්සනයි.. හිතට දැනෙන පද පෙලක්..
ReplyDeleteඔබා අයියා මතක් වුනා..
ලස්සන කවියක්.. :)
ReplyDeleteඇයි බං ලකී මේකෙ මොකුත් ලියන්නෙ නැත්තෙ? උඹට මොකුත් අවුලක්ද?
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans